තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2018 ඔක්තෝබර් 29, සඳුදා 14:09

මුහුණට වාෂ්ප ඇල්ලීමෙන් අත්වන ප්‍රතිලාභ විශේෂාංග

ලිව්වේ  විදුමිණි දිසාකරුණා
අගයන්න
(0 මනාප)
මුහුණට වාෂ්ප ඇල්ලීම එහෙමත් නැත්නම් ස්ටීම් කිරීම බොහෝ විට කරන්නේ රූපලාවණ්‍ය උපකරණ භාවිතයෙනි. නමුත් එය ඔබට නිවෙසේදීම කරන්නටත් හැකියාව තිබෙනවා.

 

භාජනයකට උණුසුම් වතුර දමා එම හුමාලය මුහුණ මතට වැදෙන සේ විනාඩි 8 ක කාලයක් තැබීම හොඳටම ප්‍රමාණවත්. එය සුළු ප්‍රතිකර්මයක් ලෙස පෙනුණත් අත්වන ප්‍රතිලාභ නම් ඉතා ඉහළයි. ඉතින් අද අපි කතා කරන්නේ වාෂ්ප ඇල්ලීමෙන් මුහුණට හිමි වන ප්‍රතිලාභ පිළිබඳයි.

සම පිරිසුදු වීම

උණුසුමට නිරාවරණය වූ විට සමේ සිදුරු නිරායාසයෙන්ම විවෘත වෙනවා. සමේ සිදුරු විවෘත වීමත් සමග උණුසුම නිසා ඔබට දහදිය දැමීමට පටන් ගන්නවා. එමඟින් සමේ සිදුරු තුළ පැවති අපද්‍රව්‍ය ඉවතට සේදී යනවා. සමේ සිදුරු අවහිර කරගෙන තිබෙන දෑ සහ බ්ලැක්හෙඩ්ස්වල තද බව අඩු වී මෘදු වෙනවා. සම පිරිසුදු වීමේ ස්වභාවික ක්‍රියාවලිය වැඩි කිරීමට වාෂ්ප ඇල්ලීම උපකාරි වෙනවා.

සමට තෙත් බවක් හිමිවීම

වාෂ්ප ඇල්ලීමෙන් පසුව වෙනදාට වඩා සමට තෙත් ස්වභාවයක් හිමි වෙනවා. සමේ වියළි බව අඩු කර ගන්න සතියකට වතාවක්වත් වාෂ්ප ඇල්ලීම ඉතා හොඳ ප්‍රතිකර්මයක්.

රුධිර සංසරණය ප්‍රාණවත් වීම

සම උණුසුම් වීමේ ප්‍රතිඵලයක් ලෙස රුධිර නාල පළල් වෙනවා. ඉතින් දුම් ඇල්ලීමේදීත් ඔබේ නාල පළල් වෙනවා. එමඟින් ඔබේ සිරුරේ රුධිර සංසරණය වේගවත් වී රුධිර පීඩනයත් අඩුවී යයි.

සමේ සෛලවල ක්‍රියාකාරිත්වයට

රුධිර සංසරණ ක්‍රියාවලිය ප්‍රාණවත්වීමේ ක්‍රියාවලියත් සමඟ සමේ සෛලවල ක්‍රියාකාරීත්වය ඉහළ යනවා. සමට සැපයෙන රුධිර ප්‍රමාණය ඉහළ යෑම, සමේ සෛලවල ක්‍රියාකාරිත්වයට පහසුකම් සපයනවා. සම වෙත ගලා එන රුධිර ප්‍රමාණය ඉහළ යාමෙන් සමට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය සහ පෝෂක ප්‍රමාණය ඉහළ යාමක්ද සිදු වෙයි. මේවායේ ප්‍රතිඵලයක් ලෙස සමේ කොලජන් නිපදවීමේ ක්‍රියාවලියත් ඉහළ යනවා. අවසාන ප්‍රතිඵලය ලෙස ඔබට ශක්තිමත් සමක් ලැබෙන අතර රැලි වැටීම ද අවම කරයි.

ගල්වන ආලේපනවල ප්‍රතිඵල මට්ටම ඉහළ යයි

ඔබ ආලේපන මුහුණේ ගල්වන්නේ යහපත් ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙනුයි. ඉතින් ඔබේ සමේ සිදුරු තුළ ඇති අපද්‍රව්‍ය දුම් ඇල්ලීමේදී ඉවත් වන නිසා, ආලේපනවල ඇති ගුණ සම තුළට උරා ගැනීම වඩාත් පහසු කරවනවා. එයින් ඔබේ සමට ආලේපන ගැල්වීමෙන් බලාපොරොත්තු වන සම්පූර්ණ ප්‍රතිඵලයම අත්කර ගන්න පුළුවන්.

සම ලිහිල් වීම සහ මනා විවේකයක් අත්වෙයි

සමට වාෂ්ප ඇල්ලීම මඟින් මනා විවේකි සුවයක් අත් වෙනවා. සමේ මාසංපේශි ඉහිල්වීම මඟින් ඔබට මනා සුවයක් අත් කර ගන්න පුළුවන්. රාත්‍රි නින්දට පෙර මුහුණට වාෂ්ප ඇල්ලීමෙන් සුවදායි නින්දක් ලැබෙන බව පැවසෙනවා. ඔබේ සිරුර හා මනස ලිහිල් කර ගන්න මෙය හොඳ අභ්‍යාසයක්. එමෙන්ම මානසික ආතතිය යම් තාක් දුරකට අඩු කර ගන්නත් පුළුවන්.

දිදුළන සමක් හිමි කර ගත හැකිවීම

වාෂ්ප ඇල්ලීම මඟින් සම හොඳින් පිරිසුදු වීමත්, ගල්වන ආලේපනවල ගුණ ඉක්මනින් සමට උරා ගැනීමත්, සම වෙත ලැබෙන රුධිර ප්‍රමාණය ඉහළ යාමත් නිසා කෙටි කාලයකින්ම ඔබට දිදුලන සමක් හිමිකර ගත හැකියි.

 

 

උපදෙස්

රූපලාවණ්‍ය ශිල්පිනී

දිල්කා මාටින්

සැලෝන් දිල්රූ මොරටුව

316 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ඔක්තෝබර් 29, සඳුදා 14:11
අදහස් එක් කිරීමට ලොග් වෙන්න