තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2018 ඔක්තෝබර් 02, අඟහරුවාදා 12:22

රුව අවලස්සන කරන ඉන්නන්ට... මෙන්න ප්‍රතිකාර විශේෂාංග

ලිව්වේ  විදුමිණි දිසාකරුණා
අගයන්න
(0 මනාප)
පැහැපත් සමක් පවත්වා ගන්න අපි කවුරුත් කැමැතියි. නමුත් ඒ පැහැපත් සම අවලස්සන කරන ඉන්නන් නිසා බොහෝ දෙනෙක් පීඩාවට පත් වෙලා. මුහුණේ නැතිනම් බෙල්ලේ මතු වන පොඩි ඉන්නෙක් නිසා ඔබේ හිතේ ඇතිවන කනස්සල්ල පොඩි නැහැ.

 

වර්තමානය වන විට කුරුලෑ, පිග්මන්ටේෂන්, චර්ම රෝග වැනි සුන්දරත්වයට අභියෝග කරන රෝග අතරට ඉන්නන් ඇතිවීම නම් රෝගයත් ඇතුළත් වෙලා. එය ඒ තරමට බොහෝ දෙනාගේ සම අවලස්සන කරන වෛරසයකි.

ඉන්නන් යනු

ඉන්නන් යනු සම මතුපිට හටගන්නා මැරුණු චර්ම සෛලවලින් සැකසුණු කුඩා ගැටිතිය. මෙය සමේ සහ ශ්ලේෂ්මල පටලවල ඇතිවන ආසාදිත තත්ත්වයක්. පෙනුමෙන් ප්‍රිය මනාප නැති මේවා වෛරසයක් නිසා හට ගනී. බොහෝ පුද්ගලයන්ගේ මුහුණෙහි, බෙල්ලෙහි සහ සිරුරේ විවිධ ස්ථානවල හටගන්නා මෙම ඉන්නන්ගේ ස්වරූපය විවිධාකාරය. මේ ගැටලුව පිළිබඳ ඇතැමුන් එතරම් තැකීමක් නො කළ ද මේ රෝගය නිසා මානසිකව පීඩාවට පත්ව ඇති රෝගීන් බොහෝදෙනකු අපි දැක ඇත්තෙමු.

ඉන්නන් ඇති වන්නේ ඇයි?

මේ ඉන්නන් කෙනකුගෙන් තවත් කෙනකුට බෝ වන බව බොහෝ දෙනා නොදනියි. එනම් වෙනත් පුද්ගලයකුගේ ශරීරයේ ඇති ඉන්නකු ස්පර්ශ්වීමක් සිදු වුවහොත් තමාගේ ශරීරයේ ද ඉන්නන් ඇතිවේ.

එමෙන්ම පරම්පරාවෙන් පරම්පරාවට එන ජානමය ලක්ෂණ නිසා ද ඉන්නන් ඇතිවිය හැකියි.

මේ කිසිදු හේතුවක් නොවේ නම්, ඉන්නන් ඇතිවීමට තවත් එක් හේතුවක් තිබේ. එනම් ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩුවීමයි. බොහෝ ඉන්නන් ඇති කරන්නේ වෛරසයක් මඟිනි. අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වූ විට එම වෛරසයට ඉතා පහසුවෙන් අපව රෝගි කළ හැකියි.

ඉන්නන් කිහිපයක් එකට එකතුවෙලා ප්‍රමාණයෙන් විශාල ඉන්නන් ඇතිවන අවස්ථාවන් තිබෙනවා. නමුත් බොහෝ දුරට මේ ඉන්නන්ගෙන් වේදනාවක් ගෙන දුන්නේ නැතත් සමට නම් ඇති කරන්නෙ ඉතා අවලස්සනක්.

සාමාන්‍ය නිරෝගී පුද්ගලයකුගේ නම් ඉන්නන් කාලයත් එක්කම ඉබේ සුව විය හැකියි. නමුත් ශරීරයේ ප්‍රතිශක්තිය දුර්වල නම්, එය සුව වීමට දිගු කාලයක් ගත වේවි. එසේත් නැතිනම් ජීවිත කාලය පුරාවටම ඔබේ සම අවලස්සන කරමින් සමෙහි පවතීවි. ඒ නිසා ඇතැම් විට ඔබට ජීවිත කාලය පුරාම මේ නිසා මානසිකව පීඩා විඳීමට සිදුවිය හැකියි. ඒ නිසයි සම අවලස්සන කරන මේ ඉන්නන් සමෙන් ඉවත් කළ යුතු වන්නේ.

 

ප්‍රතිකර්ම

ඉන්නන් පිලිස්සීම රූපලාවණ්‍යයේදී මෙම වෛරසයට තිබෙන හොඳම විසඳුම වුවත් ප්‍රමිතියෙන් තොර හා දිගුකාලීනව පවත්වාගෙන යාමට ඇති නොහැකියාව නිසා එම විසඳුම් කෙටි කාලයකට පමණක් සීමා විය හැකියි. එයට හේතුව වන්නේ ඉන්නන් හට ගැනීම වැළැක්විය නොහැකි වීමයි.

මේ ප්‍රතිකර්මය සඳහා පළමුව ඔබ ඒ පිළිබඳ පළපුරුද්දක් සහිත විශ්වසනීය රූපලාවණ්‍ය ශිල්පිනියක් වෙත යොමු වන්න. එහිදී පළමුව ස්කින් ඇනලයිසිං පරීක්ෂණය මඟින් සමෙහි හට ගෙන ඇත්තේ ඉන්නෙක්ද යන්න නිශ්චිතව හඳුනා ගැනීම සිදු කරනු ලබයි. ඉන් පසුව ඉන්නන් සඳහා වූ ප්‍රතිකර්මය ඇරැඹිය හැකියි.

එහිදී පළමුව ඉඳිකටුවක් වැනි විශේෂිත උපකරණයක් ගෙන, ඉතා සියුම ආකාරයෙන් ඉන්නා පිලිස්සීමට ලක් කරයි. එයින් ඉන්නා ඉවත් වී යයි.

මේ ප්‍රතිකර්මයේදී කිසිදු වේදනාවක් නොදැනෙන්නේ ප්‍රතිකර්මයට පෙර, ඉන්නා සිටින ස්ථානය හිරිවැටීමකට ලක්කරන නිසාවෙනි.

පිලිස්සීම සඳහා යොදා ගන්නා ඉඳිකටුව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් කරන නිසා එහි පිරිසුදුභාවය ගැන කිසිදු බියක් ඇතිකර ගත යුතු නැත.

පිලිස්සීමෙන් පසුව සමෙහි ඇතිවන කබොල්ලැවලට නම් වැඩි දෙනෙක් ප්‍රිය කරන්නේ නැහැ. නමුත් එය දින තුනක් පමණ ඉවසා සිටිය හැකිනම් එම කබොල්ලෑ ඉබේටම දින තුනකින් හැළි යාම සිදුවේ. ඒවා හැළීයාමට පෙර ගලවා දැමීම සුදුසු නොවේ.

මේ ප්‍රතිකර්මයෙන් පසු ඉන්නා සිටි ස්ථානය සාමාන්‍ය සමක ආකාරයෙන්ම දිස් වේ. ඉන්නන් නිසා කනස්සලලෙන් සිටින ඔබටත් මේ ප්‍රතිකර්මය හරහා පැහැදිලි විසඳුමක් ලබාගත හැකියි.

උපදෙස්

ඩුබායි, නෙදර්ලන්තය, මාලදිවයින සහ ටෙක්නික් ඉන්ටර්නැෂනල් ආයතනයේ පුහුණුවලත් දළුගම ච්ඥඨපඥඥදඵ ඉචතධද සහ නුගේගොඩ ඉඥමඥද ඹ්ධධඬ, හි රූපලාවණ්‍ය ශිල්පිනී

අරෝෂි කෞශල්‍යා

453 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ඔක්තෝබර් 02, අඟහරුවාදා 12:24
අදහස් එක් කිරීමට ලොග් වෙන්න