තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2018 ඔක්තෝබර් 29, සඳුදා 14:00

හැට පැන්නත් ඔබ ලස්සනයි විශේෂාංග

ලිව්වේ  විදුමිණි දිසාකරුණා
අගයන්න
(0 මනාප)
තරුණියන් මෙන්ම මැදිවියේ කාන්තාවන් ද රුව ගැන වැඩි සැලකිල්ලක් දැක්වීම ඉතා වැදගත්. එය නිවැරැදි පෞරුෂයක් ගොඩ නගා ගැනීමට ඉවහල් වෙනවා. ඒවගේම ලස්සනට රූමත්ව ඉන්න කවුරුද අකමැති? ලස්සනට ඉන්න වයස් භේදයක් අදාළම නැහැ.

 

ඒ නිසාමයි, වයසට යත්ම ඔබ ඔබේ ශරීර සෞඛ්‍ය ගැන, සුන්දරත්වය ගැන වැඩියෙන් සිතිය යුතුව ඇත්තේ. වයස අවුරුදු 60 යනු සියලු බරින් නිදහස්ව සුන්දරව සිටීමට, නව ජීවයක් ලද හැකි සොඳුරුතම කාලයකි.

වයස අවුරුදු 30 සිට 60 දක්වා කාලය හැඳින්වෙන්නේ මැදි විය ලෙසත්, වයස අවුරුදු 60 සිට 90 අතර කාලය වයෝවෘද්ධ අවධිය ලෙසත් හැඳින්වෙනවා.

මේනිසා වයස අවුරුදු 60 කියන්නේ ඔබේ ජීවිතයේ ප්‍රධාන සන්ධිස්ථානයක්.

තරුණ අවධියේදී ඔබේ ශරීරය හොඳින් වැඩෙනවා. මැදිවියේදී ඔබේ ශරීරය ක්‍රමයෙන් වයසට යෑම ආරම්භ වෙනවා. වයස අවුරුදු 60 න් පස්සේ ඔබේ ශරීරය වයසයි. ඒ නිසා 60 පැනපු හැම කෙනෙකුම තමන්ගේ ජීවන රටාව ඔවුන් පා තබන නව අවධියට ගැලපෙන ලෙස වෙනස් කර ගත යුතුයි. ඒ සඳහා මේ උපදෙස්, 60 ඉක්මවූ ඔබට ඉතාම වැදගත් වේවි.

සෘජුව හිරු එළියට වැටෙන ස්ථාන මගහරින්න. සැම විටම කුඩයක් හෝ තොප්පියක් ළඟ තබා ගන්න. හිරු එළියට නිරාවරණය වීමෙන් සම රැලි වැටීම වළක්වා ගන්න මෙය හොඳ විකල්පයක්.

පෝෂණය

අධික තුනපහ සහිත ආහාර අවම කරන්න. මේ වයසට අධික තුනපහ භාවිතය නම් එතරම් සුදුසු නැහැ. ඒ වගේම කිරි හෝ කිරි සහිත ආහාර වැඩි කරන්න.

දිනපත ආහාරයට එළඟිතෙල් හැන්දක් එක්කර ගැනීමද

 

 

 

 

 

ඉතාම හොඳයි. මෙය වයසට යාම අඩු කර ගන්න හොඳ ක්‍රමයක්.

තරහා ගන්න එපා

වැඩිපුර තරහ ගන්න අය ඉක්මනට වයසට යනවා.

ඔබට තරහ යන විට ඔබේ සිරුරේ සිදුවන වෙනස් වන හෝර්මෝන වෙනස්වීම හෘදයාබාධ දක්වා දුරදිග යන්නත් පුළුවන්.

නිතරම තරහා යනවා නම් තරහා පාලනය කරගන්න උපක්‍රම/උපදෙස් භාවිත කරන්න.

නින්දත් වැදගත්

දවසේ වැඩ එදාම ඉවර කරන එක හොඳ පුරුද්දක්. ඒ වුණාට දැන් ඔබේ වයසට ඒක එතරම් ගැළපෙන්නේ නැහැ.

රාත්‍රී 10 ට පමණ නිදාගෙන උදෑසන 5 ට පමණ අවදිවීම තමයි නිරෝගීම පුරුද්ද. රෑට කරන්න වැඩ ගොඩක් ඉතිරි වෙල තියෙනවා නම් නිදිමරන්නේ නැතිව ඒ වැඩ ටික හෙටට කල් දාන්න පුළුවන්.

ජලය පානය කරන්න

රාත්‍රී නින්දට ගිය පසු අපි අවදිවන තෙක්ම අපේ ශරීරයට ජලය ලැබෙන්නේ නැහැ.

මේ නිසා අපි අවදි වන විට අපේ ශරීරය හරියට වේළුණු ගහක් වගේ. අවදි වූ විගස වතුර බොනවා කියන්නේ වේළුණු ගහක් බඳු වූ ඔබේ ශරීරයට හොඳට වතුර වක්කරනවා වගේ වටිනා ක්‍රියාවක්.

වතුර බොන විට ඔබට දැනේවි ඔබේ ශරීරය ජලයෙන් තෙත්වී යන ආකාරය ඔබට කෙතරම් සනීපද කියලා.

සීතල වතුර බොන්නේ නැතිව ටිකක් රස්නෙන් වතුර බොන එකත් ශරීරයට වඩා හොඳයි. වතුර බොන එක හොඳයි කියලා ශරීරයට දරා ගන්න බැරි තරමට වතුර බොන්න යන්නත් එපා.

තමාගේ ශරීරයට ඇති කියලා හිතෙන තරම් වතුර බොන්න.

එක දිගට වාඩිවෙලා ඉන්න එපා

ඉඳහිට අතපය සොලවලා විනාඩියක් දෙකක් ඇවිදලා එන්න. හොඳට මතක තියාගන්න, දිගු වේලාවක් වාඩි වෙලා සිටීමෙන් ශරීරයට සිදුවෙන හානිය, දුම් බීම නිසා ශරීරයට සිදුවන හානිය වගේම බරපතළයි. ඒ පුරුදු දෙකම හෘදයාබාධවලට මුල පුරනවා.

දිනපතා හිසට තෙල් ගල්වන්න

හිසකෙස් වැටීම, හිස කෙස් සුදුවීම අවම කිරීම සඳහා මෙය ඉතාම වැදගත්. විශේෂයෙන්ම හිසෙහි උෂ්ණත්වය පාලනය කිරීමටත් මෙය උපකාරි වෙනවා. පොල් තෙල් වෙනුවට ඔලිව් තෙල් හෝ ඖෂධීය ගුණයෙන් තෙල් වර්ගයක් පාවිච්චි කිරීම ඉතාම සුදුසුයි.

තිත්ත ආහාර කෑම වේලට නිතර එකතුකරගන්න

අපි කවුරුත් ටිකක් තිත්ත කෑම කන්න කැමැති නැහැ. හැබැයි මතක තියාගන්න වයස අවුරුදු 60 න් පස්සේ ඔබේ හොඳම මිතුරා තමයි තිත්ත කෑම.

පැණිරස තමයි ඔබේ ලොකුම හතුරා වෙන්නේ.

කරවිල, ගොටුකොළ, තෙබු වැනි පලා වර්ග වැඩිපුර ආහාරයට එකතු කරගන්න. නිවිති, දඹල වගේ වැඩිපුර ජනප්‍රිය නැති රසින් අඩු ආහාර තමයි ඔබේ ශරීරය මනාව පවත්වාගෙන යන්න උපකාරි වන්නේ.

එළවළු තම්බලා කෑමත්, මුං ඇට වගේ ධාන්‍ය වර්ග ආහාරයට ගැනීමත් මේ අතුරෙන් විශේෂයි. සීනි නොදා තේ බොන තරමට තමයි වඩාත් හොඳ. දිනපතා කිනම් හෝ පලතුරක් ආහාරයට ගන්නත් අමතක කරන්න එපා.

මේ කරුණු නිසි ලෙස පිළිපැදීමෙන් අවුරුදු 60 ඉක්මවූ ඔබට ලස්සනව ඉන්න පුළුවන්.

 

 

අවුරුදු 60 පසු කරමින් සිටින ඔබට වඩාත් ගැළපෙන, ෆේෂල් සත්කාරයක් ලබන සතියේදී බලාපොරොත්තු වන්න.

 

 

 

අවුරුදු 60 පසු කරමින් සිටින ඔබට රුව පිළිබඳව ගැටලු ඇත්නම් අප වෙත යොමු කරන්න. අප ඔබට ඉක්මන්, සාර්ථක විසඳුම් ලබා දෙන්නෙමු.

ඒ සඳහා ඔබගේ ගැටලුව සඳහන් කර පහත කූපනය පුරවා 60 න් පසු රුව ගැටලු, තරුණී, ලේක් හවුස්, කොළඹ 10 ලිපිනයට යොමු කරන්න.

උපදෙස්

ඩුබායි, නෙදර්ලන්තය, මාලදිවයින සහ ටෙක්නික් ඉන්ටර්නැෂනල් ආයතනයේ පුහුණුවලත් දළුගම Degreens Salon සහ නුගේගොඩ Seven Look, හි රූපලාවණ්‍ය ශිල්පිනී

අරෝෂි කෞශල්‍යා

268 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ඔක්තෝබර් 29, සඳුදා 14:01
අදහස් එක් කිරීමට ලොග් වෙන්න