තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2013 අගෝස්තු 29, බ්‍රහස්පතින්දා 10:07

මල් සැකසුම් කලාව ජයගත් ඇය

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(0 මනාප)
පැට්‍රිෂියා කුරුකුලසූරිය   මල් සැකසුම් කලාවේදී වඩාත් සුවිශේෂි වන්නේ එහි නිර්මාණාත්මක බවයි. එම නිර්මාණශීලිත්වය තුළින් අලුත් දෙයක් කරන්නට අලුත් වෙනසක් දකින්නට හැමදාමත් ප්‍රිය කළ ඇය පැට්‍රිෂියා කුරුකුලසූරිය වන්නී ය. ඇය මල් සැකසුම් කලාව පිළිබඳ වගේම රූපලාවණ්‍යායේත් ප්‍රවීණත්වයක් ලබා තිබෙන ශිල්පිනියකි.

 

"මට මුලින්ම 1994 වර්ෂයේ දී උසස් අධ්‍යාපන කටයුතු සඳහා කොළඹට පැමිණෙන්න සිදුවුණා. ඒ කාලෙ ඉදලම මම රූපලාවණ්‍යත් මල් සැකසුම් කලාවත් හොඳින් ප්‍රගුණ කළා.

ඒ අනුව 1995 දී Saloon Purple - school of Beauty Culture & Fine Arts නමින් ඇකඩමියක් ආරම්භ කිරීමට මට හැකියාව ලැබුණා.

ඉන්පසු කුරුණෑගල, කුලියාපිටිය, හොරණ, කැලණිය, ගම්පහ, නිට්ටඹුව යන නගරවල මධ්‍යස්ථාන පිහිටුවා එමගින් දිවයිනේ සිසුන් ගණනාවකටම රූපලාවණ්‍ය හා මල් සැකසුම් පාඨමාලා පැවැත්වුවා.

පසුව 1999 වර්ෂයේ දී මට ජපානයට යාමට අවස්ථාව උදා වුණා. ඒ මගේ සැමියාට රැකියා කටයුතු සඳහා ජපානයට යාමට සිදු වූ නිසා. ඒ කාලය තුළ මට ජපානයේ දී විවිධ පාඨමාලා හැදෑරීමට අවස්ථාව උදාවුණා.

ඒ අතර  Isukuba Community Collage. A.B. Cube Floral Arts Academy, Tokyo-Meguro International Friedshio Association වැනි ආයතන මගින් රූපලාවණ්‍ය හා අත්කම් පාඨමාලා කීපයක්ම හැදෑරූවා.

ඉකෙබානා කලාව, මල් සැකසුම් කලාව, පේපර් ටෝල්, සම්භාණ්ඩ සෑදීම, පේපර් ඩෝල්ස් සෑදීම එග්ෂෙල් කාවින්ස් වැනි කලාවන් පිළිබඳ මනා දැනුමක් ලබාගැනීමට හැකියාව ලැබුණා.

මේ අයුරින් වසර හයක් පමණ ජපානයේ ජිවත්වෙමින් රූපලාවණ්‍ය කෙරෙහිත් මල් සැකසුම් කෙරහිත් විධිමත් දැනුමක් සහ පුහුණුවක් ලැබූ ඇය 2010 වසරේදී නැවත ලංකාවට පැමිණ ලංකාවේ දී රූපලාවණ්‍ය හා අත්කම් පාඨමාලා නැවතත් ආරම්භ කළාය.

විදේශ ගතවීමට පෙර සිටම මල් කළඹ හා හිස් පලඳනා සෑදිම පිළිබඳ පාඨමාලා පවත්වමින් සිසුන් විශාල ප්‍රමාණයකට තම දැනුම ලබාදුන් ඇය නැවත ලංකාවට පැමිණ Purple Flora Art’s  නමින් නැවතත් මල් සැකසුම් පිළිබද පාඨමාලා පැවැත්විම ආරම්භ කළාය.

එහිදී ඇය මල් සැකසුම් පිළිබඳ ලත් දැනුම සහ අත්දැකීම් උපයෝගී කරගෙන පතරොම් සහිත ක්‍රමයක් හඳුන්වා දීමට ද සමත් වූ වාය.

ඔබත් මේ මල් සැකසුම් කලාව පිළිබඳ උනන්දුවක් දක්වන්නියක් නම් 077 - 6476179 අංකයෙන් පැටි‍්‍රෂියා කුරුකුලසූරිය මහත්මිය ඇමතිය හැකිය.

මේ ක්‍රමයේදී මල් සැකසුමක් කිරීමට පෙර එහි දිග, පළල සහිත ගණිත ක්‍රමයක් උපයෝගි කරගනිමින් මල් සැකසුම් නිර්මාණය කරනවා. එය අද වන විට ගොඩක් සාර්ථක ක්‍රමයක් වෙලා තියනවා. ඒ නිසාමයි ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තිබෙන අය පවා මා සොයා පැමිණෙන්නේ.

මේ ක්‍රමය ජපානයේ ගොඩක් ප්‍රසිද්ධ ක්‍රමයක්. ඒ වගේම මේ ක්‍රමය යොදාගෙන මල් සැකසුම් නිර්මාණය කිරීමට හොඳ ඉල්ලුමකුත් තියනවා.

ඒ නිසාම මේ සඳහා තිබෙන රැකියා අවස්ථා ද බොහීමයි.” ඇය මේ දිනවල මල් සැකසුම් කලාව පිළිබද නව පාඨමාලාවන් ආරම්භකොට ඇති අතර මහනුවර, කුරුණෑගල මීගමුව, නුගේගොඩ, කිරිබත්ගොඩ කිරිල්ලවල යන ප්‍රදේශවල පවත්වාගෙන යන මධ්‍යස්ථාන වෙත පැමිණ පුහුණුව ලබාගන්නා පිරිස දිනෙන් දින වැඩිවන්නේ ඇය තුළ ඇති දක්ෂතාව නිසාමයි.

 

 

13370 වාරයක් කියවා ඇත
අදහස් එක් කිරීමට ලොග් වෙන්න