තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2018 සැප්තැම්බර් 25, අඟහරුවාදා 12:33

සම වර්ගීකරණය සහ එහි කාර්යභාරය විශේෂාංග

ලිව්වේ  විදුමිණි දිසාකරුණා
අගයන්න
(1 මනාපය)
NVQ Level - 3, 4  ඩිප්ලෝමාධාරියකු වීමට නිවැරැදි පුහුණුව අවශ්‍යයි. ඒ සඳහා එහි විෂයය නිර්දේශය ක්‍රමානුකුලව හැදෑරිය යුතු වෙනවා. ඒ හරහා නිවැරැදි දැනුමත් NVQ විභාගය සමත්වීමට අවශ්‍ය සියලුම සිද්ධාන්තයන් ද සම්පූර්ණ වන නිසා ඉතා පහසුවෙන් විභාගය සමත් වීමට හැකියාව ලැබෙනවා.

 

පසුගිය සතියේ අපි කතා බහ කළේ සමේ ව්‍යූහය පිළිබඳවයි. ඒ හරහා ශරීරයේ පිටත වැස්ම සහ ගැඹුර ගැන හොඳ අවබෝධයක් ලබා ගන්නට ඇති. අපිචර්මය, චර්මය, අග්‍රස්ථ චර්මය ගැන කතා කරද්දී සමේ වර්ගීකරණය, සමේ කාර්යය සහ සමේ රෝග ගැනත් හොඳ අවබෝධයක් ලබා ගත යුතුයි. NVQ - 3, 4 පාඩම් මාලාව යටතේ බොහෝ මුදල් ඉපැයිය හැකි මාතෘකාවක් ලෙස මෙය හැඳින්විය හැකියි.

සමේ වර්ගය හඳුනාගෙන ඒ පරිදි සමේ උවදුරු දුරු කර පැහැපත් සමක් පාරිභෝගිකයාට ලබාදීම ඒ හරහා සිදු වේ. මෙය වර්තමානයේදී රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තුළ දී මුදල් ඉපැයිය හැකි ප්‍රධාන මාතෘකාවක් වන්නේ ඒ නිසයි.

කෙනකුට උපතින් ලැබුණු සම නිරෝගිව පවත්වා ගනිමින්, නිවැරැදිව පිරිසුදු කිරීමට වගේම සමේ රෝගවලින් ආරක්ෂා වී පැහැපත්ව පවත්වා ගැනීම රුපලාවණ්‍ය සත්කාර අවශ්‍යයි. මෙම සත්කාර හරියාකාරව කරන්නට නම් සමේ පිහිටීම, සමේ වර්ගීකරණය සහ සම හඳුනාගැනීමත්, සමේ කාර්යයන් ගැනත්, සමේ රෝග ලක්ෂණ සහ රෝග පාලනය ගැනත් නිසි අවබෝධයක් ලබා තිබිය යුතුයි.

මේ ස්වභාවය තීරණය කරන බාහිර සාධකයන් වන්නේ පාරම්පරික ලක්ෂණ, හෝර්මෝනවල ස්වභාවය, ආතතිය, දුම්පානය, ආලේපන, ආහාර, උඍ කිරණ, උණුසුම සහ සීතලයි.

සමේ ස්වභාවය අනුව කොටස් 4 කට

බෙදිය හැකියි.

1. සාමාන්‍ය සම- 2. තෙල් සහිත සම

3. වියළි සම - 4. මිශ්‍ර සම

මේ අනුව පුද්ගලයාගෙන් පුද්ගලයාට සම සතර ආකාර ගනී. එහිදී වියපත් සම, තෙතමනයක් නැති සම, සංවේදි සම, කුරුලෑ සම, ආබාධ සහිත සම වශයෙන් ඕනෑම සමක් මේ වර්ගීකරණයෙන් එකකට අයත් වේ. ඒ නිසා සමට සත්කාරයක් කිරීමට පෙර සමෙහි ස්වභාවය හඳුනා ගැනීම වඩා වැදගත්.

සාමාන්‍ය සම

සාමාන්‍ය සම වැඩි වශයෙන් දැකිය හැක්කේ මැදි වයසේ අය අතරයි. ඉතා විශිෂ්ට බව, පැහැදිලි බව, නැවුම් බව, මනා තෙතමනයකින් යුක්තවීම මෙම සමෙහි ඇති ලක්ෂණයයි. මෙම සමෙහි මැරුණු සෛල ඉවත් වෙමින් නව සෛල නිපදවන නිසා සම සමතුලිතව පවතී. ඒ වගේම ශ්වේද ග්‍රන්ථි සහ ස්නේහශ්‍රාවි ග්‍රන්ථි නියම ප්‍රමාණයෙන් මෙම සමෙහි අන්තර්ගත නිසා සම නිරෝගිව පවතී.

වියළි සම

මෙය විජලනයට පත් වූ සමක මූලික ලක්ෂණයයි. වියළි ස්වභාවය, ඉරි තැළුණු ස්වභාවය ද එහි දී දැක ගත හැකියි. තෙතමනය අඩු වීම එයට හේතුවයි. මේ සමෙහි ස්නේහශ්‍රාවි ග්‍රන්ථිවල ක්‍රියාකාරිත්වය අඩුය. ඒ නිසා ජලය රඳවා ගැනීමේ හැකියාවද අඩුවේ. ආම්ලික හා භාෂ්මික භාවයෙන් වැඩි ආලේපන භාවිතය, පෝෂණය මදිකම, පිහුණුම් තටාක භාවිතය, පාරම්පරික හේතු ඇතුලු තවත් හේතු ගණනාවක්ම වියළි සමට හේතු වේ.

තෙල් සහිත සම

සම දිදුලනබව, විවර වූ ගොරෝසු රෝම කූප, බිබිලි, කළු ලප මෙම සමෙහි ලක්ෂණයි. තෙල් අධික ආහාර රටාවකට යොමු වී තිබීම, පාරම්පරික ලක්ෂණ, හෝර්මෝන වෙනස්වීම, ගර්භණීත්වය, උපත් පාලන පෙති භාවිතය, උණුසුම් කාලගුණය වැනි සාධක ඒ සඳහා බලපායි.

මිශ්‍ර සම

මෙහිදී මූලික ලක්ෂණ ලෙස නළල, නහය, නිකට යන තැන්හි තෙල් ස්වභාවයක් ගනි. බිබිලි, කළු ලප, කම්මුල්වල වියළි බව දැකිය හැකියි. 75% කටම ඇත්තේ මේ සමයි.

කුරුලෑ සහිත සම

මේ සමෙහි කුරුලෑ ස්වභාවය, කළු ලප, සම උණුසුම් රත් පැහැයක් ගැනීම දක්නට ඇත. එයට හේතුව සමෙහි සීබන් බහුල වීම නිසා රෝම කූප අවහිර කිරීමයි. ස්නේහශ්‍රාවී තරලය මේ සමෙහි වැඩි වශයෙන් නිපදවයි. මෙම ස්නේහශ්‍රාවි තරලය සමඟ මතුපිට ඇති මැරුණු අපිච්ඡද සෛල එකතු වී කෙරටීන් නිපද වී එයින් තැටියක් සෑදේ. මේ තැටිය මඟින් රෝම කූප මුල් අවහිර වීම නිසා ස්නේහශ්‍රාවී ග්‍රන්ථිවලින් නිපද වන සීබන් තරලය සම මතුපිටට පැමිණීම වළක්වයි. පසුව එම තරලය පටකවලට ව්‍යාප්ත වී ඉදිමුව ඇති කරයි. එය බැක්ටීරියා සමඟ එකතු වී පැසවීම සිදුවේ. එය කුරුලෑවක් බවට පත්වේ.

මැදිවියේ සම

මේ සම හට ගැනීම ආරම්භ වන්නේ වයස අවුරුදු 20 පසුවන විටදීයි. ඉලස්ටීන් හා කොලජන් තන්තු ක්ෂය වීම නිසා සම මේ තත්ත්වයට පත්වේ. ඒ සඳහා ජානමය හේතු සහ හිරු කිරණ ද බලපායි.

අසාමාන්‍යතා සම

මේ සම දකින ඕනෑ කෙනෙකුට පහසුවෙන් හඳුනා ගත හැකියි. සාමාන්‍ය සමට වඩා බෙහෙවින් වෙනස්ය. මේ සමෙහි ඉන්නන්, දද, සමේ රෝග දක්නට ඇත.

සංවේදි සම

මේ සම සංවේදී බවින් වැඩියි. ඒ නිසා අසාත්මිකතාවන් ඇති වු විට මේ සම වැඩි වශයෙන් රෝගී තත්ත්වයට පත් වේ. හිරු කිරණින් වන බලපෑම ද වැඩියි. කුඩා බිබිලි නිතර ඇති වේ.

සමේ වර්ගිකරණය පිළිබඳ දැනුවත්වන අතරම සමේ කාර්යයන් ගැන ද අවබෝධයක් ලබා තිබීම වැදගත්.

1. සංවේදීතාවය -

උණුසුම සීතල ශරීරයට දැනීම සිදු වන්නේ මේ හරහායි. ස්පර්ශ්ය, පීඩනය වැනි සම මතට ඇති වන දැනීම සඳහා ප්‍රතිචාර දැක්වීම මේ හරහා සිදුවේ. මේ සෛල ශරීරයේ මිලියන 5 ක් පමණ පිහිටා ඇත.

2. උෂ්ණත්ව පාලනය -

ශරීරය ක්‍රියාකාරිත්වය නිවැරැදිව පවත්වා ගැනීමට ශරීරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.8 ක් හෝ ඊට ආසන්න අගයකින් පවත්වා ගත යුතුයි.

3. උරා ගැනීමෙ ක්‍රියාවලිය සිදු කරයි. -

එහිදී සම හරහා අවශ්‍ය පෝෂණය උරා ගැනීම සිදුවේ. නමුත් ජල රෝදක නොවේ.

4. ආරක්ෂක වැස්මක් ලෙස ක්‍රියා කරයි.

රසායනයන්ට, ක්ෂුද්‍රජීවීන්ට හා වෙනත් අහිතකර දේට එරෙහිව ශරීරයට ආරක්ෂකයකු ලෙස ක්‍රියා කරයි.

5. බහිශ්‍රාවිය -

සම කුඩා බහිශ්‍රාවි ඉන්ද්‍රියකි. දහඩිය ශ්‍රාවය කරයි. දහඩිය මඟින් ජලය, සෝඩියම් සහ පොටෑසියම් ක්ලෝරයිඩ් පිට කිරීම සිදු කරයි.

6. විටමින් ච් නිෂ්පාදනය කරයි. -

පාරජම්බුල උඍ කිරණ සම මතට පතිත වූ විට විටමින් ච් නිපදවයි.

හිරු එළිය සමට උරාගත් විට ශරීරය තුළ නිපදවෙන කොලෙකැසිරෝල් නම් සංයෝගය නිපදවෙන නිසා ඒ හරහා විටමින් ච් නිපදවීම සිදුවේ. හිරු එළිය සමට උරාගත් විට ශරීරය තුළ නිපදවෙන කොලෙකැපිරෝල් නම් සංයෝගය නිපදවෙන නිසා ඒ හරහා විටමින් ච් නිපදවීම සිදු වේ.

සමේ රෝග

කළු ලප, සුදු ලප, ඉන්නන්, පිග්මන්ටේශන්, කෙලෙස්මා, ඇලජික්, කොමඩාන්, සෙබෙරියා සහ ඩර්මටයිටෙස් වැනි රෝගයන් සම තුළ හටගනී. ඒ නිසා එවැනි රෝග පාලනය කිරීමට සම පිළිබඳ මූලික දැනුමක් තිබිය යුතුයි.

සම විශ්ලේෂණය කිරීම ක්‍රම කිහිපයකට කළ හැකියි. එනම් ටිෂූ පරීක්ෂාව, මැග්නිෆයින් පරීක්ෂාව, ස්කින් ඇනලයිසින් පරීක්ෂාව ඒ සඳහා යොදා ගත හැකියි. දැන් ඔබට සමේ වර්ගීකරණයත්, කාර්යභාරයත්, සමේ රෝග ගැනත් මනා අවබෝධයක් ලැබී ඇත. මෙය NVQ Level - 3, 4 ජය ගැනීමට අත්වැලක් කරගන්න.

 

උපදෙස්

Chamalie Kaldera Hair Design & Beauty Academy

මනාලි රූ මැඳුර, සැලෝන් චිත්මල් සහ ආයුර්වේද අත්‍රි යන ආයතනයන් හි අධිපතිනිය, ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

චාමලී කල්දේරා

906 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 සැප්තැම්බර් 25, අඟහරුවාදා 12:45
අදහස් එක් කිරීමට ලොග් වෙන්න