තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2018 ඔක්තෝබර් 08, සඳුදා 16:09

උත්සව ශ්‍රීයෙන් මහනුවර දී පැවැත් වූ ශ්‍යාමලී වීරකෝන් ගේ මනාලියන් දැක්ම

Written by 
අගයන්න
(0 මනාප)
ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී ශ්‍යාමලී වීරකෝන් මහත්මියගේ 2018 පළමු කණ්ඩායමේ රූපලාවණ්‍ය ශිල්පය ඉගෙන ගත් සිසුන්ට ඩිප්ලෝමා ප්‍රදාන උත්සවය හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පසුගිය දා පැවැත්විණි.

 

 

ටෙලිෆික්ස් ආයතනයේ සභාපති නිමල් පීරිස් මහතා ද මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයෙකු ලෙස සහභාගී වූ අතර . මෙම අවස්ථාවට දිවයිනේ දක්ෂ නළු, නිළියන් වන විනූ සිරිවර්ධන සමඟ කේ. සුජීවා, අජිත් මුතුකුමාරණ, නලින්ද රණසිංහ යන කලා ශිල්පීන් සහභාගී විය. ආරාධිත රූපලාවණ්‍ය ශිල්පීන් ලෙස මධුෂාන් කුමාරසිංහ, මනෝරි ජයවීර, චන්දිමා මැද්දෙගොඩ, නිල්මිණී විජේතුංග, නිරංජලා විජේකෝන්, සුභාෂිනී ප්‍රියංකා, මහේෂි චතුරාණි යන දිවයිනේ ප්‍රසිද්ධ රූපලාවණ්‍ය ශිල්පීන් ද, ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පීනී පුණ්‍යා මහවිතාන මහත්මිය ද සහභාගී විය. මෙම මනාලියන් දැක්මේ නිවේදනයෙන් ශිෂිනි ලක්ෂි එක් විය.

මෙම මනාලියන් දැක්මට ශ්‍යාමලී වීරකෝන් මහත්මියගේ රූපලාවණ්‍ය ශිල්පය හැදෑරූ මහනුවර සහ කුරුණෑගල පන්තිවල සිසුන් 100 ක් පමණ මීට සහභාගී විය. මෙම සිසුන් විසින් මනාලියන් හැඩගැන්වීම සහ රූපලාවණ්‍ය පාඨමාලා මාස හයක් තුළ නිවැරැදිව ඉගෙන ගෙන ඔවුන්ගේ දක්ෂතාවයන් එළිදැක්මට මෙම මනාලියන් දැක්ම සංවිධානය කර තිබුණි.

මෙවර පවත්වන මනාලියන් දැක්මේ විශේෂත්වය වූයේ ශ්‍යාමලී වීරකෝන් මහත්මිය යටතේ රූපලාවණ්‍ය ශිල්පය හැදෑරූ සිසුන්ගේ මනාලියන් දැක්මට සමගාමීව විවෘත මනාලියන් දැක්මක් ද පැවැත්වීමයි. මෙම අවස්ථාවට දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම රූපලාවණ්‍ය ශිල්පීන් සහභාගී වූ අතර ඔවුන් විසින් අලංකාර ලෙස උඩරට සම්ප්‍රදායට මනාලියන් හැඩගන්වන ලදී. දිවයිනේ දක්ෂ විනිශ්චය මණ්ඩලයක් විසින් විනිශ්චය කරනු ලැබූ මෙම විවෘත මනාලියන් දැක්මේ පළමු ස්ථානයට රු. 100,000/- ක් ද දෙවන ස්ථානයට රු. 50,000/- ක් ද, තෙවන ස්ථානයට රු. 25,000 ක් ද පිරිනමනු ලැබීය. තෝරාගත් ඉතිරි ස්ථාන 10 ජයග්‍රාහකයින් සඳහා කුසලාන සහ සහතිකපත් ද, සහභාගී වූ සියලුම තරගකරුවන්ට සහතික පත්‍රයක් ද පිරිනමනු ලැබීය. තව ද ශ්‍යාමලී වීරකෝන් මහත්මියගේ රූපලාවණ්‍ය ශිල්පය හැදෑරූ සිසුන් විසින් ඉදිරිපත් කළ මනාලියන් දැක්මේ හොඳම මනාලියට රු.25,000/- ක මුදල් ත්‍යාගයක් ද පිරිනමනු ලැබීය.

 

ශ්‍යාමලී වීරකෝන් මහත්මිය විසින් අවුරුදු 20 ක් ඇතුළත මනාලියන් දැක්ම 36 ක් පවත්වා ඇති අතර සෑම වසරකම මාස 6කට වරක් නොකඩවා මනාලියන් දැක්මක් සමඟ ඔබ හමුවන රූපලාවණ්‍ය ශිල්පිනියක් ද වේ..

695 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ඔක්තෝබර් 08, සඳුදා 16:11
අදහස් එක් කිරීමට ලොග් වෙන්න