තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2013 අගෝස්තු 29, බ්‍රහස්පතින්දා 13:37

ජාත්‍යන්තර ‘හෙයාර් ස්ටයිලිස්ට්’ පාඨමාලාව හදාරා (NVQ) සුදුසුකම් ලබාගන්න

Written by 
අගයන්න
(0 මනාප)
නුගේගොඩ ආසියානු ලංකා වෘත්තීය අධ්‍යාපන පීඨය දැනට දශක දෙකහමාරක් (අවු : 25) ක් පුරා මෙරට කොණ්ඩා කැපීමේ ශිල්පය හා රූපලාවණ්‍ය පිළිබඳ පාඨමාලා මෙහෙයවයි.

අද ලෝකයට ඔබින නව විලාසිතා සහ ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුව මෙම ජාත්‍යන්තර පිළිගත් NVQ Level - 4 සහතිකය රජයෙන් ලබා ගැනීම අප ආයතනය හරහා ඔබට හැකියාව ඇත. නුගේගොඩදී NVQ හදාරා ශ්‍රී ලංකාවේදී දිනාගත හැකි උපරිම සුදුසුකම ලබා ජාත්‍යන්තර මට්ටමේ රූපලාවණ්‍ය සහ කොණ්ඩා සැකසීමේ සහතික ලාභියකු වන්න. ලෝකයේ ඕනෑම රටක වෘත්තීය වීසා ලබාගැනීමට මෙම සුදුසුකම් සහතිකය ඉතා වැදගත් වෙයි. මාධ්‍යවේදී සහ විදෙස් ප්‍රවෘත්ති විචාරක ඒ. බී. ලලිත් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු නුගේගොඩ ආසියානු ලංකා අධ්‍යාපන පීඨය පුරා වසර 25 ක් තුළ මෙරට තරුණ පරපුරේ වෘත්තීය ආධුනිකත්ව පුහුණුවේ නිතරව සිටියි.

කොණ්ඩා කැපීම සහ රූපලාවණ්‍ය ශිල්පය සහ ප්‍රමිතියකින් යුත් සැලෝනයක් පවත්වාගෙන යාම අද ලෝකයේ විශාල ආදායම් මාර්ග උත්පාදනය කරන ව්‍යාපාරයක් බව නොරහසකි. එහෙත් මෙය මනා සුදුසුකම් වලින් තොරව කළ නොහැකි බව අමතක නොකරන්න.

දැනට ඔබගේ සුදුසුකම් රජයේ අධීක්ෂණයට ලක්වී ඇති අතර ( (NVQ) සහතිකය නොමැති අයහට මෙම රූපලාවණ්‍ය සහ හෙයාර් ස්ටයිලිස්ට් උපදේශකවරුන් සහ උපදේශකවරියන් විය නොහැකිවා මෙන්ම සැලෝනයක් පවත්වාගෙන යාමේ මූලික සුදුසුකම් ද නොසපිරේ.

ඒ නිසා ඔබ කළ යුත්තේ දුරකථන අංක 2810045, 077-5810033, 2826412 හෝ 011-4340380 කතා කොට විස්තර පත්‍රිකා සහ අයදුම්පත් ගෙන්වා ගෙන නව පාඨමාලා වාරය සඳහා අයදුම් කිරීමයි.

මේ සඳහා ඔබට උපකාර වීමට අපගේ තොරතුරු සේවාවේ නිමාලි සහ මනෝජා පැය 24 පුරා බැඳී සිටින බව අමතක නොකරන්න. මෙරට හෝ පිටරට වෘත්තීයන් තෝරා ගැනීමේදී වෘත්තීය පුහුණු පාඨමාලා සහතිකය ඔබගේ විදේශ ගමන් බලපත්‍රය තරමටම අත්‍යවශ්‍ය වූ දෙයක් බව සලකන්න.

16654 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2013 අගෝස්තු 29, බ්‍රහස්පතින්දා 13:46
අදහස් එක් කිරීමට ලොග් වෙන්න