තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

චාරිකා නියෝජීතවරු සිරස්තල

2017 සැප්තැම්බර් 11, සඳුදා 12:25

විස පිරි පරිසරයකට අත වනන්න එපා! විශේෂාංග

ලිව්වේ  චම්පිකා දීපානි රණසිංහ
අගයන්න
(0 මනාප)
තණ කොළ ගසක් පෑගුණු දිනයක් මතකයේ තිබෙනවාද? ගතවුණු පාසල් නිවාඩු සමයේ එක් විනෝද සවාරියක් හෝ යාමට ඔබ අමතක කළේ නෑ නේද? සර්පයන් නැති ආරක්ෂිත වට පිටාවක ඇති තණතිලි ඕනෑ තරම්.

 

එහෙත් කුඩා වියේදී තණ තිල්ලක නිදහසේ දුව පැනීමෙන් ලැබුණු මිහිරි අත්දැකීම එක් දිනයකටවත් ඔබේ පුංචි දෝණිට, පුතුට ලබා දුන්න ද?

මිනිසුන් කෘත්‍රිම බව ආරෝපණය කර ගැනීමට හරිම කැමැතියි. අද කාලයේ බොහෝ දෙනා කෘත්‍රිම බව ආරෝපණය කරගැනීමටත් කැමැති කෘත්‍රිමවයි.

කෘත්‍රිම රස, සුවඳ, වර්ණක කෘත්‍රිම බව ආරෝපණය කර ජීවිතයට එක් කරගැනීමේ අනිටු විපාක බොහෝ දෙනා අත් විඳිනවා.

නාස් පුඬු පුම්බමින් ඇතුළුකර ගන්නා, පෙණහලු හැකි තරම් පුරවා ගන්නා එයාර් ෆ්‍රෙෂ්නර්වලින් ගලා එන කෘත්‍රිම සුවඳ මොනතරම් විනාශයක් ඔබටත්, ඔබේ පවුලේ සාමාජිකයන්ටත් සිදු කරනවාදැයි මොහොතකටවත් සිතුවාද? මල්, පලතුරු, සුවඳින් පිරි වට පිටාවක් තබා ගැනීමට රතු ලකුණක් සියල්ලන්ගෙන්ම ලැබෙද්දී සෞඛ්‍යයට එල්ලවන රතු ලකුණ නම් මාරාන්තිකයි.

අප භාවිත කරන කෘත්‍රිම සුවඳවල 95% කම පෙට්‍රෝලියම් අඩංගුයි. පිළිකා කාරක බෙන්සීන්, ඇල්ඩිහයිඩ, ටොලියුඊන් හා තවත් පිළිකා කාරක රසායන ගණනාවක්ම මෙහි අන්තර්ගතයි. නරකට ආයුෂ වැඩියි වාගේ ප්‍රතිඵල පිළිකාවලින් අවසන් වන්නේ නැහැ. නූපන් කිරිකැටියන්ට උපත් ආබාධ ගෙන දීමට, මධ්‍යම ස්නායු පද්ධතියේ රෝගාබාධ ඇතිවීමට, අසාත්මිකතාවට මෙවැනි රසායන හේතු වෙනවා. ලෝෂන්, ෂැම්පු, රෙදි සෝදන රසායන, පිරිසුදු කරන නිෂ්පාදන රැසක අති භයංකාර රසායන අඩංගු බව අප පසුගිය සතියේ ලිපියේ ද සඳහන් කළා. මේවා හෝර්මෝනවල ස්වාභාවික ක්‍රියාකාරිත්වයට කරන්නේ සිතා ගත නොහැකි තරම් බරපතළ ගැටලුවක්.

අඩු වශයෙන් කෘත්‍රිම සුවඳ ඉසිනවල රසායන 3000 ක් අඩංගු වෙනවා. ස්වසන ආබාධ, හිසරදය, කරකැවිල්ල, වමනය, ඔක්කාරය වාගේම අසහනය, අසුබවාදී මානසිකත්වය, උදාසීන බව ඇති කිරීමටත් මේවා බලපානවා. ‘බ්‍රේන් ෆොග්’ ලෙස (මොළය අවුල් සහගතවීම) මෙය හඳුන්වනවා.

වෙහෙස, අවධානය අඩුවීම, නොසන්සුන්තාව, හිසරදය, අමතක වීම, කාංසාව, සතුටු මානසිකත්වය අහිමිවීම, මානසික ව්‍යාකූලතාව, නින්දේ ගැටලු සුලබව බොහෝ දෙනෙක් අත්දකිනවා. ‘බ්‍රේන් ෆොග්’ නිසා මේ තත්ත්වය ඇතිවූවා කියා සිතිය හැකියි. පෝෂණ ඌනතා, පමණට වඩා සීනි ආහාර ගැනීම, සුව නින්දක් නොලැබීම, අධික ආතතිය යන සියල්ලම මෙවැනි තත්ත්වයන්ට මඟ පාදනවා. එහෙත් ඊට ප්‍රබලම හේතුවක් වී ඇත්තේ මෙවැනි කෘත්‍රිම රසායනයි.

රූපලාවණ්‍ය නිෂ්පාදන බොහොමයක ද මේ අවදානම පවතිනවා. ෂැම්පු, කන්ඩිෂනර්වල සියයට 95 කට වඩා පවතින්නේ විස රසායනයි.

ඔබේ නිවෙසේ ඇති

* ලෝෂන්

* සීරම්ස්

* ෂැම්පු

* සුවඳ කැවූ ඉටිපන්දම්

* ඩ්‍රයර් ෂීට්ස්

* රෙදි සෝදන නිෂ්පාදන

* පිරිසුදු කාරක

* රූපලාවණ්‍ය නිෂ්පාදන

* එයාර් ෆ්‍රෙෂ්නර්ස්

* ඩියොඩ්‍රන්ට් දියරමය

* සබන්

* සන්ස්ක්‍රීන්

* සුවඳ විලවුන් සියල්ලම සැමටම භයානකයි. මේවා වඩාත් භයානක ගැබිනි මවුවරුන්ට, ළදරුවන්ට හා දරුවන්ටයි. ඔවුන්ගේ සකල ශරීරයටම මේවා අහිතකරව බලපානවා.

කෘත්‍රිම රසායන මෙතරම් වෙළෙඳපොළට නිකුත් වන්නේ ඒවා නිෂ්පාදනය කිරීමට එතරම් මුදලක් වැය කිරීමට ව්‍යාපාරිකයන්ට සිදු නොවන නිසයි.

බොහෝ දෙනෙක් කැමැති සුවඳ පිරි පරිසරයක ජීවත්වීමටයි. එයින් ඇතිවන අනිටු විපාකය ගැන වැඩි දෙනකුට තේරුමක් නෑ.

දුම් වැටියේ විස ගැන, බස් රථයේ දුම ගැන පුන පුනා කතා කරන අප ඒ විසම බොහෝ රූපලාවණ්‍ය නිෂ්පාදනවල, පිරිසුදුකාරකවල අඩංගු බව හඳුනාගෙන නැහැ. ස්ටිරීන් සිගරට්වල සේම බොහෝ කෘත්‍රිම සුවඳවලත් අඩංගුයි. පැතලේට්ස් තවත් භයානක රසායන එකතුවක්. ඒවා පිළිකා කාරකයි. හෝර්මෝන ස්‍රාවයට අහිතකර බලපැම් ඇති කරනවා. ප්‍රජනක සෞඛ්‍යයට ඉතා හානි කරයි.

දරුවන්ගේ උපත් ආබාධවලට පමණක් නොව අවධානය අඩුකමට, ඕට්සම් තත්ත්වයට පවා මේ රසායන බලපාන බව සොයා ගෙන ඇත්තේ අමෙරිකානු විද්‍යාඥයන්. එරට වෛද්‍ය විශේෂඥයන් වැඩෙන කලලයට විය හැකි අහිතකර බලපෑම ගැන සලකා කෘත්‍රිම රසායන අඩංගු කිසිවක් නිවෙසට, ගෙවත්තට එක්කර නොගන්නා ලෙසට උපදෙස් දෙනවා. කෘත්‍රිම සුවඳ නිෂ්පාදනවල (එයාර් ෆ්‍රෙෂ්නර්) අඩංගු රසායන මිනිසුන්ගේ මේද පටකවල අඩංගුයි. වඩාත් අවාසනාවන්ත සොයා ගැනීම නම් මවු කිරෙහි ද මේවා අඩංගු වී තිබීමයි.

එයාර් ෆ්‍රෙෂ්නර් ලෝකයේ අසාත්මිකතා ඇති කරන අසාත්මික කාරක පහෙන් එකක්. මිග්‍රේන්, හිසරදය, පීනස, ඇදුම, ඇසේ, නාසයේ, සමේ කැසීම්වලට මේවා හේතු වෙනවා. කෘත්‍රිම සුවඳ තෙල් ද (එසෙන්ෂල් ඔයිල්ස්) එයාර් ෆ්‍රෙෂ්නර් මෙන්ම අති භයානක ප්‍රතිඵල ගෙන දෙයි.

බැක්ටීරියා නාශක සබන් වර්ග බැක්ටීරියාවලට ප්‍රතිරෝධීතාවක් ඇති කරන බවට විශ්වාසයක් පවතිනවා. ඒ වාගේම මේවායේ අඩංගු ට්‍රයික්ලෝසෝන් වගේම ට්‍රයික්ලෝ කාබන් සැබෑවටම හානිකරයි.

පැතලේට් රසායන නිය සායම්වල පවා අඩංගුයි. කෘත්‍රිම සුවඳ ඇති බොහොමයක් නිෂ්පාදනවල ද අඩංගුයි. ඒනිසා ඒවා හැකි තරම් සීමා කළ යුතුයි.

කාන්තාවකගේ සෞඛ්‍ය ගැටලු බොහොමයකට හේතු වන්නේ හෝර්මෝන වෙනස්වීමයි. ඒවාට ද ඔබම මිලදී ගන්නා බොහොමයක් දේ වගකියන්න ඕන. ප්ලාස්ටික් භාජන, රූපලාවණ්‍ය උපකරණ (තොල් ආලේපන, නිය ආලේපන ද ඇතුළුව), සුවඳ විලවුන්, සුවඳ කැවූ ඉටි පහන්, දහදිය දුගඳ නාශක (ඩියොඩරන්ට්ස්), බොඩි වොෂර්ස්, හෙයාර් ජෙල්, ස්ප්‍රේ, නේල් පොලිෂ් සියල්ලකම ඇත්තේ හෝර්මෝන අක්‍රමවත් කරන රසායනයි. පැතලේට් රසායනය අඩංගු නැති රූපලාවණ්‍ය නිෂ්පාදන, ඉටි පහන් නිතරම තෝරා ගැනීම මීට ඇති විසඳුමයි.

නිවෙසක නිතර දූවිලි පිසදා තැබිය යුතුයි. දූවිලි සමඟ බොහෝ විස ද්‍රව්‍ය එක් රැස්වන අතර ඒවා පහසුවෙන්ම ශරීරගත වෙනවා.

සෝෆාවල, මෝටර් රථ අසුන්වල ඇති රසායන කාන්තාවකට ගර්භණීභාවයට බාධාවක් බව සොයා ගෙන තිබෙනවා. දූවිල්ල සමඟ ශරීරගත වන විස ගැබිනිවීමට බාධාවක්. සබන්, සන්ස්ක්‍රීන්වල, ප්ලාස්ටික් භාණ්ඩවල අඩංගු පැරබීන්ස් ශුක්‍රාණු නිෂ්පාදනය ද අඩු කරනවා. ශුක්‍රාණුුවල හැඩය වෙනස් කරනවා. මේ රසායන ශුක්‍රාණුවල ක්‍රියාකාරිත්වයට ද බාධාවක්. ශුක්‍රාණුවල ක්‍රියාකාරිත්වය අඩු වූ විට ඩිම්බ සංසේචනය නිසි ලෙස සිදුවන්නේ නැහැ. බැක්ටීරියා නාශක, සේදුම් කාරක, මවුත්වොෂ් ආදියේ පවා නිසරු බව ඇති කරන රසායන අඩංගුයි.

නැති සුදක් ඇතිකර ගැනීමට ගල්වන ආලේපන බොහොමයක වාගේ රසදිය (මර්කරි) තිබෙනවා. ඒවා වකුගඩුවලට වාගේම ස්නායු පද්ධතියට ද හානි කරයි. කෙස් කෙළින් කරන (ස්්ට්‍රේට්) රසායන ද විස වර්ග බොහොමයකින් ස්වයංපෝෂිතයි.

බටහිර රටවල ගැබිනි මවුවරුන්ට බැක්ටීරියා නාශක සබන් වතුර භාවිත නොකරන ලෙසට උපදෙස් ලබා දෙන්නේ ඒවායින් කුසේ වැඩෙන දරුවාට අහිතකර ප්‍රතිඵල රැසක්ම අත්විඳින්න වන නිසයි. මෙවැනි දරුවන් මහත්වීමට, වර්ධනය අඩාලවීමට ඉඩ තිබෙනවා.

 

අලුත්ම පර්යේෂණ වාර්තා ඇසුරිනි

392 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 සැප්තැම්බර් 11, සඳුදා 12:26
අදහස් එක් කිරීමට ලොග් වෙන්න