තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2018 සැප්තැම්බර් 18, අඟහරුවාදා 13:00

කම්මුල් එල්ලා වැටෙන්නේ ඇයි? විශේෂාංග

ලිව්වේ  විදුමිණි දිසාකරුණා
අගයන්න
(0 මනාප)
යුවතියකගේ සුන්දරත්වය වැඩි කරන්නට පිරුණු කම්මුල්වලට මනා හැකියාවක් තිබෙනවා. නමුත් කම්මුල් එල්ලා වැටීම මේ සුන්දරත්වය අඩු කරවනවා. වයස්ගත වීමත් සමඟ සමේ ඇදෙනසුලු බව අඩු වෙනවා. කම්මුල් එල්ලා වැටීමෙන් ඔබේ පෙනුමට වයස්ගත පෙනුමක් එක් කරනවා.

 

නිතර දුරකථනය භාවිත කිරීම

ඔබ නිතර නිතර ස්මාර්ට් ජංගම දුරකථන හෝ ටැබ් භාවිත කරනවා නම් ඔබේ කම්මුලේ සම එල්ලා වැටෙන්න පුළුවන්. නිතරම මෙම ඉලෙක්ට්‍රොනික් උපකරණවල තිරය දෙස අනවශ්‍ය ලෙස බලා සිටීමෙන් ඔබේ මුහුණට හානි සිදුවෙනවා. එයින් කම්මුල් එල්ලා වැටීම පමණක් නොව මුහුණේ රැලි ඇතිවීමටත් බලපානවා.

මේද ආහාර සම්පූර්ණයෙන්ම නැවැත්වීම

බර අඩුකර ගැනීම සඳහා මේද ආහාර අඩුකිරීමට අද බොහෝ දෙනෙක් යොමු වෙනවා. එය ඉතා හොඳ දෙයක්. නමුත් සමහරුන් මේද සහිත ආහාර සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මේදවල අඩංගු ඔමේගා 3, ඔමේගා 6 වැනි මේද අම්ල සමේ සෛලවල ඇදෙනසුලු බව ආරක්ෂා කිරීමට උපකාරී වෙනවා.

හෝර්මෝන සමතුලිතතාව බිඳ වැටීම

සමේ ඇදෙනසුලු බව අහිමිවීම සඳහා ප්‍රධානතම හේතුව වන්නේ ඊස්ට්‍රජන් හෝර්මෝනය හිඟවීමයි. මෙම හෝර්මෝනය ඉලාස්ටින් සහ කොලජන් නිපදවීමට හේතු වේ. එහි ප්‍රතිඵලයක් ලෙස අඩු ඊස්ට්‍රජන් මට්ටමක් ඇති කාන්තාවන්ගේ සම සුදුමැලිවීම, එල්ලා වැටීම සහ රැලි වැටීම සිදුවිය හැකියි.

බොහෝ රසකැවිලි ආහාරයට ගැනීම

සීනිවල හානිකර බලපෑම් විස්තර කරන බොහෝ වෛද්‍ය කෘතිවල සීනි පරිභෝජනය කිරීම සමේ ඇදෙනසුලු බවට හානි කරන බව සහ සම එල්ලා වැටීමට හානි වන බවත් පහදා දී ඇත. සොයාගෙන ඇති සිද්ධාන්තවලට අනුව, සීනි අණුවලින් අස්ථිතුළ ඇති කොලජන් සහ ඉලාස්ටින් අකර්මණ්‍ය කිරීමට හැකියාව ඇත. ඒ නිසා ඔබ පරිභෝජනය කරන සීනි ප්‍රමාණය වැඩිවන තරමට එය ඔබේ සමට හානි කරන බව මතකයේ තබාගනිමින් පරිභෝජනය කරන්න.

 

 උපදෙස් - ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනි

ලංකා කුමාරි

ලක් රූ සැලෝන් - දළුගම

491 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 සැප්තැම්බර් 18, අඟහරුවාදා 13:01
අදහස් එක් කිරීමට ලොග් වෙන්න