තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2014 පෙබරවාරි 11, අඟහරුවාදා 14:36

මනාලියක් වනදාට...ඔබේම දැතින් ඔබේම මල් කළඹ විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(7 මනාප)
මනාලියකගේ රුව අලංකාරයේ වැදගත් ම දේ කුමක්ද? යමකු ඔබෙන් මෙලෙස ඇසුවොත් කුමක්ද දෙන පිළිතුර. මඳක් සිතන්න.. කොතරම් ලස්සනට හැඩ වැඩ වූ යුවතියක් වුවත් මනාලියක් වන්නේ මල් කලඹක් අත දැරූ විටයි. මල් කලඹ ඒ තරමට ම මනාලියකට වැදගත්.

 

ඒ නිසාම සුන්දර මල් කලඹක් හැම මනාලියක් ම බලාපොරොත්තු වේ. ඔබ විසින් නිර්මාණය කරන මල් කලඹ මනාලියගේ ඇඳුමට, මනාලියගේ ශරීර ප්‍රමාණයට හා මංගල උත්සවයේ ස්වභාව අනුව සකස් කළ යුතුයි. එසේ නොමැතිව තමාගේ කැමැත්ත මත පමණක් පදනම් වී සකස් කරන්නා වූ මල් කලඹ මනාලියට නොගැළපීමට වුවද හැකියාව පවතිනවා.

පසුගිය සතියේ ස්වාභාවික මල් භාවිතයෙන් මල් කලඹක් නිර්මාණය කරන අයුරු ඔබට ඉදිරිපත් කළෙමු. අද අප ඔබට ඉදිරිපත් කරන්නේ කෘත්‍රිම මල් හා කොළ භාවිත කරමින් මල් කලඹක් සකසන ආකාරයයි.

මේ මල් කලඹ සැකසීම සඳහා තරමක ලොකු මල්, මධ්‍යම ප්‍රමාණයේ මල්, කුඩා මල් හා මල් කොළ අවශ්‍ය වේ. මේ මල්වල පෙත්තක් අතරින් කම්බිය දමා මල් නටුව අසලට ගෙන ඔතා ගන්න.

මේ සඳහා ගේජ් 20 ප්‍රමාණයේ කම්බි යොදා ගැනෙන අතර කම්බිය අඟල් 10-12 ක් පමණ දිගට ගත යුතුයි. ඉන් පසුව මලේ නටුව කම්බිය වැසෙන සේ අඟල් 4-5 ක් පමණ දිගට කොළ පැහැති ගම්ටේප්වලින් ඔතා ගන්න.

මේ ආකාරයට මධ්‍යම ප්‍රමාණයේ මල්, කුඩා මල් හා කොළ ද කම්බිවල රඳවා ගම්ටේප් ඔතා ගත යුතුයි. මධ්‍යම ප්‍රමාණයේ මල් කිනිති ද වෙන වෙනම කම්බි දමා ගම් ටේප්වලින් ඔතා ගත යුතුය.

ඉන් පසුව ප්‍රථමයෙන් මල් කිනිති එකකට එකක් පහළට සිටින සේ තබා රඳවා ගන්න. පසුව ලොකු මල් එකිනෙක තරමක පරතරයක් සිටින සේ රඳවා ගන්න. අනතුරුව මධ්‍යම ප්‍රමාණයේ මල් ගෙන එම හිඩැස් ඇති තැන්වලින් රඳවන්න. කුඩා මල් ගෙන මල් කලඹේ හිඩැස් අතරින් රඳවා ගන්න.

අවසානයේ දී කොළ, මල් කලඹට එකතු කළ යුත්තේ එහි සමබරතාව රැකෙන අයුරිනි. මේ සියල්ල එකතුකොට අවසානයේ දී කම්බි වැසෙන සේ ගම්ටේප් ඔතා ගත යුතුයි.

මෙම මල් කලඹේ අලංකාරය සඳහා සුදුසු පරිදි මුතු, පබළු ආදී විසිතුරු දේ භාවිත කළ හැකිය. එහෙත් මතක තබා ගත යුත්තේ මේවායින් මල් කලඹට අලංකාරයක් මිස තොරොම්බල් පෙනුමක් ලබා නොගත යුතු බවයි. මේ හැම දෙයක් ම සිදු කළ යුත්තේ මනා ගැළපීමකට අනුවයි.

තමාගේ නිර්මාණශීලී හැකියාව අනුව විවිධ වූ හැඩවලට හා විවිධාකාරයේ මල් යොදා ගනිමින් ඔබට මෙවැනි මල් කලඹ නිර්මාණය කළ හැකියි.

ඡායාරූප - ශාන් ප්‍රභාත් රඹුක්වැල්ල

උපදෙස් - ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී ආචාර්ය ප්‍රේමසිරි හේවාවසම්

16718 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2014 පෙබරවාරි 11, අඟහරුවාදා 14:46
අදහස් එක් කිරීමට ලොග් වෙන්න