තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2013 අගෝස්තු 29, බ්‍රහස්පතින්දා 15:17

රූපලාවණ්‍ය ක්‍ෂේත්‍රයේ ඉසුරුබර හෙට දිනකට...

ලිව්වේ  ප්‍රසන්නි ගී තරංගමා
අගයන්න
(0 මනාප)
දැයේ දුවා දරුවන්ව වෘත්තීය පුහුණුවෙන් ඉසුරුබර ජීවිතයකට එතෙර කරවන්නට නිබඳ වෙහෙසෙන රන්මලී ගුණවර්ධන ප්‍රතීපනයලත් පුහුණු පාඨමාලා සපයන්නන්ගේ සංගමයේ සභාපතිනියයි.

 

සහජ හැකියාවෙන් දැනුමෙන් - අත්දැකීමෙන් මෙන්ම එංගලන්තය ජපානය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය යන රටවලත් ලැබූ රූපලාවණ්‍ය විශේෂඥ පුහුණුව නිසා ඇය හැඩවැඩ කලාවේ හිණිපෙත්තටම නැඟී ශිල්පිනියකි. මේ දැනුම - අත්දැකීම් ඉදිරි පරපුරට දායාද කරන ඇගේ රූපලාවණ්‍ය ඇකඩමියේදී රජයේ NVQ  සහතිකය, City and Guilds එංගලන්තයේ සහතිකය සහ ඕස්ට්‍රේලියාවේ  TAFE AQF සහතිකය අපේ සිසු සිසුවියන් වෙත පිරිනැමීම විශේෂත්වයකි.

රන්මලී ඕස්ට්‍රේලියාවේ රජයේ ඇගැයීම් නිලධාරියක්ද වන්නීය. එමෙන්ම සිංහ සමාජයේ A2 සිංහ දිස්ත්‍රික්කයේ කලාපීය සභාපතිනිය වන ඇය රටපුරා රූපලාවණ්‍ය වැඩමුළු පවත්වමින් අපේ කාන්තා පරපුර වෙත ඉටුකරන්නේද මහඟු මෙහෙවරකි.

රූපලාවණ්‍ය පාඨමාලා හැදැරූ සිසු සිසුවියන් වෙත දෙස් විදෙස් රැකියා අවස්ථා පිළිබඳ තොරතුරු ගෙනයමින් කරන ඇගේ මෙහෙවරද ප්‍රශංසනීය වේ. මෙවර ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන ආසියානු පැසිපික් ජාත්‍යන්තර සමුළුවට වෘත්තීය පුහුණු ක්‍ෂේත්‍රය වෙනුවෙන් රන්මලී ගුණවර්ධන ඇරයුම් ලැබුවාය.

ඔබේ ජිවිතය ආලෝකවත් කරන NVQ ගැන ඇගෙන් කළ සුවිශේෂ විමසීමකි මේ.

වෘත්තීය පුහුණුවකට පිළිගැනීමක් ලැබෙන්නනම් NVQ  සහතිකය අනිවාර්යයි. මොක්ද මේ NVQ  ?

මෙය වෘත්තීය පුහුණුව සඳහා ලබාදෙන ජාතික වෘත්තික සුදුසුකමකි. යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය යටතේ කෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවෙන් රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයම හරහා NVQ සහතිකය පිරිනැමෙනවා. මේ සඳහා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ ගරු ඩලස් අලහප්පෙරුම ඇමතිතුමාගේ ආශිර්වාදය නිබඳව ලැබෙනවා.

ඒ අනුව වෘත්තීය පාඨමාලා පුහුණු සියයකට වැඩි ගණනක් සඳහා NVQ  සහතිකය ලබා ගත හැකියි.

අපේ NVQ  සහතිකය සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක් තිබෙනවාද ?

අපේ NVQ  සහතිකයේ වැදගත්කම දේශීය මෙන්ම විදේශීය රැකියා අපේක්‍ෂාකරන වෘත්තීකයන්ටයි. රජයේ රැකියාවක් සඳහා අයැදුම්කිරීමේදී රජයෙන් පිරිනැමෙන ව්ඍQ සහතිකපත් ලාභීන්ට ප්‍රමුඛත්වය ලැබෙනවා. බොහෝවිට වෘත්තිකයන් බඳවා ගැනීමේදී අදාළ NVQ  සහතිකය ලබාතිබීම අනිවාර්ය සුදුසුකමයි.

තවත් අපේ NVQ  පාඨමාලා සකස් වී ඇත්තේ විදේශීය රටවල NVQ  පාඨමාලා විෂය නිර්දේශ හා ප්‍රායෝගික පුහුණුවට අනුරූපවයි. ඒ නිසා විදේශීය රැකියා වෙළෙඳපොළේදී අපේ NVQ  සඳහාත් ඉහළ පිළිගැනීමක් තිබෙනවා.

NVQ පාඨමාලා සඳහා යොමුවිය යුත්තේ කවුද ?

පැහැබර අනාගතයක් වෙනුවෙන් අපේ මාපියන් දරුවා වෙත ලබා දෙන ඉලක්ක වෛද්‍යවරයා, ඉංජිනේරුවා, නීතිඥයා වැනි සුපුරුදු වෘත්තීය අවස්ථා කීපයකට සීමාකරනවා. එහෙත් තමන්ගේ හැකියාවේ වපසරිය අනුව මේ ඉලක්ක කරා ළඟා නොවන දරුවන් පිරිස විශාලයි. සැබැවින්ම මොවුන්ටත් දීප්තිමත් අනාගතයක් අහිමි නැහැ. ඔවුන්ව හැකියාව - කුසලතාව - කැමැත්ත අනුව දක්‍ෂ වෘත්තිකයන් බවට පත්කරන්නටයි NVQ  පාඨමාලා සැකසී තිබෙන්නේ. හැකියාවට රැකියාවක් අපේක්‍ෂාකරන ඕනෑම අයකුට NVQ   පාඨමාලාවකට පිවිසිය හැකියි. මීට අමතරව තමන් නියැලෙන වෘත්තියේ ඉහළ ඉලක්ක හඹා යන අයටත් හැදෑරිය හැකි NVQ   පාඨමාලා වල අදියර තිබෙනවා. පාඨමාලාවෙන් පාඨමාලාවට සිසුන් සපුරා තිබිය යුතු මූලික සුදුසුකම් වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් 8 ශ්‍රේණිය සමත් අයකුට වුවත් වෘත්තිය පුහුණු පාඨමාලාවකට ඇතුළත් වී NVQ  සහතිකයක් ලබාගත හැකියි.

මේ වන විටත් වෘත්තිකයන් බවට පත්වී සිටින අයකු අනාගත අභිවෘද්ධිය සඳහා NVQ  සහතිකයක් ලබාගැනීමට අපේක්‍ෂා කරනවා නම්....

ඔව් එවැනි අයටත් NVQ ලබා දෙන විශේෂ ක්‍රමවේදයක් තිබෙනවා. ඒ අනුව තම වෘත්තීය ආයතනය වසර පහකට වැඩි කාලයක් රජයේ ලියාපදිංචි කර තිබීම හෝ වසර පහක් EPF - ETF  ලබා තිබීම අත්‍යාවශ්‍යයයි ඔවුන්ටඑක හරහා NVQ සහතිකයට අයැදුම් කළ හැකියි. මේ අයගේ පෙර දැනුම අගයා විභාගයක් පවත්වා ව්ඍQ සහතිකය ලබාදීම අර්‍ථඹ් ක්‍රමයට සිදු කරනවා.

 NVQ පාඨමාලා හරහා ළඟා විය හැකි ඉළම ඉලක්කය කුමක්ද ?

වෘත්තීය පාඨමාලාව අනුව NVQ  අදියර වෙනස් වනවා. ඕනෑම වෘත්තියක  NVQ Level - 4   සහතිකයක් ලබා තිබීම ඉතා ඉහළ සුදුසුකමක්. මීට අමතරව අද ඇතැම් වෘත්තීය පාඨමාලා ඔස්සේ  NVQ Level - 6 - 7 දක්වා ජාතික සුදුසුකම ලබා ගත හැකියි. NVQ Level - 7  කියන්නේ උපාධි මට්ටමයි. මෙලෙස ඉහළම ඉලක්කය ළඟා වූ වෘත්තික සිසුන්ට රත්මලානේ වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයෙන් උපාධිය පිරිනැමෙනවා.

NVQ  සහතිකය හිමි අයට ලැබෙන ආර්ථික ප්‍රතිළාභ ගැනත් කීවෝතින්....

NVQ සහතිකය ලබාදෙන වෘත්තිය පුහුණු පාඨමාලා පවත්වන්නේ අදාළ ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් පමණයි. අධ්‍යාපන ආයතනත් සියලුම පහසුකම් සපුරා ඇත්දැයි නිරතුරුව රජයෙන් අධීක්‍ෂණය වනවා මෙවැනි පසුබිමක වෘත්තීය පුහුණු පාඨමාලා හදාරන සිසුවා NVQ  සහතිකයට ළඟා වන්නේ හොඳ දැනුමක් සහ රැකියා ගත පුහුණුවක් සමගයි. ඒ නිසා NVQ  සහතිකය ලැබූ අයකු තවදුරටත් රැකියා විරහිත පුද්ගලයකු නොවෙයි. විශේෂයෙන්ම ඔවුන්ට දේශීය මෙන්ම විදේශීය රැකියා වෙළෙඳපොළේත් ඇත්තේ ලොකු ඉල්ලුමක්. ඇතැම් NVQ  වෘත්තිකයන් අපරටේ සිටම විදේශීය රැකියාවකින් ලබන අදායම මෙන් දෙතුන් ගුණයක් උපයන අවස්ථාත් තිබෙනවා. තවත් පසෙකින් NVQ  අදියර නිසා රූපලාවණ්‍ය හා කේෂාලාවණ්‍ය ශිල්පීන් විශේෂඥයන් බවට වෘත්තීය උසස්වීම් ලබනවා. ඇත්තටම NVQ  සහතිකය සමග දරුවන්ගේ ආකල්ප වර්ධනය වනවා. ඒ නිසා NVQ  සහතිකයක් ලැබූ හැම වෘත්තීකයකුගේම ජීවිතය සමෘද්ධිමත්.

අද වෘත්තීය පුහුණු ආයතන හතු පිපෙන්නාක් සේ බිහිවෙනවා. මේ අතරින් NVQ  සහතිකය ලබාදෙන ආයතන හදුනාගන්නේ කොහොමද ?

මෙය දරුවන් වෙනුවෙන් රුපියල් ශත වැය කරන මාපියන් වෙත යා යුතු හොඳම පණිවුඩයයි. ඔබේ මුදලත්, දරුවාගේ කාලයත් වැය කළ යුත්තේ පිළිගැනීමක් ඇති - පළදායි වූ වෘත්තීය පුහුණු පාඨමාලාවක් වෙනුවෙන්මයි. ඒ නිසා දරුවා යොමුකරන පාඨමාලාවෙන් NVQ  සහතිකය ලැබේදැයි විමසිලිමත් වන්න.

අදාළ ආයතනය ව්ඍQ සහතිකය ලබාදීමට සුදුසුකම් සපුරා ඇත්දැයි තෘතීයික හා වෘත්තීය පුහුණු අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) වෙතින් දැනගත හැකියි.

එහි ලිපිනය

නිපුණතා පියස
354/2
3 වැනි මහල,
ඇල්විටිගල මාවත,
නාරාහේන්පිට, කොළඹ 5.

එසේම T V E C හි දුරකථනය : 011-5849291 හා වෙබ් අඩවියේත් NVQ ලබාදෙන වෘත්තීය පුහුණු ආයතන ලේඛනය www.tvec.gov.lk වෙබ් අඩවියේ ප්‍රදර්ශනය වනවා.

NVQ පිළිබඳ වැඩි විස්තර සඳහා මාගේ දුරකථන අංකයත් ඔබට විවෘතයි.

011-2517667, 071-4278135

17934 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2013 අගෝස්තු 29, බ්‍රහස්පතින්දා 15:21
අදහස් එක් කිරීමට ලොග් වෙන්න