තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

ආභරණ සපයන්නෝ සිරස්තල

2017 ඔක්තෝබර් 03, අඟහරුවාදා 11:05

මුහුණේ හැඩයට ගැළපෙන කරාබු ඔබේ රුව තව තවත් ඔපලයි විශේෂාංග

ලිව්වේ  විදුමිණි නිමේෂා දිසාකරුණා
අගයන්න
(0 මනාප)
කාන්තාවන්ට ඉතාම සමීප ආභරණයක් තමයි කරාබු කියලා කියන්නේ. කරාබු උත්සව අවස්ථාවකට, සාදයකට සහභාගි වන කාන්තාවකගේ රූමත් බව ඔප්නැංවීමට බලපාන ප්‍රබලම හේතුවක් වනවා.

 

නමුත් කාන්තාවන් බොහොමයක් බොහෝ විට කරන වරදක් වන්නේ එවන් අවස්ථාවකට සහභාගි වනවිට ඇඳගෙන යන ඇඳුමේ පැහැයට ගැළපෙන ලෙස කරාබු තෝරා ගැනීම. නමුත් සිදුවිය යුත්තේ එය නොවෙයි. ඇත්තෙන්ම ඔබ කරාබු තෝරාගත යුත්තේ ඔබේ මුහුණේ හැඩයට ගැළපෙන ආකාරයෙනුයි.

ඔබේ මුහුණ රවුම් හැඩයක් ගන්නවා නම්

ඔබට ඇත්තේ පිරුණු කම්මුල් සහිත රවුම් හැඩයේ මුහුණක් නම් විශාල කුට්ටි වැනි හැඩයකින් යුත් කරාබු පැලඳීම යෝග්‍ය නැහැ. රවුම් මුහුණකට වඩාත් ගැළපෙන්නේ දිගු, එල්ලෙන කරාබුයි.

 

හදවත් හැඩයේ මුහුණක් නම්

ඔබේ නළල කම්මුල් ප්‍රදේශයට වඩා පළල් නම් ඔබට ඇත්තේ හදවත් හැඩයේ මුහුණක්. ඔබේ මුහුණට වඩාත් ගැළපෙන්නේ වක්‍ර, ප්‍රිස්මාකාර, දිය බිඳුවක හැඩ ගන්නා කරාබුයි. ඔබ කිසිම දවසක පහතට හැරවුණු ත්‍රිකෝණාකාර කරාබු පලඳින්නට එපා.

 

සම චතුරස්‍රාකාර මුහුණක් නම්

ඔබට ගැළපෙන්නේ දිගු රවුම් හැඩයක් සහිත කරාබු, දිගු සර්පිලාකාර කරාබු ආදියයි.

 

සෘජුකෝණාස්‍ර හැඩයේ මුහුණක් නම්

ඔබේ නළල හා නිකට ප්‍රදේශය බොහෝ දුරට දිගින් සමාන වන්නේ නම් ඔබට ඇත්තේ සෘජුකෝණාස්‍ර මුහුණකි. ඉතින් ඔබට ගැළපෙන්නේ පළල් හැඩයක් ගන්නා කරාබුයි. Chandeliers  ගල් ඇල්ලූ පළල් දිය බිඳුවක හැඩය ගන්නා කරාබු මෙන්ම  Statement earrings යන මේ වර්ගයෙන් ඔබේ මුහුණට අපූරුවට ගැළපෙනවා. කිසිදාක කුඩා මුතු කරාබු පලඳින්න එපා.

දියමන්තියක හැඩයේ මුහුණක් නම්

ඔබේ මුහුණේ වඩාත්ම කැපී පෙනෙන ප්‍රදේශය වන්නේ ඔබේ Cheekbones  ප්‍රදේශයයි. කුඩා වළලු වර්ගයේ කරාබු, පළල් දිය බිඳුවක හැඩය ගන්නා කරාබු මෙන්ම බොත්තම් ආකාරයේ කරාබුත් ඔබේ මුහුණට කදිමට ගැලපෙනවා.

 

ඔබට ඇත්තේ ත්‍රිකෝණාකාර මුහුණක් නම්

ඔබ තෝරාගත යුත්තේ පහතට නැමුණු හැඩයන්ගෙන් යුතු කරාබුයි. සිහින්, උල් හැඩයන්ගෙන් යුතු කරාබු ඔබේ මුහුණට උචිත වන්නේ නැහැ.

 

ඔබට ඇත්තේ ඕවලාකාර හැඩයේ මුහුණක් නම්

ඔබට තමයි වාසනාවන්තම මුහුණ තිබෙන්නේ. ඔබට නම් ඕනෑම ආකාරයේ හැඩයක් ගන්නා කරාබු ඔබේ අවශ්‍යතාව අනුව පැලඳිය හැකියි.

 

 

 

අන්තර්ජාලය ඇසුරින්

3775 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ඔක්තෝබර් 03, අඟහරුවාදා 11:09
අදහස් එක් කිරීමට ලොග් වෙන්න