තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2018 ඔක්තෝබර් 08, සඳුදා 16:28

රුව අවලස්සන කරන දුඹුරු ලප හෙවත් පිග්මන්ටේෂන් විශේෂාංග

ලිව්වේ  විදුමිණි දිසාකරුණා
අගයන්න
(0 මනාප)
ලස්සන කියන්නේ තමන්ට තමන්ගේ සම ගැන ඇතිවන තෘප්තිමත්භාවය නොවේ ද? නිකැළැල් සමක් තමයි හැමෝගෙම බලාපොරොත්තුව.

 

ඔබත් එලෙස ලප කැළැල් රහිත පැහැපත් සමක් ඇති සුන්දර ආකර්ෂණීය රුව මඬලකට සිහින මවමින් සිටිනවා ඇති. එය කිසිදු තර්කයකින් තොරව පැවසිය හැක්කේ ඔබ අප කොයි කවුරුත් වයස් භේදයකින් තොරව ලස්සනට හැඩට ඉන්න කැමැති නිසාවෙනි.

දුඹුරු ලප හෙවත් පිග්මන්ටේෂන් දැන් ඔබේ රුව අවලස්සන කරන ප්‍රධාන හේතුවක් බවට පත් වෙලා.

ඇතැම් අය මේ පිග්මන්ටේෂන් ලප, අපල ලප ලෙසත් ග්‍රහ අපල ලෙසත් හඳුන්වති. සැබැවින්ම මේ ලප ඔබේ මුහුණට ගෙන දෙන්නේ අපලයක්ම තමයි. පිග්මන්ටේෂන් එතරම්ම ඔබේ මුහුණට ගෙන දෙන්නේ අවලස්සනකි.

පිග්මන්ටේෂන් ඇති වන්නේ ඇයි?

පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන මෙම ලප විශේෂය බොහෝ විට දුඹුරු පැහැයට හුරුයි. හිරු එළියට අනවශ්‍ය ලෙස නිරාවරණය වීම, මානසික ආතතිය, අස්වාභාවික හෝර්මෝන ක්‍රියාකාරිත්වය, මෙලනින් වර්ණකය වැඩිවීම, අක්‍රමවත් ඔසප් චක්‍රය, අස්වාභාවික ජාන ක්‍රියාකාරිත්වය සහ අධික මේදය මේ සඳහා බලපායි.

ඊට අමතරව විවිධ උපත් පාලන එන්නත් හා දරු පිළිසිඳ ගැනීමෙන් පසුව ඇතිවන හෝර්මෝන වෙනස්වීම මත ද මෙවැනි ලප ඇති විය හැකිය.

උඩු සමෙහි ඇතිවන මෙම ලප විශේෂය ක්‍රම ක්‍රමයෙන් සම තුළට කිඳා බසියි. එවිට පිග්මන්ටේෂන් වැඩි වශයෙන් වර්ධනය වීමක් සිදු වේ.

පිග්මන්ටේෂන් හෙවත් මෙම දුඹුරු ලප විශේෂය මුල් අවස්ථාවේදීම නිවැරැදිව හඳුනා නොගෙන විවිධ ඖෂධ හා ප්‍රතිකාරවලට යොමු වීම අවදානම් සහිතය. මෙවැනි ලප ඇති විට එය වෙනත් රෝගයක මූලික රෝග ලක්ෂණ ලෙසයි බොහෝ දෙනා සිතන්නේ.

එම වැරැදි වැටහීමත් සමඟ එම රෝගයට ප්‍රතිකාර ගැනීමට යොමු වෙනවා. එමඟින් අනවශ්‍ය ගැටලු ඇතිකර ගත් අවස්ථා ඕනෑ තරම් තිබේ. එම නිසා මුහුණේ ලප තිබූ පමණින් අනවශ්‍ය ප්‍රතිකාරවලට යොමු නොවන්න.

පිග්මන්ටේෂන් සඳහා ප්‍රතිකාර

පිග්මන්ටේෂන් නිවැරැදිව හඳුනා ගැනීමට ස්කින් ඇනලයිසරයක් මඟින් පරීක්ෂාවට ලක් කළ යුතුය. ඉන් පසු නිවැරැදිව ගැටලුව හඳුනාගෙන පිග්මන්ටේෂන් ප්‍රතිකාරවලට යා යුතුයි.

මෙහිදී ශල්‍යකර්මයක්, අභ්‍යන්තර ප්‍රතිකර්මයක්, එන්නත් ප්‍රතිකර්මයක් සිදු නොකර යන්ත්‍ර උපකරණ මඟින් සහ ස්වාභාවික ශාක සාරයන්ගෙන් සකසා ගත් පැක් වර්ග පමණක් යොදා ගනිමින් ප්‍රතිකාර කරනු ලබයි.

ඒ නිසා ඔබ එම ප්‍රතිකාර පිළිබඳ අනිසි බියක් ඇති කර ගත යුතු නැත. සාමාන්‍යයෙන් එම ප්‍රතිකර්මයට පැයක පමණ කාලයක් ගත වේ.

පැතිර ඇති ලප ප්‍රමාණය අනුවත්, එහි ස්වභාවය අනුවත් සත්කාර කළ යුතු වාර ගණන තීරණය කරනු ලබයි.

ඒ වගේම පිග්මන්ටේෂන් ප්‍රතිකාරවලට යොදා ගන්නා පැක් වර්ග සඳහා යොදන අමුද්‍රව්‍ය තීරණය වන්නේත් සමෙහි පැතිර ඇති පිග්මන්ටේෂන් ස්වභාවය අනුවයි.

එම පැක් වර්ග මඟින් සමට මනා පෝෂණයක් ලැබෙන අතර එමඟින් දුඹුරු ලප ඉවත් වී පැහැදිලි සමක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

පිග්මන්ටේෂන් තත්ත්වයකදී ප්‍රතිකාර ලබාගන්නා විට ඒ සඳහා පළපුරුදු රූපලාවණ්‍ය ශිල්පිනියක් වෙත යොමු වීම ඉතා වැදගත්. එමඟින් අතුරු ආබාධ රහිත නිවැරැදි ප්‍රතිකාර ලබා ගත හැකියි.

ඔබත් පිග්මන්ටේෂන් හෙවත් දුඹුරු ලප නිසා පීඩා විඳිනවා නම් අදම පළපුරුදු රූපලාවණ්‍ය ශිල්පිනියක් වෙත ගොස් ප්‍රතිකාර ලබා ගන්න.

එමඟින් ඔබටත් ලප කැළැල් රහිත පැහැපත් සුන්දර රූ සපුවකට හිමිකම් කිව හැකියි.

ලබන සතියේදී පිග්මන්ටේෂන් සත්කාරයක් නිවැරැදිව කරන ආකාරය පිළිබඳ තවදුරටත් දැනුවත් කරන්නෙමු.

 

 

උපදෙස්

ඩුබායි, නෙදර්ලන්තය, මාලදිවයින සහ ටෙක්නික් ඉන්ටර්නැෂනල් ආයතනයේ පුහුණුවලත් දළුගම Degreens Salon සහ නුගේගොඩ Seven Look, හි රූපලාවණ්‍ය ශිල්පිනී

අරෝෂි කෞශල්‍යා

559 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ඔක්තෝබර් 09, අඟහරුවාදා 14:02
අදහස් එක් කිරීමට ලොග් වෙන්න