තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2018 සැප්තැම්බර් 18, අඟහරුවාදා 14:30

රූපලාවණ්‍ය ශිල්පය හදාරන ඔබ දැනගත යුතුම සම සහ සමේ ව්‍යූහය විශේෂාංග

ලිව්වේ  විදුමිණි දිසාකරුණා
අගයන්න
(1 මනාපය)
රූපලාවණ්‍ය ක්ෂේත්‍රය අද සමාජයේ වඩාත් ප්‍රචලිතව ඇති ක්ෂේත්‍රයකි. ඉතිං මෙවැනි ක්ෂේත්‍රයක් තුළ දී දස්කම් දැක්වීම පහසු කාර්යයක් නොවේ.

 

ඒ තරගකාරිත්වය තුළින් දක්ෂතා පිරි රූපලාවණ්‍ය ශිල්පිනියක වීමට NVQ Level  - 3, 4 පාඨමාලාවෙන් ඉටුවන්නේ මහඟු කාර්යය භාරයකි. එය නිසි ලෙස හැදෑරීමෙන් රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ හිනි පෙත්තටම ළඟා වීමට ඔබටත් හැකි වනු ඇත.

සම සහ සම විශ්ලේෂණය රූපලාවණ්‍ය විද්‍යාවේ එන වැදගත්ම අංගයකි. මෙය සෑම ශිෂ්‍යයකු විසින් ම හොඳින් සහ ඉවසීමෙන් ප්‍රගුණ කළ යුතුයි. මක්නිසාද යත් තම රූපලාවණ්‍ය ජීවිතයේ වඩාත්ම හමුවන ප්‍රශ්න, අධ්‍යයන කිරීම්, ප්‍රතිකාර කිරීම් සිදු වන්නේ සම සම්බන්ධව බැවිනි. රූ සපුවේ සුන්දරත්වයට සමෙන් ලැබෙන දායකත්වය ඇති විශාලයි. මෙම සුන්දරත්වය පාරිභෝගිකයාට නිසියාකාරව ලබාදීමට ව්ඍQ හදාරන ශිෂ්‍යයන්ට නිතැතින්ම හැකියාව ලැබෙනවා. එය කායික විද්‍යාව හා අස්ථි පද්ධතිය ගැන රූපලාවණ්‍ය ශිල්පින්ට සාර්ථක සේවාවක් පවත්වා ගෙන යාම සඳහා හොඳ දැක්මක්. මෙම පරිච්ඡේදයෙන් සෑම සිසුවෙක්හටම සම පිළිබඳව පුළුල් දැනුමක් ලබාගත හැකියි. එනම් සමේ ව්‍යූහය, සම වර්ගීකරණය, සම හඳුනා ගැනීම, සමේ විශේෂ ලක්ෂණයන් සහ සමේ විවිධ ප්‍රභේදයන් ඇතුළු සම සම්බන්ධව බොහෝ දේ ගැන අවබෝධයක් ලබා ගත හැකියි.

සම යනු අප ශරීරයේ විශාලම ඉන්ද්‍රියයකි. සමේ ස්වභාවය නිරතුරුවම වෙනස්වීම්වලට ලක්වේ. මොහොතින් මොහොත සිදුවන මේ වෙනස්වීම් පියවි ඇසට නොපෙනේ. ඒ නිසා සැබැවින්ම සම යනු පුද්ගලයාගේ සෞඛ්‍ය හා වයස හෙළිකරන කැඩපතකි.

සම අධ්‍යයනය කිරීමේදී හමු වන මූලික අංග තුනකි.

1. අපිචර්මය

2. චර්මය

3. සබ්කියුතනස් (Suvcutaneous)
   

සම සෑදී තිබෙන්නේ කෙරටින් නමින් හැඳින්වෙන ප්‍රෝටීන් විශේෂයකිනි. සමෙහි උඩින්ම පිහිටා ඇති ස්ථරය වන්නේ අපිචර්මයයි. මෙය අජීවි සෛල ස්ථරයකි. එය සැකසී ඇත්තේ මැරුණු සෛල වලිනි. රූපලාවණය ශිල්පීන්ට ප්‍රතිකාර කිරීමට හැකියාව ඇත්තේ මෙම ස්ථරයේ රුධිර නාල පිහිටා නොමැති නිසා හදිසි අනතුරකදී අපිචර්මයට හානි සිදුවුවත් රුධිරය පිටවීමක් සිදු වන්නේ නැහැ. ඒ සම හැරුණු සෛලවලින් යුතු නිසයි. අප සම අතුල්ලන විට කුණු වශයෙන් ඉවත්ව යන්නේ මැරුණු සෛලයි.

පෙර සඳහන් කළ පරිදි සමෙහි පිටතින්ම පවතින සෛල ස්ථරය අපිචර්මයයි. මෙය දහදිය, තෙල් මිශ්‍ර වී සෑදී ඇති ආම්ලික තෙල් පටලයකි. මෙයට ඇසිට් මෙන්ටල් (චජභබඥ ථඥදබචත) එක කියා ද කියනු ලැබේ. ඇසිටි මෙන්ටල් එක යනු සමේ තෙතමනයයි. එමගින් සම හරහා ශරීරයට අතුළුවන බැක්ටීරියාවලින් ආරක්ෂා වෙනවා. නමුත් නිතර නිතර සබන් ගෑමෙන් මේ ඇසිටි මෙන්ටල් එක විනාශ වී යා හැකියි. එවිට බැක්ටීරියා ආසාදන සම තුළට ඇතුළු විය හැකියි. අපිචර්මයේ ස්ථිර කිහිපයකින් සමන්විතයි.

1. Stratum Corneum
2. Stratum Lucidum
3. stratum granulosum
4. stratum spinosum
5. Stratum germinativum
 

අපිචර්මයේ සෛල ජර්මිනේටියුම් ස්ථරයේ නිපද වී කොනියම් තට්ටුව දක්වා පැතිර යයි. ජර්මිනේටියුම් තට්ටුව 100% ක් සජීවිය. කොනියම් තට්ටුව 100% ක් අජීවීය. මෙම ක්‍රියාවලියට දින 24 සිට දින 30 දක්වා කාලයක් ගත වේ. වයස්ගත වන විට මෙම කාලය වැඩි වේ.

1. Stratum Corneum - න්‍යෂ්ටියක් නැති සෛල සමෙන් නිතරම ඉවත් වේ. මැරුණු සෛලවලින් සැදී ඇත. තෙතමනය සහිත නිසා සම වියළීම වළක්වයි.

2. Stratum Corneum - පැතැලි විනිවිද පෙනෙන සෛල වලින් යුක්තය. ඕනෑම දෙයක් මේ සෛල අතරින් ඇතුළට යා හැකියි.

3. stratum granulosum -- සෛලවල ක්‍රියාකාරිත්වය අඩුය.

4. stratum spinosum  - ප්‍රතිශක්ති කරණයට අදාළ ලැතිගර්නැන්ස් සෛල මෙහි අඩංගුය. සෛල තට්ටු ගණනාවකින් යුක්තය.

5. Stratum germinativum- මෙම සෛල අතර කෙරටිනෝසයිඩ් සහ මෙලනෝසයිඩ් අඩංගුය. අහිතකර උඍ කිරණවලින් සම ආරක්ෂා කර දෙන්නේ මෙලනෝසයිඩ් මඟිනි. 80% ක්ම ජලය අඩංගුය. මෙහි mitosis නම් ක්‍රියාවලිය සිදු කරයි.

අපිචර්මයේ විවිධ සෛල වර්ග ගණනාවක් ඇත. එනම්,

1. කෙරටිනොයිඩ් සෛල - කෙරටින්

නිෂ්පාදනය කරයි

2. මෙලනොසයිඩ් සෛල - මෙලනින්

නිෂ්පාදනය වේ. මෙලනොසයිඩ් සෛල තුළ

රසායනික ප්‍රතික්‍රියා මාලාවක් සිදු වේ.

මෙලනින් වර්ග දෙකකි.

* ඉගෝ මෙලනින් (දුඹුරු හෝ කළු වර්ණය)

** පියෝ මෙලනින් (කහ හෝ දුඹුරු වර්ණය)

3. ලැන්ගර්හැන්ස් සෛල - සුදු රුධිරාණු සෛල විශේෂයකි. සමේ ප්‍රතිශක්ති පද්ධතියේ රෝග කාරක පිළිබඳ අවධානයෙන් සිටී. සමේ ආසාදන වලට පිළියමකි.

මෙලෙස අපිචර්මය පිළිබඳව අවබෝධයක් ලබා ගත් පසු චර්මය ගැන ද අවබෝධයක් ලබා තිබීම වැදගත්.

චර්මය හෙවත් යටි සම ලෙස එය හඳුන්වයි. මෙය කොලජන් තන්තු විශේෂයකින් සෑදී ඇති ඇදෙන සුලු සජීවි සෛල විශේෂයකි. තරුණ සම වයස්ගත වනවිට කොලජන් නිෂ්පාදනය අඩු වේ. මේ නිසා සමෙහි ඇදෙන සුලු බවද ක්‍රමයෙන් අඩු වී යයි.

සාමාන්‍යයෙන් චර්මය අපිචර්මයට වඩා විසිපස් ගුණයකින් පමණ ඝනකමින් වැඩිය. ඉතා සංවේදීය. මෙහි ස්නායු, රුධිරවාහිනි, වසා ග්‍රන්ථි, ස්නේහස්‍රාවී ග්‍රන්ථි, ස්වේද ග්‍රන්ථි සහ රෝම කූප අඩංගුව ඇත. මෙහි ප්‍රධාන කාර්යය වන්නේ ශක්තිය හා නම්‍යශීලීබව ලබාදීමයි. අපිචර්මයේ යට ස්ථිරවලට අවශ්‍ය පෝෂණය ලබා දෙන්නේ මෙමගිනි. අපද්‍රව්‍ය ඉවත්කර උෂ්ණත්වය පාලනය කරයි. මෙය ප්‍රධාන ස්ථර දෙකකින් සමන්විතය.

1. පැපිලරි ස්ථරය - අපිචර්මයේ යටි පැත්තට සම්බන්ධව පවති. සමෙහි කුඩා හැඩයෙන් යුතු නෙරීම් දක්නට ඇත. අපිචර්මයේ ආරක්ෂක බැම්මක් ලෙස පවතී. මේවායේ ඇති රුධිර කේෂනාලිකා මඟින් අපිචර්මයට සහ රෝම කූපවලට අවශ්‍ය පෝෂණය, ද්‍රව්‍ය සැපයීම ද පටකයන් වෙත ඔක්සිජන් ගෙන ඒම ද අපද්‍රව්‍ය ඉවත් කිරීම ද සිදු කෙරේ.

2. රේටිකියුලරි ස්ථරය - චර්මය හයිපොඩර්මිස් හා සම්බන්ධ කරන්නේ මේ ස්ථරය මගිනි. ඝන කෙඳි සහිත පටක වලින් සෑදී ඇති මෙම ස්ථරය සමට ස්ථාවර බව ගෙනදෙයි.

4. ෆයිබ්රෝබ්ලාස්ට් සෛල - කොලජන් හා ඉලාස්ටින් නම් වැදගත් ප්‍රෝටීන් වර්ග 2 මෙම සෛල මඟින් නිපද වේ. පටකයන්ට හානි වූ විට ඒවා යථා තත්ත්වයට පත්කර ගැනීම මෙමඟින් සිදු කරයි.

කොලජන් - කොලජන් කෙඳි මඟින් ශක්තිය හා සමෙහි ඇදෙන සුලු බව ඇති වේ නියමිත බරෙන් 45% පමණ සෑදී ඇත්තේ කොලජන් සෛල වලිනි. අස්ථි, මාංසපේශී එකම බැඳීමට උපකාරි වේ. සුදු පැහැතිය. රැලි වැටුණු කෙඳි ජාලයක් ලෙස පවතී.

ඉලාස්ටින් - කොලජන් සෛල නියමිත පරිදි හසුරවමින් ඇදෙන සුලු ජාලයක් ලෙස ක්‍රියාත්මක වේ. හොඳින් ඇදෙන කහ පැහැති කෙදි සහිත සෛල වර්ගයකි. මෙම සෛල හොඳින් ඇද නැවත තිබූ තත්ත්වයට පත්විය හැක. පමණට වඩා ඇදිය නොහැකිය. එවිට තන්තු කැඩීගොස් සමේ කැළැල් ඇති වේ. ශරීර බරින් 5% ක් ඉලාස්ටින් සෛලවලින් යුක්තයි.

5. මාසට් සෛල - ක්ෂුද්‍ර ජීවින්ගෙන් සිදුවන හානිය වලකයි.

6. ෆේගෝයශිට්නි සෛල - රෝග කාරකයන් විනාශ කරයි. අපද්‍රව්‍ය ඉවත් කරයි. මෙය සුදු රුධිරානු විශේෂයකි.

හයිලුරෝනික් අම්ලය - සම අලුත්වැඩියා කිරීමට උපකාරි වේ. එමෙන්ම සමේ තෙතමනය පවත්වා ගනී.

රුධිර නාල - අපිචර්මයට ඔක්සිජන් සපයයි.

වසා වාහිනි - චර්මයේ සෛලවලට පෝෂණය ලබා දෙයි.

චර්මය තුළ දක්නට ලැබෙන විශේෂිත වූ ග්‍රන්ථින් දෙකකි.

1. ස්වේද ග්‍රන්ථිය - අපද්‍රව්‍ය ඉවත් කරයි. ශරීර උෂ්ණත්වය ක්‍රමවත් කරයි. ස්වේද ග්‍රන්ථින්ද දෙවර්ගයකි.

*ඇපොක්‍රින් ග්‍රන්ථි - කිහිලි සහ ඉකිලි වල ඇත.

* එක්ක්‍රින් ග්‍රන්ථි - සිරුර පුරාම ඇත.

2. සෙබැකස් ග්‍රන්ථි - අල්ලේ හා යටි පතුල්වල හැර අනික් සෑම තැනම ඇත. සම වියළීම වලක්වන ස්වභාවික මෘදුකාරයකි. සෑම රෝම කූපයකටම මෙම ග්‍රන්ථි එකක් හෝ කිහිපයක් විවෘතව ඇත.

සමේ ව්‍යූහය ගැන දැන් ඔබට මනා දැනුවත්භාවයක් ලැබී ඇති. සම පිළිබඳ මේ කරුණු ව්ඍQ ඹ්ඥමඥත - 3, 4 ජය ගැනීමට ඔබට අත්වැලක් වේවි.

 

 

උපදෙස්

Chamalie Kaldera Hair Design & Beauty Academy

මනාලි රූ මැඳුර, සැලෝන් චිත්මල් සහ ආයුර්වේද අත්‍රි යන ආයතනයන් හි අධිපතිනිය, ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

චාමලී කල්දේරා

956 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 සැප්තැම්බර් 18, අඟහරුවාදා 14:32
අදහස් එක් කිරීමට ලොග් වෙන්න