තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2018 සැප්තැම්බර් 11, අඟහරුවාදා 15:19

උදරය මට්ටු කරන හෙළ ඔසු විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
කොතරම් ව්‍යායාම කළත් ආහාර පාලනය කළත් අඩු නොවන උදරය බොහෝ කාන්තාවන්ට සිත් පීඩා ගෙන දීමට හේතු වේ. මන්ද ශරීරයේ මනා හැඩය නොමැතිවීම කැමැති විලාසිතාවක ඇඳුමක් ඇඳීමට ඇති අවස්ථාව පවා අහිමි කරන බැවිනි.

 

කෙසේ වෙතත් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව උදරය විශාලවීම යන්න රූපයට මෙන්ම ශරීර සෞඛ්‍යයට ද අහිතකර බලපෑමක් ඇති විය හැකියි. එබැවින් දින දින උදරය විශාල වීමක් සිදුවන්නේ නම් ඒ පිළිබඳ විමසා බලා මුල් අවදියේම පිළියම් යෙදීම වැදගත් වේ.

බොහෝ කාන්තාවන්ට ගර්භණී සමයේ ඇතිවන උදරය දරු ප්‍රසූතියෙන් පසුව කාලයක් ගත වුවද යථා තත්වයට පත්නොවීම සිදුවේ. මෙයට ප්‍රධාන වශයෙන් බලපාන කරුණු ලෙස උදරයේ මේදය තැන්පත් වීම හෝ උදර මාංස පේශීවල ශක්තිමත්බව අඩුවීම විය හැකියි.

කෙසේ වුවද ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මේදය උදරයේ ඉදිරිපස බිත්තිවල තැන්පත්වීම යන්න විශාල උදරයක් ඈතිවීමට බලපාන ප්‍රධානතම හේතුව ලෙස හැඳින්විය හැකියි. ව්‍යායාමයෙහි නො යෙදීම, දහවල නින්ද, සිසිල් ආහාර නිතර ගැනීම, අධික පැණි රස ආහාර නිතර ගැනීම, තෙල් අධික ආහාර නිතර ගැනීම වැනි හේතු මත ශරීරයේ මේදස් බහුල වී සෝතස් අහුරා සිටීමක් සිදුවිය හැකි අතර මේ හේතුවෙන් ක්‍රියාකාරී බලය පිරිහීයාමක් ද සිදුවී වෙනත් රෝග රැසකට මුලපිරීමක් ද සිදුවිය හැකි බව දේශීය වෛද්‍ය විද්‍යාව තුළ දක්වා ඇත.

තවද මේතුළින් ශරීරයේ බර වැඩිවී උදරය ඉදිරියට නෙරා ඒම ඇතිවිය හැකිබව ද දක්වා ඇත.

තම පරපුරේ ස්වභාවයෙන් ද මෙවැනි තත්ත්ව ඇතිවීම වෙනත් හේතු නොමැතිව වුවද සිදුවිය හැකියි. උදරයෙහි වාතය පිරීම, අම්ල පිත්තය, මාන්දම, උදර පිළිකා, සිරෝසිස් වැනි රෝගා බාධ, කාන්තාවන්ගේ ගර්භාෂගත රෝග අවස්ථාවල දී ද උදරය විශාල වීමක් සිදුවිය හැකියි. එබැවින් උදරය විශාල වීමේ හේතුව කුමක්දැයි හඳුනාගැනීම ප්‍රතිකාරයට පෙර වැදගත් වේ.

නිසි මලමුත්‍ර පිටවීමක් ශරීරය තුළ සිදුනොවීම මෙවැනි තත්ත්ව ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපානු ඇත.

ඒ සඳහා කෙඳී සහිත ආහාර ලබාගැනීම, කොළ කැඳ පානය කිරීම, ධාන්‍ය වර්ග ආහාරයට ගැනීම, අලුත් එලවළු, පලතුරු, කොළ වර්ග ආහාරයට ගැනීම, දේශීය පාන වර්ග සතියකට වරක් දෙවරක් හෝ භාවිතයට ගැනීම, ජලය හොඳීන් පානය කිරීම, උෂ්ණාධික ආහාරවලින් වැළකී සිටීම වැනි ක්‍රියාපිළිවෙත් අනුගමනය කළ හැකියි.

උදරයේ මාංස පේශී ශක්තිමත් කිරීමට ව්‍යායාම තුළින් හැකි වේ. දේශීය වෛද්‍ය ක්‍රමය තුළ මෙම තත්ත්වයෙන් මිදීමට කෂාය, ගුලි, කල්ක ආදිය අභ්‍යන්තර වශයෙන් ද බාහිර වශයෙන් තෙල් වර්ග හා ආලේපන ද සුදුසු පරිදි යෙදීම සිදු කෙරේ. වෛද්‍ය උපදෙස් මත මේවා සිදුකිරීම ඉතා වැදගත් වේ. බහුලව පවතින අධිකව මේදය තැන්පත් වීම සඳහා පහත ප්‍රතිකාර සිදුකළ හැකියි.

  ප්‍රතිකාර

 *අරළු, බුළු, නෙල්ලි සමව ගෙන කුඩුකර

තබා ගෙන තේ හැඳී ½ ක් නටන

උණුවතුර කෝප්පයකට දමා විනාඩි 10 ක් වසා තබා පෙරා උදේ සවස බොන්න.

* රසකිඳ තැම්බූ වතුර දිනපතා පානය කරන්න.

* ගොරකා ග්‍රෑම් 100 ක් (තම්බාගන්න),

කරපිංචා, සුදුලූනු, ඉඟුරු, කුරුඳු පොතු සමව ගෙන ග්‍රෑම් 100 ක් ගන්න. මේ සියල්ල හොඳින් අඹරා ගුලියක් සාදා තබා වරකට තේ හැඳී ½ ක් පමණ ගෙන කුඩා ගුළි සාදා උණු දිය සමඟ දිනකට දෙවරක් බොන්න. (අවශ්‍ය නම් ශීතකරණයේ තබා ගත හැකියි.)

* වෙනිවැල්ගැට කුඩු, කහ කුඩු, අරළු කුඩු, ලොත්සුඹුළු කුඩු ඇල්දියෙන් අඹරා උදරයේ ආලේපකර පැය ½ ක් තබා සෝදා හරින්න.

 

උපදෙස්

දේශීය ආයුර්වේද වෛද්‍ය,

වෛද්‍යාභිමානී ,

සමිතා ප්‍රභාෂිනී එදිරිවීර

සෙත්පිරි වෙදගෙදර

පෝරේ, අතුරුගිරිය

Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

1112 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 සැප්තැම්බර් 11, අඟහරුවාදා 15:21
අදහස් එක් කිරීමට ලොග් වෙන්න