තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2018 ඔක්තෝබර් 23, අඟහරුවාදා 12:09

වයසට යන සම රැක ගන්න ස්වාභාවික ෆේෂල්.. විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(0 මනාප)
මුහුණ සිතේ කැඩපතක් බඳු ය. ඒ නිසාම දෝ බොහෝ දෙනා, විශේෂයෙන් තම මුහුණ ළප කැලැල්වලින් තොරව ලස්සනට තබා ගැනීමට උනන්දු වේ. ළප කැලැල්වලින් තොර සුන්දර මුහුණක් ලබා ගැනීමට නම් ඒ සඳහා මුහුණේ සම නිරෝගීව තබා ගත යුතුය. මේ සඳහා විවිධාකාර ක්‍රමෝපායයන් පැවතිය ද බොහෝදෙනා ෆේෂල් කිරීමෙන් මුහුණ ලස්සනකර ගැනීමට පෙලඹී සිටිති.

 

ආයුර්වේදයේ ද ෆේෂල් වර්ගයක් පැවැතියත් එය හඳුන්වන්නේ වක්ත්‍ර විශ්ශෝධනය යනුවෙනි. මෙහිදී සම හොඳින් පිරිසුදු කරන අතර මුහුණේ සමට අවශ්‍ය පෝෂණය ද ලබා දීමට සමත්. සාමාන්‍යයෙන් කාන්තාවකට බාහිරව සමේ ආබාධ නැතිනම්, තරුණ වියේ දී සමට විශේෂ පෝෂණයක් අවශ්‍ය නොවේ. එහෙත් දිනෙන් දින වියැකෙන තාරුණ්‍ය සමඟ අපගේ සිරුරේ හෝමෝනවල ක්‍රියාකාරීත්වය හීන වීම තුළින් සමට අවශ්‍ය පෝෂණය නොලැබී යයි.

එමනිසා සමේ තෙතමනය නැති වීම, ඇස් යට රැලි ඇති වීම, ගෙල අවට රැලි ඇතිවීම, ෆයින් ලයින් ගැඹුරු වීම, සම අවපැහැ ගැන්වීම වැනි වියපත් වීමේ ලක්ෂණ බොහොමයක් ඇති විය හැකිය.

එමෙන්ම ලේ ගමනාගමනයේ අඩාල වීම් නිසා ද මෙම තත්ත්වය වඩාත් වැඩි විය හැකිය. මේ හේතුව නිසා ම සෑම කාන්තාවක් ම වයස අවුරුදු 35ට වැඩි වූ විට අවම වශයෙන් මාසයකට වරක්වත් මෙවැනි ෆේෂල් එකක් කිරීම වැදගත් වේ.

මෙය ස්වභාවික ශාකසාර භාවිතයෙන් සිදු කරන්නක් බැවින් තමාට වුවද නිවෙසේ දී ම මෙම සත්කාරය සිදුකර ගත හැකි වීම විශේෂත්වයකි.

* මුහුණට ක්ලෙන්සර් එකක් ලෙසින් පිපිඤ්ඤා යුෂ, මී පැණි, දෙහි යුෂ තේහැන්දක් බැගින් ගෙන ඒවා හොඳින් මිශ්‍රකර මුහුණේ ආලේප කරන්න. මෙම ආලේපය විනාඩි 3 ක් පමණ වේලාවක් උඩු අතට හොඳින් පිරිමදින්න.

මෙය කුඩා මසාජ් කිරීමක් වැනිය. පසුව තෙත පුළුන් හෝ ස්පොන්ජ් එකක් භාවිතකර ආලේපය ඉවත්කර ගන්න.

ඉන්පසුව වෙනිවැල්, වැල් මදට, ඉරමුසු, කොකුම්පොතු, සුදු හඳුන් කුඩු තේහැන්ද බැගින් ගෙන එය පොල් වතුර හෝ මී පැණිවලින් දියකර මුහුණේ ආලේප කරන්න.

පසුව මෙය විනාඩි පහක පමණ කාලයක් රවුමට උඩු අතට ස්ක්‍රබ්කර ආලේපය සමේ ම වියළෙන්නට හරින්න.

එය වියළුණ පසුව නැවත ස්ක්‍රබ්කර වතුරෙන් සෝදා හරින්න.

ඉන්පසුව කොහොඹ කොළ, අමු කහ සමඟ තම්බා ඒ වතුරෙන් මුහුණට දුම් අල්ලා (ස්ටීම්කර) මුහුණෙහි ඇති කළු ලප, සුදු ලප (බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස්) පිම්පල් එක්ස්ටැක්ටරයක් භාවිතකර ඉවත්කර ගන්න.

දැන් කෝමාරිකා යුෂ සමඟ මී පැණි හා තල තෙල් බිංදු කිහිපයක් හොඳින් මිශ්‍රකර සම උඩු අතට විනාඩි 10 ක පමණ වේලාවක් මසාජ් කරන්න. (මෙය හොඳ අවබෝධයකින් සිදු කළ යුතු බව සිහි තබා ගන්න.)

පසුව නාමල් රේණු, ඕලු පිටි, දොඩම් ලෙලි කුඩු, කොකුම් පොතු කුඩු, මී පැණි ආදිය තේහැන්ද බැගින් ගෙන එය එළකිරි සමඟ කකාරවා නිවුණ පසුව මුහුණේ ආලේප කරන්න. ආලේපය වියළුණාට පසුව සෝදා හරින්න.

මෙම ප්‍රතිකර්මයෙන් සම පැහැපත් වනවා පමණක් නොව, මුහුණේ සමට නිසි පෝෂණයක් ද ලැබේ. එමඟින් ගිලිහී යන තරුණ බව බොහෝ දුරට රැක ගැනීමට ඔබට හැකියාව ලැබේ..

 

උපදෙස්

ආයුර්වේද රූපලාවණ්‍ය විශාරද

අසෝකා පල්ලියගුරු

සැලෝන් බෙල්ලෙස්සා මහනුවර

641 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ඔක්තෝබර් 23, අඟහරුවාදා 12:10
අදහස් එක් කිරීමට ලොග් වෙන්න