තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2018 සැප්තැම්බර් 11, අඟහරුවාදා 15:27

ප්‍රිය සාදයකට සැරසෙන්න පියකරු කොණ්ඩ මෝස්තරයක් විශේෂාංග

ලිව්වේ  ප්‍රසන්නි ගී තරංගමා
අගයන්න
(0 මනාප)
"පාටියට ගවුමක් අඳින්න ආසයි. ඒත් කොහොමද කොණ්ඩය සරසා ගන්නේ?"

 

අද අපේ ලියන් අතරේ ජනප්‍රිය ගවුම් විලාසිතාවක් සමඟ ඔබේ සිතටත් මේ පැනය නැගෙන්නට ඇති.

ඒ නිසාම උත්සව අවස්ථාවක් සඳහා ගවුම් මෝස්තරයකින් සැරසෙන ඔබට, ඔබේ කෙස් කලඹ හැඩකරගත හැකි පියකරු කොණ්ඩ මෝස්තරයකි මේ.

පළමුව කොණ්ඩ මෝස්තරයට කෙස් කලඹ සූදානම් කරගත යුතුයි.

ඒ සඳහා කොණ්ඩය හොඳින් ෂැම්පුකර රවුම් බ්‍රෂ් එකක් භාවිත කරමින් වියළනයකින් හොඳින් බ්ලෝඩ්‍රයි (ඡතධඹ ඤපර) කරගන්න.

කොණ්ඩ මෝස්තරය සඳහා පළමුව නළල ඉදිරියේ වම් පසින් දකුණු පසට වන්නට කෙස් රොදක් පීරා ගන්න. ඉන්පසුව එලෙස අයින් කරගත් කෙස් රොද මැජික් රෝල දෙකක් හෝ තුනක් උපයෝගී කරගෙන ඔතා ගන්න.

කන දෙපස කෙස් රොදවල් 2 ක් අයින් කර හිස් මුදුනේ ඇති කෙස් අංශක 90 කට ඔසවා හොඳින් බැක්කෝම්බ් කරගන්න. පසුව එම කෙස් ඉදිරිපසට දමා ගන්න. ඉතිරි පිටුපස කෙස් ටික රබර් බෑන්ඩ් එකකින් පෝනි ටේල් එකක් දමා රඳවා ගන්න. මෙසේ පිටුපස ඇති පෝනි ටේලය ටාන්ග් එකක් ආධාරයෙන් කර්ල් කරගන්න.

බැක් කෝම්බ්කර ඉදිරිපසට දැමූ කෙස් රොද නැවත එකතු කර බැක් කෝම්බ් කරමින් පිටුපසට කර ක්ලිප්වලින් රඳවා ගන්න.

ඉන්පසු පිටුපස පෝනි ටේලයේත් ඉතිරි වූ කෙස් රොදහිත් ජෙල් කරමින් ටෝන් කරගන්න. කන දෙපැත්තේ ඉතිරි වූ කෙස් කොටස කෑලි 2 ට බෙදා ජෙල් යොදමින් ට්‍රයිස්ට් එකක් ආකාරයට අඹරමින් කටුගසාගන්න.

හෙයාපින් ගසා ගනිමින් පෝනි ටේලයට එකතු කරගන්න. දෙපැත්තම එසේ කරගන්න. මෙසේ තිබියදී හෙයා ස්ප්‍රේ යොදා ගන්න. එලෙස කර්ල් කර සකසා ගත් කෙස් රොදවල් පෝනි ටේලයට උඩින් කටු ගසමින් සකසා ගන්න. ඉදිරිපස මැජික් රෝලස් දැමූ කෙස් කැරලි 2 හොඳින් පීරි මුහුණට ගැළපෙන ලෙස රඳවා ගන්න. කැමැති නම් ආභරණයකින් කොණ්ඩ මෝස්තරය හැඩකරගන්න.

 

ඉදිරිපත් කිරීම

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

දීපිකා ගුණසේකර

 

ඡායාරූප  - උපාලි ජයරත්න

නිරූපණය - ශෂී සෙනෙවිරත්න

1082 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 සැප්තැම්බර් 11, අඟහරුවාදා 15:29
අදහස් එක් කිරීමට ලොග් වෙන්න