තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2018 ඔක්තෝබර් 23, අඟහරුවාදා 11:41

කාන්තා ඔබ කවදත් තරුණයි විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
කාන්තාවකට සුන්දරත්වය ආභරණයකි. නමුත් ඒ සුන්දරත්වය වැදගත් වන්නේ තරුණ වියේ දී පමණක්ම ද? කාන්තාවකට සුන්දරත්වය ආභරණයක් වන්නේ තරුණ වියේ දී මෙන්ම මැදිවියේ දීත් ඒ සුන්දරත්වය නිවැරැදිව පවත්වා ගතහොත් පමණයි.

 

අවුරුදු 40 ක් ජීවත් වූවා කියන්නේ ඔබ ජීවිතයෙන් 1/2 කටත් වඩා ගෙවා අවසානයි. එම කාලය තුළදී ඔබගේ ශරීර විවිධ වෙනස්කම්වලට ලක්වෙයි. ඒ අතර සම රැලි වැටීම, වියපත්වීම, ස්ට්‍රෙච් මාර්ක්, හිසකෙස් සුදුවීම වැනි වියපත් වීමේ ලක්ෂණ ක්‍රම ක්‍රමයෙන් දැක ගන්න පුළුවන්.

නමුත් නිසි ලෙස ශරීරය පවත්වා ගැනීමෙන් තරුණ වියේ පැවැති සුන්දරත්වය ඒ ලෙසින්ම 40 න් පසුවත් පවත්වා ගත හැකියි. එහෙත් වයස අවුරුදු 40 පසු වූ පසු බොහෝ දෙනා තමන්ගේ රුව පිළිබඳ වැඩි තැකීමක් කරන්නේ නැහැ. එම කාලය තුළ දී ලංකාවේ නම් වැඩි දෙනෙකු සිතන්නේ තම ජීවිතයේ සුන්දරම කාලය අවසන් වූවා කියායි. එම සිතුවිල්ලත් සමගම ඔවුන්ගේ සිත් තුළ ඇති වන්නේ යන තැනකට පිනක් දහමක් කරගෙන සිටීම ගැන පමණක්මයි.

හෙත් බටහිර රටවල මීට වඩා හාත්පසින්ම වෙනස්. ජීවිතයේ දෙවැනි කොටස ආරම්භ වන්නේ අවුරුදු 40 න් පසුවයි. එය ඔවුන්ගේ ආකල්පයයි. ඔවුන්ට අනුව ජීවිතයේ ස්වර්ණමය අවධිය ලෙස සලකන්නේ අවුරුදු 40 - 50 ත් අතර කාල සීමාවයි.

එබැවින් දශක 4 ක් පසු කළ පසුත් ඔබ ඔබේ ජීවිතය ගැන බොහෝ සේ සිතිය යුතුව ඇත. එසේනම් දැන් ඔබත් කන බොන දේ ගැන, ශාරීරික ව්‍යායාම ගැන, භාවිත කරන්නා වූ ආලේපන ගැන හොඳ අවධානයක් යොමු කළ යුතුයි.

බුද්ධිමත් කාන්තාවක් ලෙස ධනාත්මකව සිතා පසුකල දශක 4 ක පළපුරුද්දත් සමඟ ඉතිරි දශක 4 ත් නිරෝගීව, සුන්දරව සිටීමට උත්සාහ කළ යුතුයි.

 

ඒ සඳහා මේ කරුණු 12 ගැන ඔබ මූලික අවධානය යොමු කළ යුතු වෙනවා.

1. ශාරීරික ව්‍යායාමවල යෙදීම.

 2. සෑම ආහාර වේලක්ම සමබරව ගැනීම.

 3. රසකාරක ආහාර හා හානිදායක ආහාර වලින් වැළකී සිටීම.

 4. සීනි ආහාර අඩු කිරීමට හෝ ඉන් වැළකීම.

 5. පිටි ආහාර 50% කින් පාලනය කිරීම හෝ අඩු කිරීම.

 6. හොඳින් ජලය පානය කිරීම

 7. ක්ෂණික ආහාර සම්පූර්ණයෙන්ම අත් හැරීම.

 8. තද අව්වට නිරාවරණය නොවී සිටීම.

 9. රසායනිකයන්ගෙන් තොර ස්වභාවික ආලේපන භාවිතය.

 10. මානසික ආතතිය පාලනය කිරීම.

 11. වෙහෙසවීම අවම කිරීම.

 12. ඇස් තෙහෙට්ටු කිරීම අඩු කිරීම.

 මේ කරුණු නිසිලෙස පිළිපැදීම තුළින් ඔබව වියපත් වීමේ වේගය අඩු කරන අතරම සෞඛ්‍යමත් ජීවිතයක් ලබා ගැනීමට එය ඉවහල් වේවි.

නිරෝගී සමකට

අවුරුදු 40 න් පසු අපගේ අස්ථි දුර්වල වීම ආරම්භ වෙයි. මේ හේතුවෙන් ආතරයිටීස්, ඔස්ටියෝපොරෝසිස් වැනි රෝගවලට ඔබව ඉක්මනින් ගොදුරු විය හැකියි. එබැවින් මෙම තත්ත්වයන් මඟහරවා ගැනීමට කැල්සියම් හා විටමින් ඡ් දිනපතා ශරීරයට ලබා ගැනීමෙන් එවැනි රෝග මඟහරවා ගත හැකියි. තවද මේ අවධියේම සම රැලි වැටීමට ද ලක්වන බැවින්, නිරෝගී සමකට අතිශයින් අවශ්‍ය විටමින් ඡ් මෙන්ම විටමින් ඛ් ද දිනපතා ලබා ගන්න. බ්ලීචිං සහිත ආලේපන භාවිතයෙන් වළකින්න. බ්ලීචිං ආලේපන ඔබව තව තවත් වියපත් කරාවි.

නිරෝගී කෙස් කලඹකට

අවුරුදු 40 න් පසු හිසකෙස් වර්ණ ගැන්වීම්වලදී ඇමෝනියා සහ අනෙකුත් විස රසායනිකයන් අවමයෙන් අඩංගු ගුණාත්මක වර්ණකයන් භාවිත කරන්න. එමෙන්ම හිසකෙස් සඳහා ස්වභාවික තෙල් භාවිත කිරීමෙන් නිරෝගී කෙස් කලඹක් ලබා ගැනීමට අතිශය වැදගත්ය.

40 ස් වියට පා තබන ඔබත් මේ කරුණු ගැන වැඩි අවධානයක් යොමු කර රුව සහ සෞඛ්‍යත් රැක ගැනීමට උත්සාහ ගන්න.

  

උපදෙස්

ඩුබායි, නෙදර්ලන්තය, මාලදිවයින සහ ටෙක්නික් ඉන්ටර්නැෂනල් ආයතනයේ පුහුණුවලත් දළුගම Degreens Salon සහ නුගේගොඩ Seven Look, හි රූපලාවණ්‍ය ශිල්පිනී

අරෝෂි කෞශල්‍යා

458 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ඔක්තෝබර් 23, අඟහරුවාදා 11:43
අදහස් එක් කිරීමට ලොග් වෙන්න