තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2018 සැප්තැම්බර් 04, අඟහරුවාදා 12:23

ලෙඩ නොවී සුදු වෙන්න කැමැති අයට... විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(0 මනාප)
ක්ෂණික ආහාර මෙන්ම ක්ෂණිකව ලස්සන වෙන්නට යාමත් ලෙඩ ගොඩකට හේතුවන බව අත්දැකීමෙන්ම දන්නා පිරිස වැඩියි.

 

කොතරම් මේ ගැන දැනුවත් කළත් ඉක්මනින් ලස්සන වෙන්න, දින කිහිපයකින් සුදු වෙන්න කෘත්‍රිම ක්‍රීම්වර්ග ආලේප කරන්න තරම් අවදානම් ගන්න අපේ තරුණියන් පෙලඹිලා. ඒත් ස්වභාවික ක්‍රම මඟින් යම් සුසුදු බවක් ලබා ගන්නට ඔබට පුළුවන්. ඒ සඳහා සති කිහිපයක් ඉවසිල්ලෙන් යුතුව මෙම ප්‍රතිකර්ම සිදුකරන්න.

 

සුසුදු වතකට අකැමැති කාන්තාවක් නැති තරම් ය. කාන්තාවන් පමණක් ම නොවේ, අද තරුණයන් ද මුහුණ සුදුකර ගැනීමට නොයෙකුත් ආලේපන වර්ග භාවිත කරයි. සුදු වෙන්නට ගොස් අහිතකර ආලේපන භාවිතය නිසා විවිධාකාර සමේ රෝග දායාද කරගන්නට සිදු වූ අය අපට ඕනෑ තරම් හමු වී තිබේ. ඒ නිසා කෘත්‍රිම ආලේපන භාවිත කිරීමට වඩා ස්වභාවික ක්‍රම මඟින් සම පැහැපත් කරගැනීම වඩාත් සුදුසු ය.

 

අද අපි කේරළ රහස් මඟින් ඔබට ඉදිරිපත් කරන්නේ ස්වභාවික ක්‍රම මඟින් සුසුදු වුවනතක් ලබා ගැනීමේ රහස් කිහිපයකි.

ආලේපන පරීක්ෂණය

සාමාන්‍යයෙන් ආලේපනයක් භාවිත කිරීමට පෙර එය ඔබට ගැළපේදැයි කියා ඉතා සරල පරීක්ෂණයකින් සොයා ගත හැකිය. මෙහිදී ඔබ ආලේප කිරීම සඳහා තෝරා ගන්නට අදහස් කරන ආලේපනය නහය සහ මුඛය අතර ඇති ස්ථානයේ ආලේපකර විනාඩි 15 ක් පමණ ගිය පසු එම ස්ථානය රතු වීමක්, දැවිල්ලක්, කැසිල්ලක් ඇති වුවහොත් එය ඔබට නුසුදුසු ආලේපනයක් වේ.

  සුදු වෙන්න ආලේපන

 මුහුණේ සම පැහැපත් වීම සඳහා කහ පැහැති දොඩම් ගෙඩි කිහිපයක් ගෙන උණුවතුරින් සෝදා එය සිහින් පෙති කපා තද රස්නයෙන් වේලාගෙන පිටි බවට පත්කර ගන්න. පසුව එයින් මේස හැඳි 2 ක් පමණ ගෙන එයට කොකුම් පොතු තේ හැන්දක් හා මීපැණි තේ හැන්දක් එකතුකර ආලේපනයක් සාදා දිනපතා මුහුණේ ආලේප කරන්න. මෙය ආලේපකර මඳ වේලාවක් ආලේපය වියළෙන තුරු සිටින්න. පසුව මෙය ප්‍රවේශමෙන් ඉවත්කර සිසිල් ජලයෙන් සෝදන්න.

 

මුං ඇට ස්වල්පයක් හා කහ පරිප්පු ස්වල්පයක් ගෙන පොල් වතුරේ දිනක් පමණ පෙඟෙන්නට හැර හොඳින් අඹරා මුහුණේ ආලේප කරන්න. විනාඩි කිහිපයකට පසුව ජලයෙන් සෝදා හරින්න.

 

ඕලු ඇට පිටි මේස හැඳි  2 ක් ගෙන එයට මී පැණි තේ හැන්දක් හා යෝගට් තේ හැඳි 2 ක් මිශ්‍රකර මුහුණේ ආලේප කරන්න. ආලේපය වියළුණු පසුව සෝදා හරින්න.

  

පිරිසුදු අර්තාපල් ගෙඩියක් ගෙන පොතු හැර එම පොතු හොඳින් වේලා බ්ලෙන්ඩ්කර පිටිකර ගන්න. එම පිටිවලට මීපැණි තේහැන්දක් සහ එළකිරි තේ හැඳි 2 ක් මිශ්‍රකර ආලේපනයක් සාදා එය මුහුණේ ආලේප කරන්න. විනාඩි කිහිපයක් මෙය මුහුණේ තිබෙන්නට හැර සෝදා හරින්න.

  

පැය 24ක් එළකිරිවල පෙඟෙන්නට තැබූ ආමන්ඩ් ඇට හොඳින් අඹරා මුහුණේ ආලේපකර වියළුණාට පසුව සෝදා හරින්න.

  

බාර්ලි කුඩු මේස හැන්දක් කඩල පිටි මේස හැන්දක් හාතවාරිය පිටි තේ හැන්දක් මීපැණි තේ හැන්දක් පිපිඤ්ඤා යුෂ මේස හැඳි දෙකක් සමඟ මිශ්‍රකරන්න. මෙම ආලේපය මුහුණේ ආලේපකර විනාඩි කිහිපයක් තබා සෝදා හරින්න.

  

උපදෙස්

ආයුර්වේද රූපලාවණ්‍ය විශාරද

අසෝකා පල්ලියගුරු

සැලෝන් බෙල්ලෙස්සා මහනුවර

923 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 සැප්තැම්බර් 04, අඟහරුවාදා 12:25
අදහස් එක් කිරීමට ලොග් වෙන්න