තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

සාරි සිරස්තල

2017 අප්‍රේල් 11, අඟහරුවාදා 11:09

අවුරුද්දට සාරි ගන්න සාරි සවාරියේ යමු...

ලිව්වේ  විශ්මි ජයනිකා
අගයන්න
(1 මනාපය)
සාරි මිලදී ගන්න වගේම ඥාති හිතමිතුරන්ට තිළිණ කරන්නත් මිලදී ගන්න කාලයක්නෙ මේ. හැබැයි ඉතින් ඒ සඳහා හොඳ දැනුමක් අවබෝධයක් තියෙන්නත් ඕනේ.

 

සාරියක් මිලදී ගන්න එහෙම නැත්නම් තෑග්ගක් දෙන්න හිතන් ඉන්නවා නම් ඒ සාරි තෝරාගන්න ලේසිම ක්‍රමයකුයි මේ කියාදෙන්නේ.

පිටකොටුව කේසර් වීදියේ අස්ලාම් මාර්කට් එකේ දෙවැනි තට්ටුවේ අස්වින් හා සරෝන් ට්‍රේඩර්ස් කඩ දෙකට ගොඩවැදුණේ සාරි කලාවේ වසර ගණනාවක අත්දැකීම් ටිකක් බෙදාහදාගන්නයි.

මේ දවස්වල වැඩියෙන්ම ඉල්ලුමක් තියෙන්නේ මොන සාරියටද?

පෝෆියම්, සෙනාසිල්ක්, යෝයෝ, ඩයමන්ඩ් ෂිෆෝන් වගේ සාරි තමයි දැන් ට්‍රෙන්ඩ් එක.

මහත කෙනෙක්ට සාරියක් තෝරනවා නම් ඇඟට ඇලෙන තදවෙන සාරියක් වෙන්න ඕනනේ. ඒකට හොඳ මොනවගේ සාරිද?

සාමාන්‍යයෙන් මහත අයට ගැළපෙන්නේ සොෆ්ට් මෙටීරියල්. ඉතාලියන් සිල්ක්, පෝනියම්, ඩයමන්ඩ් ෂිෆෝන්, යෝයෝ වගේ සාරි ගැළපෙනවා.

එතකොට කෙට්ටු ශරීරයක් ඇති කුඩා කෙනකුට?

එයාලට ගැළපෙන්නේ පෆ් සාරීස්. වැලන්ටිනා, රෂියන් සිල්ක් සාරි හොඳයි.

සාමාන්‍යයෙන් මැදිවයසේ කාන්තාවකට ගැළපෙන්නේ මොන වගේ සාරියක්ද?

වෙල්වට්, ටූ කලර් සාරියක් මැදිවියේ කාන්තාවන්ට ගැළපෙනවා. මනිපූරි (කාංචි වරම්) සාරිත් ඇයට පංකාදු පහයි.

සාරියට වගේම සාරි බ්ලවුස් එකටත් ගොඩක් දෙනෙක් ලොකු අවධානයක් ලබාදෙනවා. සාරි බ්ලවුස්වලට සුදුසු රෙදි මොනවද?

මේ දවස්වල ජැකට් මෙරීරියල් ලේස්වලින් යන්නේ. සාරියට වැඩි වටිනාකමක්, අපූර්වත්වයක් එක්කරගන්න ගොඩක් කාන්තාවන් සාරි බෝඩරයේ පාටින් බ්ලවුස් රෙදි තෝරාගන්නවා. වෝට(ර්) ග්ලාස්, සම් සම් වගේ රෙදි වර්ගවලින් සාරි බ්ලවුස් එක මැහුවොත් වටිනාකම වැඩියි.

ටිකක් වටිනාකමින් වැඩි සාරියක් මිලදී ගන්නවානම්...?

කැමැති සාරි මෙටීරියල් අරගෙන ඒකට 3Dලේස් එකකින් ලස්සන වර්ක් එකක් දැම්මොත් හරි ඇප්ලික් කළොත් වටිනාකමින් ඉහළ සාරියක් නිර්මාණය කරගන්න පුළුවන්. නැත්නම් ලොකු මුදලක් ගෙවලා සාරියක් ගන්න හිතනවා නම් අලුත්ම විලාසිතාව ‘ලෙහෙන්ගා’ එකක් මිලදී ගන්න පුළුවන්. නැත්නම් රුචිකත්වය අනුව වර්ක් කරගත් ෂීෆෝන් සාරියක් මිලදී ගන්නත් පුළුවන්.

 

සරෝන් ට්‍රේඩර්ස්, අබ්දුල් ජාබ(ර්)

0773131756

අස්වින්ස් - 011-2347968

1929 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අප්‍රේල් 11, අඟහරුවාදා 11:10
අදහස් එක් කිරීමට ලොග් වෙන්න