තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

චාරිකා නියෝජීතවරු සිරස්තල

2017 අගෝස්තු 01, අඟහරුවාදා 08:53

ගෘහණියට රස රහස් විශේෂාංග

ලිව්වේ  දිස්නා කුමාරි අල්විස්
අගයන්න
(0 මනාප)
රසට ගුණට විගසින් ආහාර පිසින්න කැමැති ඔබ, මේ රස රහස් අනුගමනය කරන්න

 

 

  •  හොද්දක් කැටි ගැසීම වළක්වා ගැනීමට ළිපෙන් බා ගත් පසුද විනාඩියක් පමණ වත් හැදිගාන්න.
  •  ව්‍යංජන තෙම්පරාදු කිරීමේදී බී ලූණුවලට වඩා රතුª ළූණු වැඩි රසයක් ගෙන දේ.
  •  අර්තාපල් නොපැලී තම්බා ගැනීමට අර්තාපල් තම්බන වතුරට විනාකිරි බින්දු කිහිපයක් එකතු කරන්න.
  •  අල පෙති සුදු පැහැයට බැඳ ගැනීමට නම් අල පෙති කැපූ විගස සීනක්කාරම් මිශ්‍ර කළ අයිස් වතුරට අල පෙති දමා ඉන්පසු බදින්න.
  •  උම්බලකඩ පහසුවෙන් කුඩු කිරීමට දිනක පමණ කාලයක් අධි ශීතකරණයේ දමාගන්න.
  •  ළූණු සුද්ධ කිරීමේදී ඇස්වලින් කදුළු ගැලීම වළක්වා ගැනීමට එය ශීතකරණයේ තබන්න.
  •  දෙහි හා අමුමිරිස් එකට ගබඩා කිරීමෙන් අමුමිරිස් ඉක්මනින් නරක් වන නිසා වෙනම ගබඩා කරන්න.
  •  සලාද කොළ මැළ නොවී තබා ගැනීමට නම් එය රැගෙන ආ විගස කඩදාසි කොළවල ඔතා ශීතකරණයේ දමන්න.
  •  ශීතකරණයේ දමා තිබූ මස් ඉක්මනින් මෘදු කර ගැනීමට විනාකිරි හෝ පොල් වතුර මිශ්‍ර වතුරේ බහා තබන්න.
  •  සම්බෝලයට, බැඳුමට දෙහි ඇඹුල් රේණු පිටින්ම දැමීමෙන් එහි රසය වැඩි වේ.
  •  බණ්ඩක්කා පිසීමට ගන්නා විට මෝරා ඇත්නම්, සියඹලා ටිකක් දවටා තෙලේ බැදගන්න. කූරු ගතිය අඩු වේ.
  •  කරවිල පිසීමේදී තිත්ත අඩු කර ගැනීමට පළමුව පොල් වතුරෙන් තම්බා ගන්න.
  •  පොල්තෙල් බෝතලයට එඬරු තෙල් බිංදු කිහිපයක් දමා තැබීමෙන් එය මිදීමෙන් තොරව ශීත කාලයේදී තබාගත හැකිය.
  •  තැලුණු තක්කාලි, ලුණු ස්වල්පයක් මිශ්‍ර කළ සිසිල් ජලයේ රැයක් පුරා වසා තැබීමෙන් නැවත හොඳින් සවි වේ.
  •  බණ්ඩක්කා පිසින විට එහි සෙවල ස්වභාවය නැති කර ගැනීමට ගොරක කැබැල්ලක් එක් කරන්න.
  •  කොස් වතුරේ දමා තැබීමෙන් ඉදීම වළක්වා ගත හැකිය.
  • කළු පහේ සාදා ගනිද්දී එයට සෝදා කුඩු කරගත් හාල් මිටක් කුඩු කර එක්කර ගැනීමෙන් හොඳ රසයක් හා සුවඳක් එක්කර ගත හැකියි.
  •  බිත්තර ඔම්ලට් හදන විට එයට පාන්පිටි ස්වල්පයක් මිශ්‍ර කිරීමෙන් ඔම්ලට් එක හොඳට පිපේ.

 

(පොත පත ඇසුරෙනි)

456 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අගෝස්තු 01, අඟහරුවාදා 10:08
අදහස් එක් කිරීමට ලොග් වෙන්න