තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2018 ඔක්තෝබර් 15, සඳුදා 15:36

රුව රැක දෙන විටමින් E විශේෂාංග

ලිව්වේ  විදුමිණි දිසාකරුණා
අගයන්න
(0 මනාප)
රූපය ගැන හිතන, ලස්සන ගැන කතා කරන, ලස්සනට ඉන්න කැමැති ඕනෑම කෙනකුට විටමින් E  ඉතා හොඳ ප්‍රතිකර්මයක්.

 

විටමින් E කියන්නේ ස්වභාවික රූ සපුව රැක දෙන ඉතා වටිනා ඖෂධයක්.

රුධිර සංසරණය ක්‍රමවත් කිරීම, රුධිරයේ සීනි පාලනය කිරීම සහ සමහර පිළිකාවලට එරෙහිව ආරක්ෂාව සැපයීම මඟින් මිනිස් සෞඛ්‍යත් ආරක්ෂා වෙනවා. ඔක්සිකාරකයක් වන විටමින් E ප්‍රතිශක්ති වර්ධකයක් ලෙස ද ක්‍රියා කරයි. ඒ වගේම විටමින් E මඟින් මිනිස් සමට සහ හිසකෙස්වලට ලබාදෙන්නේ විශේෂ සත්කාරයකි. මේ හේතුව නිසාම තමයි වෙළෙඳපොළේ ඇති රුව වඩන බොහෝ වාණිජ නිෂ්පාදනයන් අතරින් විටමින් E  ප්‍රමුඛස්ථානයක් ගනු ලබන්නේ. අද වෙළෙඳපොළේ විටමින් E  සහිත නානාප්‍රකාර ආලේපන, ඖෂධ මිලදී ගැනීමට තිබෙනවා. ඒවායේ ඇති බොහෝ ආලේපන, ඔබ මුලා කර මුදල් ඉපැයීමේ අරමුණින් අලෙවි කරන ඒවායි. ඒ අතරින් ඉතා සුළු ප්‍රමාණයක් ගුණාත්මක ආලේපන ද ඇත.

එබැවින් මිල දී ගැනීමට පෙර ආලේපයේ අමුද්‍රව්‍ය අන්තර්ගතය කියවන්න.

එම ආලේපනය පිළිගත් ආයතනයකින් සහතික කර තිබේදැයි බලන්න. නැතිනම් කෙතරම් එම ආලේපන භාවිත කළ ද ඔබ අපේක්ෂා කරන ලද ප්‍රතිඵලය නොලැබී යාවි.

එලෙසම විටමින් E  මිලදි ගැනීමේදීත් ගුණාත්මක බවින් ඉහළ විටමින් E  ම මිලදි ගත යුතුයි. නැතහොත් එය ඔබේ මුදල් අපතේ යැවිමක් පමණක් බවට පත්වේවි.

විටමින් E සඳහා වෙළෙඳපොළ තුළ විශාල ඉල්ලුමක් පවතින්නේ ද එයින් සමට ලැබෙන පෝෂණ ගුණය නිසයි. නිවැරැදිව ආලේප කිරීම තුළින් ප්‍රතිඵල රැසක් අත්කර ගන්නට ඔබටත් පුළුවන්.

හිස කෙස් වර්ධනය කර ගැනීමට

රත්කර ගත් ඔලිව් තෙල් හෝ පොල් තෙල් මේස හැදි 2 කට විටමින් E  කරල් දෙකක් එක්කර මිශ්‍රකර ඔබේ හිස්කබලේ ආලේප කර ඇඟිලි තුඩුවලින් සම්බාහනය කරන්න. විනාඩි 30 ක් පමණ තබා සෝදා හරින්න. මෙය සතියකට කිහිප වරක් සිදු කිරීමෙන් නිරෝගී කෙස් කලඹක් හිමිකර ගත හැකියි. එහිදී කෙස් අග පැළීම, කෙස් කැඩීයාම සහ කෙස් ගැලවීයාම පාලනය වෙයි.

කැළැල් සඳහා

විටමින් E සමෙහි ආලේප කළ විට සමෙහි නව සෛල නිපදවේ. එමඟින් මුහුණේ ඇති දුඹුරු ලප සහ කැළැල් අවම කර ගත හැකියි.

සම වයසට යාම වළක්වයි

ඇතැම් අය වයසින් තරුණ වුවත්, මුහුණෙහි රුලි වැටුණු ස්වභාවයක් දැක ගත හැකියි. එනම් නළල සහ ඇස් පහළ මේ රැලි වැටීම් වැඩි වශයෙන් දැකිය හැකියි. රැලි වැටුණු ස්ථානවල විටමින් E  ආලේප කිරීමෙන් නැවත සම යථා තත්ත්වයට පත් වේ.

සමේ තෙතමනයට

විටමින් E  වල ඇති පෝෂ්‍ය පදාර්ථයන් හා එහි ඇති ඝන ස්වභාවය නිසා සියලු දියාරු ආලේපනවලට වඩා මේවා ගුණාත්මක බවින් වැඩිය. එම නිසා වියළි හා හානි වූ සම නැවතත් යථා තත්ත්වයට පත්කර දෙයි. ඒ සඳහා රාත්‍රී නින්දට පෙර ශරීරයේ ආලේප කරන්න.

ඇස් වටා කළු වීමට

විටමින් E  ස්වල්පයක් ගෙන ඇස් වටේ හොඳින් සම්බාහනය කරන්න. එමගින් ඇස් වටා ඇති කළු, අඳුරු බව නැති වී යයි. සම්බාහනය කිරීමේදී වෙද ඇඟිල්ල භාවිත කරන්න.

සම පිරිසුදු කිරීමට

විටමින් E  වල ඇති ඝන බව නිසා හොඳින් සමේ ඇති කුණු, දූවිලි, විසබීජ ඉවත්කර ගත හැකියි. එමඟින් පැහැපත් සමකට හිමිකම් කිව හැකිය. ඒ සඳහා පුළුන් කැබැල්ලකට විටමින් E
 තෙල් ස්වල්පයක් ගෙන, හොඳින් පිසදාන්න.

 

හිරු කිරණින් පිලිස්සුණු සමකට

හිරු කිරණ නිසා සමෙහි ඇති වන වියළි බවට සහ ලපවලට විටමින් E  හොඳම විසඳුමකි. අවපැහැ ගැන්වූ තොල් සඳහා ද සුදුසුයි. විටමින් E  මී පැණි සමඟ මිශ්‍ර කර තොල් මත ආලේප කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගත හැකියි.

විටමින් E තෙල් දිනපතා භාවිත කිරීම ඉතා සුදුසුයි. එහෙත් ඇතැම් අවස්ථාවලදී එය තීරණය වන්නේ සමෙහි ස්වභාවය අනුවයි. ඔබට ඇත්තේ වියළි සමක් නම් සතියකට දින තුනක් හතරක් ද, තෙල් සහිත සමක් නම් සතියකට දිනක් හෝ දෙකක ්ද ආලේප කරන්න. රාත්‍රී නින්දට යාමට, පැයකට පෙර ආලේප කිරීම වඩාත් උචිත වේ. විටමින් E  සෘජුවම සමට උරා ගන්නා නිසා ඔබේ සමට එමඟින් ලැබෙන පෝෂණය අති මහත්ය. ඔබත් නිරෝගී සුසිනිදු සමක් ලබා ගැනීමට විටමින් E  භාවිත කරන්න.

  

උපදෙස්

ඩුබායි, නෙදර්ලන්තය, මාලදිවයින සහ ටෙක්නික් ඉන්ටර්නැෂනල් ආයතනයේ පුහුණුවලත් දළුගම Degreens Salon සහ නුගේගොඩ Seven Look, හි රූපලාවණ්‍ය ශිල්පිනී

අරෝෂි කෞශල්‍යා

595 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ඔක්තෝබර් 15, සඳුදා 15:41
අදහස් එක් කිරීමට ලොග් වෙන්න