තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2014 මැයි 06, අඟහරුවාදා 12:54

කපල් එකට මැච් වෙන්න සපත්තු හදවා ගත්තොත් නම් ෂා! නියමෙට ගැළපේවි විශේෂාංග

ලිව්වේ  ආශිර්වාදිනි හෙට්ටිආරච්චි
අගයන්න
(1 මනාපය)
යුවතියක් සුන්දර මනාලියක් වනදිනය පිළිබඳ මවන සිහින කන්දරාව නම් අහස උසට තරම් ඇති. ඇගේ ඇඳුම් පැලඳුම් ඇතුළු විවාහ මංගල්‍යයේ සෙසු සියලු දේ පිළිබඳ පහළ වන්නේ දහසක් සිතිවිලි. විවාහ මංගල්‍යය දා මනාලිය මෙන්ම මනාලයා පලඳින මිරිවැඩි සඟලට හිමිවන්නේ සුවිශේෂී තැනකි. තරමක මුදල් වියපැහැදම් කරමින් මනාලිය මෙන්ම මනාලයා තමන්ගේ ඇඳුමට සරිලන පාවහන් යුගලක් නවීනතම විලාසිතාවකින්, ගැළපෙන පැහැයකින් යුතුව තෝරා ගනියි.

පැහැය

මංගල දිනයේ දී තමා පලඳින පාවහන් යුගලේ පැහැය, අඳින ඇඳුමේ පැහැය හා ගළපා ගත යුතුමය. මේ අනුව මනාලියගේ පාවහන් යුගල බොහෝ විට නිමවන්නේ රන් පැහැයෙන්, රීදි හෝ සුදු පැහැයෙනි. සාරියට වඩා තරමක් තද පැහැයෙන් මෙය නිම වේ. සාරිය දිලිසෙන බවින් යුතු නම් පාවහන් නොදිලිසෙන (ර්චබ ඛ්ධතධප) ලෙසත් සාරිය නොදිලිසේ නම් පාවහන් දිලිසෙන අන්දමිනුත් තෝරා ගනියි.

මනාලයාගේ පාවහන් ද කෝට් එක හා ගැළපිය යුතු අතර බොහෝ විට කළු, දුඹුරු හෝ සුදු පැහැයෙන් විය හැකියි.

නවීනතම විලාසිතා

මංගල දා පලඳින පාවහන් යුගල වෙසෙසින්ම නවීනතම විලාසිතාවකින් නිම වුවකි. බොහෝමයක් යුවතියන් පාවහන් යුගලක් සාප්පුවකට ගොස් මිලදී ගනු වෙනුවට තමාටම වෙන් වු සුවිශේෂී මෝස්තරයකින් සාදවා ගනියි. මනා පළපුරුද්දකින් යුතුව පාවහන් නිර්මාණය කරන අයකු වෙත යෑමෙන් ඔබේ සිතට සරිලන පරිද්දෙන් බොහෝ විට ඔබටම පමණක්ම වු විශේෂ පාවහන් යුගලක් සාදවා ගත හැකි වේ.

බොහොමයක් මනාලියන් තමන් කැමැති විලාසිතාවකින් යුතු පාවහන් යුගල කිහිපයකම ඡායාරූප රැගෙන එයි. අන්තර්ජාලය පුරා සැරිසරන ඔබට මංගල දා පලඳින පාවහන් පිළිබඳ මනා අවබෝධයක් ලබා ගත හැකි වේ. මංගල උත්සව සඳහා පලඳින පාවහන් නිපදවන්නන් තමා ළඟ ඇති කැටලොග් ද පෙන්වමින් ඔබ රැගෙන යන නවීනතම විලාසිතාවකින් නිමවු පාවහන් යුගලයක් වේවා ඔබ තෝරා ගන්නා පාවහන් යුගලක්. වේවා යම් යම් අඩු ලුහුඬුතා සකස් කරමින් මනාලියගේ සිත තෘප්තිමත් කරන අයුරින් නිම කර දේ.

මංගල දිනය දා ඔබේ තේමාව ඇතැම්විට ඔබ පලඳින පාවහන් යුගලට ද එක්කර ගත හැකි වේ.

පාවහන් විලාසිතාව තෝරා ගනිද්දි ඒ ඒ කාලයට ගැළපෙනවා සේම තමාගේ පාදවලට, ඇඟිලිවලට ගළපා ගැනීමත් අත්‍යවශ්‍ය වේ.

පාවහන් හි උස

මංගල දා මනාලිය මෙන්ම මනාලයා ද පාවහන් යුගලෙහි උස පිළිබඳ බෙහෙවින් සැලකිලිමත් විය යුතුයි. මෙය තීරණය වන්නේ දෙදෙනා අතර ඇති උස පරතරය අනුවයි. මනාලියට වඩා මනාලයා උසින් තරමක් වැඩි කෙනෙක් නම් මනාලියට උස හීල් එකක් පැලඳිය හැකි වුවත් ඔවුන් දෙදෙනා අතර උසෙහි පරතරය අඟල් දෙක තුනක එකක් නම් පාවහන් යුගලෙහි හීල් එක ඒ හා සමාන විය යුතු වේ. මනාලයා එතරම් උස අයකු නොවේ නම් මනාලියට ෆ්ලැට් අඩියකට වුව යෑමට සිදු වේ. තවත් අවස්ථාවකදී මනාලයාගේ පාවහන් යුගලෙහි උස වැඩි කරමින් මනාලියට අඟලක හෝ අඟල් එක හමාරක උසකට යෑමට අවස්ථාව ලබාදේ.

පාවහන් යුගලේ හීල් එක තෝරද්දී මනාලියගේ කොණ්ඩා මෝස්තරය පිළිබඳ ද සිතා බලන්නට සිදුවේ. මංගල දා බොහෝ විට උස්වු කොණ්ඩා මෝස්තර සකසන්නේ නම් මනාලයාගේ උස ඊට වඩා තරමක් වැඩි විය යුතු වේ.

මනාලියගේ පාවහන්වල පොදු උස ලෙස අඟල් 2 1/2 දැක්විය හැකියි. එහෙත් අඟල් 6.7 ට මෙන්ම පෙර කීවාක් මෙන් ෆ්ලැට් පාවහන් ද නිම වේ.

මිල ගණන්

මංගල දා පලඳින පාවහන් යුගල සඳහා වෙනමම මුදලක් වෙන්කර ගනියි.බොහෝවිට ගල් අල්ලමින් විශේෂිත ඕනමන්ට්ස් අල්ලමින් පාවහන් නිමවන නිසා මිල ගණන් ද ඒ අනුව තීරණය වේ. මේ සඳහා සින්තටික් හෝ පියු මෙටීරීයල් යොදා ගනියි. මෙම පාවහන් නිමවන්නේ එදිනෙදා භාවිතයට සුදුසු පරිද්දෙන් නම් නොවේ. මංගල දිනයෙන් පසු විශේෂිත අවස්ථාවලදී එය නැවත නැවත පැලඳිය හැකි වේ. උඩරට මනාලියන් බොහෝ විට තෝරා ගන්නේ පටි දෙකේ පාවහන්ය.

කෙසේ වෙතත් මංගල දිනයට සරිලන පරිද්දෙන් මනාලියට සැකසු පාවහන් යුගලක් රුපියල් 850 සිට ලබාගත හැකි වේ.

දෙවැනි මනාලියන්, මල් කුමර කුමරියන් වෙනුවෙන් පාවහන් නිපදවීම සුලබව දැකිය හැකි වේ. මෙය ඔවුන්ගේ ඇඳුමේ පැහැයෙන් හෝ මල් කලඹ, හිස් පළඳනාවේ පැහැයට සරිලන ලෙස නිම වේ. ගවුමකින් හැඩවන්නේ නම් කෝට් ෂූස් තෝරා ගැනේ. ඔසරි සහ ළමා සාරි තෝරා ගන්නේ නම් පටි දෙකේ පාවහන් නිම වේ. මේවා ඉදිරිපස විවර වු, පසුපස විවර වු, සම්පුර්ණයෙන්ම වැසුණු, අඩි උස හෝ ෆ්ලැට් හීල් ලෙස භාවිත වේ.

මෙහිදී ඇඳුම සඳහා ගන්නා රෙදිවලින් කොටසක් ලබාදී පාවහන් යුගල එම රෙද්දෙන් සම්පුර්ණයෙන්ම ආවරණය කොට සැකසීමත් බොහෝ දුරට දක්නට ලැබේ.

දෙවැනි මනාලයන් සහ මල් කුමරුවන් සඳහාත් ඔවුන්ගේ ඇඳුම්වල පැහැය, බඳ පටියේ පැහැය පාවහන් හි පැහැයට ගළපා ගැනේ. උඩරට ක්‍රමයට සැරසෙන්නේ නම් ඊටම වෙන්වු පරිද්දෙන් සැකසේ.

මධුසමය සඳහා පිටත්ව යෑම සහ දෙවැනි ගමන දා

මධු සමයට පිටත් වීමට තෝරා ගන්නා සාරියේ හෝ ගවුමේ පැහැයෙන් මල් කලඹට ගැළපෙන ලෙසින් යුතු පාවහන් යුගලක් මනාලිය වෙත සැකසේ. දෙවැනි ගමන දාටත් ඇතැමුන් වෙනමම පාවහන් යුගලක් එම ඇඳුමේ පැහැයට සරිලන පරිද්දෙන් සකසා ගනියි.

උපදෙස් - පාවහන් මෝස්තර ශිල්පී ප්‍රසන්න භාතිය කරුණාරත්න ගෙනි

(Thimees Collection)

8633 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2014 මැයි 06, අඟහරුවාදා 12:57
අදහස් එක් කිරීමට ලොග් වෙන්න