තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2014 මැයි 29, බ්‍රහස්පතින්දා 11:31

ගුණාත්මක නයිටි රෙදි විශේෂාංග

ලිව්වේ  අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
අගයන්න
(2 මනාප)
විඩාබර දවසක නිමාව සනිටුහන් කරනුයේ රාත්‍රී සුවපහසු නින්දයි. මේ සඳහා සුදුසු පරිසරයක් වගේම සුදුසු රාත්‍රී ඇඳුමකිනුත් ගත සරසා ගතහොත් තමයි නින්දේ සැබෑ ආශ්වාදය ඔබට අත්විඳිය හැකි වනුයේ. තෝරා ගනු ලබන රාත්‍රී ඇඳුම දහවල් කාලයේ ඔබ අඳිනා අනෙකුත් සියලුම ඇඳුම්වලට වඩා විශේෂ විය යුතුයි. ඒ තරමටම මේ රාත්‍රී ඇඳුම ගැන අවධානයක් තිබීම වැදගත්. ඔබ දන්නවාද රාත්‍රියේ ඇඳගෙන සිටිනා ඇඳුම සෞඛ්‍යාරක්ෂිත විය යුතුයි. බාල මහලු, තරුණ යන මේ ඕනෑම අයෙක් රාත්‍රී නින්ද සඳහා වෙන්වූ ඇඳුමක් භාවිත කළ යුතුය. ඔබ මෙවැනි ඇඳුමක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කාරණා බොහෝයි.

රාත්‍රී නිදන ඇඳුම් සඳහා වඩාත් උසස් ප්‍රමිතියකින් යුතු රෙදි මිලදී ගන්න නම් දෙවැනි හරස් වීදියේ රතු පල්ලිය ඉදිරිපිට ඇති වෙළෙඳ සල් වඩාත් සුදුසුයි. ඉන් අනතුරුව ඔබ මේ ඇඳුම මසන්නේ ඔබට ද ඔබේ දරුවාට ද නැතිනම් මවට හෝ සොහොයුරියට ද යන්න තීරණයකර ඒ අනුව වයසට, සිරුරට ගැළපෙන රෙදි වර්ගය හා ප්‍රමාණය තෝරා ගන්න.

මේ දිනවල තරුණියන් වඩාත් ඇලුම් කරන රාත්‍රී නිදන ඇඳුමේ රෙදි වර්ගය වන්නේ රැන්ග්ලර් රෙද්දයි. එයත් වෙළෙඳපොළේ වර්ග කීපයක් වේ. මල්, ටෙඩි බෙයාර්, ඉලක්කම්, අක්ෂර, සංකේත ආදිය මුද්‍රිත රැන්ග්ලර් රෙදි A, B, C  ලෙස වර්ග තුනක් යටතේ අලෙවි කෙරේ. A වර්ගයේ මීටරයක් රු. 135, B වර්ගයේ මීටරයක් රු. 125 සහ C වර්ගයේ මුද්‍රිත රෙද්දෙන් මීටරයක් රු. 112 ක් වේ. මේවා අඟල් 45 සහ අඟල් 60 පළල ලෙසින් ලබා ගත හැකියි. නිල්, කහ, රෝස, දම්, තැඹිලි යන ඕනෑම වර්ණයකින් ද ඔබේ රුචිකත්වය අනුව වෙළෙඳපොළෙන් පහසුවෙන් ගන්නත් පුළුවන්.

තනි වර්ණයෙන් යුත් රැන්ග්ලර් රෙදි ද ප්‍රමිතිය අනුව A, B, C වශයෙන් කොටස් තුනකට වෙන් කෙරේ. ඒ අනුව A වර්ගයේ අඟල් 45 පළල රෙදි මීටරයක් රු. 60 කි. B වර්ගයේ අඟල් 45 පළල ලයිට් කලර් රෙදි මීටරයක් රු. 76 කි. C වර්ගයෙන් අඟල් 45 පළල රැන්ග්ලර් තනි පැහැති රෙදි මීටරයක් රු. 66 ක් වේ. මේවා අඟල් 60 පළලින් ද ලබාගත හැකියි.

රැන්ග්ලර් රෙදිවලට අමතරව පොලියෙස්ටර් (ටී ෂර්ට් මෙටීරියල්) රෙද්දෙන් ද රාත්‍රී ඇඳුම මසාගත හැකිවේ. ඒ සඳහා උනන්දු වන ඔබට අඟල් 60 පළල සුදු පැහැති පොලියෙස්ටර් රෙදි මීටර් එකක් රු. 135 කටත් තද වර්ණයන්ගෙන් රෙදි මීටර් එකක් රු. 147.50 කටත් ලබා ගන්න පුළුවන්. ඊළඟට P.C. රෙදි ද, එහි කපු 35% ද පොලියෙස්ටර් 65% ද වශයෙන් ඇත. ඒවා අඟල් 60 පළලින් සුදු පැහැති රෙදි මීටරයක් රු. 230 ක් වේ. නිල්, තැඹිලි, රෝස, කොළ රෙදි මීටර් එකක් රු. 245 ක් වේ. ලාකොස්ට් වර්ගයේ රෙදි කිලෝ වශයෙන් අලෙවි කෙරේ. කිලෝ එකක් රු. 900 ක් වේ.මේ අනුව ඔබට අවශ්‍ය ප්‍රමාණයට රාත්‍රී නිදන ඇඳුම සඳහා රෙදි තොග සහ සිල්ලර මිලට දැන් ඉතා පහසුවෙන්ම ලබා ගැනීමේ හැකියාව පවතී. ඔබ මෙම අලෙවිසල් වලටම නිදන ඇඳුම් මැසීම සඳහා ඇනවුම් ලබා දෙන්නේ නම් මසකට පෙර ලබා දිය යුතුයි. ඒ අනුව විවිධ විලාසිතා රැගත් මංගල දින රාත්‍රී නිදන ඇඳුම, කුඩා දියණියන් සඳහා, තරුණියන් සඳහා වගේම රෝගී වුවන් සඳහා ගැළපෙන නිදන ඇඳුම් සුව පහසු පරිදි මසාදීමට මෙම වෙළෙඳසල් හිමියෝ කටයුතු කරති.

විශේෂ ස්තුතිය – ‘Rado’ Enterprises හි මර්ජාන් අකීල්ට

ඡායාරූප - ශාන් ප්‍රභාත් රඹුක්වැල්ල

8135 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2014 මැයි 29, බ්‍රහස්පතින්දා 11:39
අදහස් එක් කිරීමට ලොග් වෙන්න