තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2018 සැප්තැම්බර් 11, අඟහරුවාදා 15:33

සුන්දර දෑතක් හිමිකර ගන්නට නම්.... විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(0 මනාප)
බොහෝ කාන්තාවන් තම රුව පිළිබඳ සැලකිලිමත් ය. විශේෂයෙන් ම මුහුණේ පැහැපත් බව, සිරුරේ හැඩය ආදිය ගැන සැලකිල්ලක් දක්වතත් ඇතැම් අයට තම අත්, පා පිළිබඳ කිසිදු හැඟීමක් නැත.

 

ඔවුන් සිතනුයේ රුව යනු මුහුණේ සුන්දරත්වය පමණක් බවයි. එහෙත් සුන්දර දෑත් දෙපා කාන්තාවකගේ සමස්ථ සුන්දරත්වයට එක් කරන්නේ කොතරම් නම් ලස්සනක්ද?

මුහුණ කොතරම් සුන්දර වුවත් ඇතැම් කාන්තාවන්ගේ දෑත් හා දෙපා දුටු විට ඇතිවන්නේ ජුගුප්සාජනක බවක්. මෙසේ වෙන්නේ ඒවා නිසි පරිදි රැකබලා නොගැනීම නිසයි.

එමෙන්ම දෑත්, පුද්ගලයකුගේ වයස පෙන්වන කැටපතක් බඳු ය. අපගේ සිරුරේ බාහිරව පිහිටා ඇති කාර්යක්ෂම අවයවයක් ද වන නිසා විවිධ පාරිසරික හා තමා එදිනෙදා සිදු කරන ක්‍රියාකාරකම් ද දෑත්වල විවිධ රෝගාබාධ ඇතිවීමට හේතු වේ.

දෑත් ගැන මෙන්ම එහි නියපෙළ ගැන ද සැලකිලිමත් විය යුතුය. බොහෝ විට කාන්තාවන්ට ඇති වන ගැටලුවක් වන්නේ නිතර නිතර දෑත්වල වියළි බව ඇති වීමයි. එයට ප්‍රධාන හේතුව වන්නේ කාන්තාවක් වුවද ගෘහණියක් ලෙස මුළුතැන්ගෙය ආශි‍්‍රතව කළ යුතු බොහෝ වැඩකටයුතුවල දී නිතර නිතර දෑත් තෙත් වීමත් සේදීමත් නිසා සමේ ඇති තෙල් ස්වභාව ඉවත් වීමයි. සේදුම්කාරක ද්‍රව්‍යයන්ගේ ඇති රසායනිකයන් නිසා දෑත්වල සමට පමණක් නොව, නිය පෙළ ද දිරායාමට, ඉක්මනින් කැඩීමට, අවපැහැ වීමට හේතු වේ. මේ පිළිබඳ කාන්තාවන්ගේ වැඩි අවධානය යොමු විය යුතුයි. නිරෝගී හා පැහැපත් දෑතක් ලබා ගැනීමට ආයුර්වේදයේ ශාකසාර බොහොමයක් ඇත. ඒවා දිනකට පමණක් නොව, අවම වශයෙන් සතියකට දෙතුන් වරක්වත් මාස තුනක කාලයක් පමණ කළ යුතුය.

 

* දෑතේ සම රළු නම් අත්ලට සීනි තේ හැන්දක් පමණ ගෙන එයට දෙහි යුෂ තේ හැන්දක් පමණ දමා සීනි දියවන තෙක් අත්ල පිරිමදින්න.

* දෑතේ සම සිනිදු වීමට

ඒ සඳහා අර්තාපල් අල තම්බා පොඩිකර එයට ඔලිව් තෙල් තේ හැන්දක් මිශ්‍රකර ආලේපයක් සකසා ගන්න. දැන් මෙම ආලේපය දෑතේ ගල්වා තබා වියලුණාට පසුව සෝදා හරින්න.

* අවපැහැ ගැන්වී ඇති දෑත් සඳහා වෙනිවැල් කුඩු තේ හැන්දක් සුදු හඳුන් තේ හැන්දක් කස්තුරි කහ තේහැඳි භාගයක් කෝමාරිකා යුෂ තේහැඳි 2 ක් එකතුකර දෑතේ ගල්වා රවුමට පිරිමැද විනාඩි 20 ක පමණ වේලාවක් තිබෙන්නට හැර සෝදා හරින්න.

* දෑත් සෝදන සෑම අවස්ථාවකම හොඳින් තෙතමාත්තුකර එහි ඔලිව් තෙල් හෝ තල තෙල් ගැල්වීම වඩාත් සුදුසුය. එසේත් නැතිනම් මොයිස්චර්රයිසර් ක්‍රීම් වර්ගයක් ආලේප කිරීම ඉතා වැදගත් වේ.

අවම වශයෙන් සතියකට වරක්වත් දෑත් හොඳින් පිරිසුදුකර තෙල් ස්වල්පයක් ගල්වා සම්බාහනය කිරීම ඉතා වැදගත් ය.

උපදෙස්

ආයුර්වේද රූපලාවණ්‍ය විශාරද

අසෝකා පල්ලියගුරු

සැලෝන් බෙල්ලෙස්සා මහනුවර

1025 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 සැප්තැම්බර් 11, අඟහරුවාදා 15:34
අදහස් එක් කිරීමට ලොග් වෙන්න