තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

සාරි සිරස්තල

2013 ඔක්තෝබර් 03, බ්‍රහස්පතින්දා 10:05

මල් සැකසුම් කලාවේ සොඳුරු නිමැවුම්කාරිය

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(0 මනාප)
- පැට්‍රිෂියා කුරුකුලසූරිය මල් සැකසුම් කලාව නිර්මාණශීලීව කළ හැකි නම් එහි වටිනාකම ඉහළයි. ඒ වගේම සුවිශේෂියි. එලෙසින් සුවිශේෂී ලෙස නිර්මාණශීලීව මල් සැකසුම් කලාවේ නිරත ඇය පැට්‍රිෂියා කුරුකුලසූරියයි. මල් සැකසුම් කලාවට මෙන්ම රූපලාවණ්‍යයටත් එකසේ දස්කම් දක්වන ඇය 1995 වර්ෂයේ දී මේ ක්ෂේත්‍රයට අවතීරණය විය. පළමුවෙන්ම Salon Purple - School of Beauty Culture & Fine Arts නමින් ඇකඩමියක් ආරම්භ කළ අතර, පසුව කුරුණෑගල, කුලියාපිටිය, හොරණ, කැලණිය, ගම්පහ, නිට්ටඹුව - ආදී නගරවල මධථ්‍යස්ථාන පිහිටුවමින් රූපලාවණ්‍ය හා මල් සැකසුම් පාඨමාලා පැවැත්වී ය.

 

පසුව 1999 වර්ෂයේ දී ජපානයට ගිය ඇය  Isukaba Community College, A.B. Cube Floral arts Academy, Tokyp - Meguro International Friedshio Association යන ආයතනවලින් රූපලාවණය හා මල් සැකසුම් කලාව ප්‍රගුණ කළා ය.

ඒ අනුව ඇය මල් සැකසුම් කලාව පේපර් ටෝල්, සම්භාණ්ඩ සෑදීම, පේපර් ඩෝල්ස් සෑදීම, එග්සෙල් කාවින්ස් වැනි කලාවන් පිළිබඳ මනා දැනුමක් ඇය ලබාගෙන ඇත.

අද වන විට Purple Floral Arts Academy  මගින් නගර කිහිපයකම ජාත්‍යන්තරව භාවිතා කරන ක්‍රම වේදයකට අනුවම පාඨමාලා පවත්වන අතර ඒ සඳහා මේ දිනවල සිසුන් ඇතුළත් කරගනු ලැබේ.

ඔබත් මල් සැකසුම් කලාව පිළිබඳ උනන්දුවක් දක්වන්නියක් නම් හෝ පාඨමාලා සඳහා ඇතුළත් වීමට කැමැතිනම් 077 6476179 අංකයෙන් පැට්‍රිෂියා කුරුකුලසූරිය මහත්මිය ඇමතිය හැකිය.

 

12702 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2013 ඔක්තෝබර් 03, බ්‍රහස්පතින්දා 10:23
අදහස් එක් කිරීමට ලොග් වෙන්න