තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2018 නොවැම්බර් 05, සඳුදා 13:48

60+ ෆේෂල් විශේෂාංග

ලිව්වේ  විදුමිණි දිසාකරුණා
අගයන්න
(0 මනාප)
ජාතිය, කුලය, ආගම, ගෝත්‍රය, ජීවත් වන පරිසරය යනාදී බාහිර සාධකවල භේදයක් නොමැතිව එදා මෙදාතුර ඕනෑම අවධියක ජීවත් වූ කාන්තාවන් යම් එක් පොදු දෙයක් කෙරහි උනන්දුවක් දැක්වූවා නම් ඒ සිය රූ සපුව වඩවා ගන්නා ආකාරය පිළිබඳවයි.

 

ඔබ කාන්තාවක නම් ඔබ ලොව කොතැනක ජීවත් වුවත් තමා ජීවත්වන රටෙන් පරිබාහිර වූ ලොව අන් රටවල ජීවත්වන කාන්තාවන්ගේ රූ සපුව දෙස වරක් හෝ ඊර්ෂ්‍යා සහගතව නොබැලුවා නම් ඔබ කාන්තාවක් නොවෙයි.

ඒ සුරූපී කාන්තාවන් කෙතරම් වයසට ගියත් ඒ තරම්ම සුන්දරව ඉන්නේ ඔවුන් නිරතුරුවම තම රූපය ගැන උනන්දුවන නිසයි. ඉතින් තරුණ වයසේදී පමණක් නොව මැදි වයස පසු කල ඔබට කැඩපතක් මෙන් පැහැදිලි නිකැළැල් සමක් ලබා ගැනීම එතරම් අපහසු කාර්යයක් නොවේ.

අවුරුදු 60 පසු කරමින් සිටින ඔබත් මේ ෆේෂල් සත්කාරයකට යොමු වීම තුළින් වාසිදායක ප්‍රතිඵල අත්කර ගත හැකියි.

මේ 60+ ෆේෂල් සත්කාරය කර ගැනීමට ඔබට තනිව හැකි වුවත් පළපුරුදු රූපලාවණ්‍ය ශිල්පිනියක් වෙත යොමු වීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබ ගැනීමට හැකි වේවි.

පළමුව මුහුණ හොඳින් ක්ලෙන්සර් කර ගන්න. එමඟින් මුහුණෙහි ඇති කුණු දුහුවිලි හොඳින් ඉවත්වෙයි. ඉන්පසු ස්ටිම් කර ගැනීම සිදු කරන්න. දැන් ෆේස් පෑඩ් ආධාරයෙන් ක්ලෙන්සර් එක ඉවත් කරන්න.

ඉන්පසු බ්ලැක් හෙඩ්ස් සහ වයිට් හෙඩ්ස් ඉවත් කර ගැනීමට බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් පැක් එක නළලෙහි, නාසයේ දෙපස, නිකට යන ස්ථානවල හොඳින් ආලේප කරන්න. දැන් එම ස්ථාන ටිෂූවලින් වසා මඳ වේලාවක් තබන්න. පැක් එක වියැළුණු විට, ටිෂූ ඉවත් කරන්න. එමගින් මුහුණෙහි ඇති බ්ලැක් හෙඩ්ස් සහ වයිට් හෙඩ්ස් හොඳින් ඉවත් වී යයි.

ඉන්පසු මුහුණ හොඳින් ස්ක්‍රබ් කර ගත යුතුයි. ස්ක්‍රබ් කිරීමෙන් පසු ෆේස් පෑඩ් ආධාරයෙන් එය ඉවත් කරන්න. දැන් බ්‍රෂ් එකක් ආධාරයෙන් මුහුණෙහි වයිට්නින් පැක් එක ආලේප කර ගන්න. එය ද සුළු වේලාවක් තබා ෆේස් පෑඩ්වලින් ඉවත්කර ගන්න.

දැන් ෆේස් ලිෆ්ටින් මැෂින් එක මඟින් මුහුණෙහි උඩු අතට එම යන්ත්‍රය කිහිප වරක් ගෙන යන්න. එමගින් එල්ලා වැටෙන සම යළි යථා තත්ත්වයට පත් වේ.

ඉන් පසුව සැෆ්රන්, විටමින් ඡ්, ග්ලූටතයෝන් සහ විටමින් ඛ් අඩංගු පැක් එක ඇඟිලි තුඩුවලින් මුහුණෙහි ආලේප කරගන්න. දැන් පැක් එක සේ ගෝස් කැබලිවලින් මුහුණ හොඳින් ආවරණය කරන්න. එයට උඩින්, බ්‍රෂ් එකක් ආධාරයෙන් තර්මෝ පැක් එක ද ආලේප කළ යුතුයි. දැන් මෙය විනාඩි 20 ක පමණ කාලයක් තබා ඉවත් කරන්න. එය මාස්ක් එකක් ආකාරයෙන් ඉතා පහසුවෙන් ගැලවිය හැකියි.

ඉන්පසු අවශ්‍ය නම් ඇහි බැම සකසා ගැනීම සහ නිකට, උඩුතොල ආශ්‍රිතව ඇති රෝම ඉවත් කර ගැනීම කළ හැකියි.

අවසානයට හයිෆ්රෝ කැන්සි මැෂින් එක මුහුණට සියුම් ලෙස අල්ලන්න.

මේ ෆේෂල් සත්කාරය කිරීමෙන් මුහුණෙහි රැලි වැටුණු ස්වභාවය ඉවත් වී සම පැහැපත් වී තරුණ සමක් ඇති වෙයි. 60 විය පසු කරමින් සිටින ඔබත් මේ ෆේෂල් සත්කාරය කර ප්‍රතිඵල අත් විඳින්න අමතක කරන්න එපා.

 

උපදෙස්

ඩුබායි, නෙදර්ලන්තය, මාලදිවයින සහ ටෙක්නික් ඉන්ටර්නැෂනල් ආයතනයේ පුහුණුවලත් දළුගම Degreens Salon සහ නුගේගොඩ Seven Look, හි රූපලාවණ්‍ය ශිල්පිනී

අරෝෂි කෞශල්‍යා

 

 නිරූපණය - නිලන්ති

 

ඡායාරූප - ඩයන් ප්‍රදීප්

213 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 නොවැම්බර් 05, සඳුදා 13:51
අදහස් එක් කිරීමට ලොග් වෙන්න