තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

චාරිකා නියෝජීතවරු සිරස්තල

2017 සැප්තැම්බර් 18, සඳුදා 12:48

පවුල් සැලසුම් ගැන හොඳින් හිතුවොත්... විශේෂාංග

ලිව්වේ  ආශිර්වාදිනි හෙට්ටිආරච්චි
අගයන්න
(0 මනාප)
පුංචි පවුල රත්තරං කියලා හිතන හැමෝම දැන් මොකක්ම හෝ පවුල් සැලසුම් ක්‍රමයකට හුරුවී සිටියි. එහෙත් දරුවෝ එක්කෙනකුට දෙන්නකුට සීමාවී සිටින මාපිය යුවළ තෙවැනි දරුවෙක් පිළිබඳත් සිතුවොත් වඩා යහපත් වේවි නේද?

 

පවුල් සැලසුම් ක්‍රම පිළිබඳ දැනුවත්ව සිටීම අඹුසැමි යුවළකට අත්‍යවශ්‍ය කරුණකි. විවාහයෙන් පසු පළමු දරුවා ලැබීම ප්‍රමාද කිරීමට අවශ්‍ය නම් දරුවන් අතර මනා වයස් පරතරයක් පවත්වා ගෙන යෑමට, දරුවන් ගණන සීමා කිරීම පිළිබඳ සිතන කෙනකු මනා පවුල් සැලසුම් ක්‍රමයක් භාවිත කිරීම අඹුසැමි සතුට වඩාත් තීව්‍ර කරලන්නට සමත්වන්නකි.

පවුල් සැලසුම් ක්‍රම හෙවත් උපත් පාලන ක්‍රම හෝර්මෝනවලින් සිදුවන හා හෝර්මෝනවලින් තොර වශයෙන් කොටස් දෙකකි. උපත් පාලන පෙති, ප්‍රොජෙස්ටරෝන්වලින් පමණක් භාවිතවන ක්‍රම, එන්නත්, සම ඇතුළට තැන්පත් කිරීම (Inplant) යනාදිය අයත් වන්නේ හෝර්මෝනවලින් සිදුවන උපත් පාලන කාණ්ඩයටයි. මෙය තැන්පත් කිරීමේ අන්තර් චර්මීය උපකරණ හා අන්තර් ගර්භාෂිත පද්ධති වශයෙන් කොටස් දෙකකි.

හෝර්මෝනවලින් තොරව සිදුවන උපත් පාලන ක්‍රම අතරට තඹ (කොපර්) වලින් නිර්මිත අන්තර් ගර්භාෂිත උපකරණ නොහොත් ලූප් එකක් පැලඳීම, බාධක ක්‍රම, ශුක්‍රාණු නාශක ද්‍රව්‍ය, වැප්යිනා ස්පොන්ජ්, සංසර්ගය අතරමඟදී නැවැත්වීම, සරුභාවය පිළිබඳ අනවශ්‍ය දරු පිළිසිඳ ගැනීමක් නොවන කාල පරිච්ඡේදයක එක්වීම අයත් වේ.

උපත් පාලන පෙති ගැනීම සඳහා අවම වයස් සීමාවක් නැත. එහෙත් උපරිම වයස් සීමාව ලෙස අවුරුදු 50 කාලය ගත හැකියි. ඒ අතරතුර කාලයේ උපත් පාලන පෙති අවුරුද්දක් දෙකක් නොගෙන සිටියා කියා නිසරු බවක්, ගබ්සාවීමක් ඉන්පසු කාලයකදී දරුවකු කුස පිළිසිඳ ගතහොත් එම දරුවන් අසාමාන්‍යතාවට පත්වීමට හේතුවක් නැත. උපත් පාලන පෙති හා පිළිකාවන් අතර සම්බන්ධයක් ඇතැයි බොහෝ පිරිස් සිතති.

උපත් පාලනය නිසා ගර්භාෂ හා ඩිම්බකෝෂ පිළිකා අවම කරයි. එහෙත් පියයුරු පිළිකා හා පැහැදිලි සම්බන්ධයක් නොවුණත් පර්යේෂණවලට අනුව ඉතා කුඩා සම්බන්ධයක් තිබේ.

අතුරු ආබාධ

ඇතැමෙක් උපත් පාලන පෙති ගැනීමට උනන්දු නොවන්නේ ම එයින් අතුරු ආබාධ හට ගනියි යන බියෙනි. සුළු සුළු අතුරු ආබාධ නැත්තේ යැයි කිව නොහැකිය. ඉන් පළමුවැන්න අක්‍රමවත් රුධිර වහනයයි. ඇතැම් විට රුධිර වහනයේ අඩුවීමක් දක්නට පුළුවන. පෙති නැවැත්වුවහොත් නැවත රුධිර වහනයක් වේ යැයි සිතයි. ඔක්කාර ගතිය, හිසේ කැක්කුම, පියයුරුවල තදගතියක්, වේදනාවක් හට ගැනීම, ලිංගිකව එක්වීමට ඇති කැමැත්ත අඩුවීම, පෙති ගනිද්දී තරහව, දුක යනාදිය වැඩිවීම වැනි හැඟීම්වල වෙනසක් වීමට පුළුවන.

උපත් පාලන පෙති ගැනීමට පෙර රුධිර පරීක්ෂාවන්, පැප් පරීක්ෂණ, පියයුරු හා යෝනි පරීක්ෂණ කිරීමක් අවශ්‍ය නොවේ.

දුම් පානය කරන්නන්ට, අධික රුධිර පීඩනයෙන් පෙළෙන අයට, රුධිර කැටි ගැසීමේ රෝග ඇති අයට, අඝාතය ඇති අයට උපත් පාලන පෙති ගැනීම වෛද්‍යවරු අනුමත නොකරති. ඊස්ට්‍රජන් පිළිකා ආශ්‍රිත රෝග (පියයුරු පිළිකා වර්ගත් ඊස්ට්‍රජන් හෝර්මෝනය නිසා සෑදෙන පෙනහලු, වකුගඩු ආදී වෙනත් අවයව කරා පැතිර යන පිළිකා වර්ග ඇති අයටත් උපත් පාලන පෙති වර්ග ගත නොහැකි වේ. නිශ්චිතව හඳුනා නොගත් යෝනි මාර්ග රුධිර වහනයක් තිබේ නම්, අක්මා රෝග තිබේ නම් එවැනි අයට ද උපත් පාලන පෙති ගැනීම අනුමත නොකරයි.

පැය 72 පෙත්ත යනුවෙන් බහුතරයක් දෙනා අතර ගැවසෙන ECOP  පෙත්ත ගනු ලබන්නේ උපත් පාලනයකින් තොරව සම්බන්ධ වුණි නම් ඉන් පැය කිහිපයක් ඇතුළතයි. පළමු පෙත්ත ගෙන පැය 12 කින් ඊළඟ පෙත්ත ගනු ලැබේ. මෙහි අඩංගුව ඇත්තේ ප්‍රොජෙස්ටරෝන් පමණි. පිළිසිඳ ගැනීම පමණක් වළක්වන අතර දීර්ඝකාලීන ආරක්ෂාවීමක් සිදු නොවේ.

සංයුක්ත උපත් පාලන ක්‍රමයක් ලෙස ප්‍රොජෙස්ටරෝන් සහ ඊස්ට්‍රජන් අඩංගු එන්නතක් ඇත. මෙය ලංකාවේ එතරම් ජනප්‍රිය නැත.

පැය 72 පෙත්ත (ECOP) ) හා සංයුක්ත උපත් පාලන ක්‍රම දෙකෙන්ම සියයට 98% ක 99 ක ආරක්ෂාවක් ලැබෙද්දී අන්තර් ගර්භාෂ තැන්පතුවක් දී 100% කට ආරක්ෂාවක් ලැබේ.

පෙති ගතයුතු අන්දම

දිනකට එක බැගින් එකම වේලාවක, එනම් රාත්‍රියේ නින්දට යෑමට පෙර ගත හැකියි. කිරිදෙන මවකට දරුවාට මාස 6 ක් ගතවූ පසු උපත් පාලන පෙති ගත හැකියි. නමුත් තමා නැවතත් ගැබ්ගෙන ඇත්දැයි බලා මේවා පාවිච්චි කළ යුතුයි.

මෙම පෙති ගත යුත්තේ සාමාන්‍ය කෙනකුට දින 21 - 28 දක්වා කාලයේදීය. එනම් ආර්තවය දින 28 න් සිදුවනවා නම්ය. ගබ්සාවකට පසු දින සිටම උපත් පාලන පෙති ඇරඹිය හැකියි. පැය 72 පෙත්ත ගෙන අන්තිම දිනයේ සිට පැය 24 ක් ඇතුළත මෙම පෙත්ත ගත හැකියි.ගර්භණී අවස්ථා, වේදනා නාශකවලින් පවා සුවනොවන දරුණු හිසරදය ඇති අවස්ථාවලදී මෙම පෙති නොගත යුතුයි. කකුල් ඉදිමීම්, කකුලේ තද වේදනාව, පපුවේ කැක්කුම්, හුස්ම ගැනීමේ අපහසුතා, කහවීම, අක්මා රෝග ආදිය ඇත්නම් උපත් පාලන පෙති ගැනීම නැවැත්විය යුතුයි.

පෙති ගැනීම මඟ හැරුණේ නම්

තෙවැනි සතියේදී පෙති 2 ක් මග හැරුණේ නම් අලුතින්ම පෙති ගැනීම ආරම්භ කළ යුතු නැත. ඒ අතරට කොණ්ඩම් වැනි ආධාරක ක්‍රමයක් භාවිත කළ හැකිවේ. ඉන්පසු ඉතිරි පෙතිටික ගත යුත්තේ රතු පෙති නොව සුදු පෙතිය. මෙවැනි පැකට්ටුවක සුදුපෙති 21 ක් හා රතු පෙති 7 ක් අඩංගුය. වමනය, බඩඑළිය ඇති අවස්ථාවක පෙති ගැනීමට නොහැකි වුවහොත් පහුවදා රාත්‍රිය වනතුරු නොසිට උදේම එකපෙත්තක් ගත හැකියි. එදා රාත්‍රියටත් සුපුරුදු පරිදි පෙත්තක් ගතයුතුයි. 21 වැනි දිනෙන් පටන් ගන්නා සතියේ පැය 46 ක් ඇතුළත දී අලුත් පැකට් එකක් කරා යෑම අවශ්‍ය නැත. පැය 48 කදී පෙති 3 ක් මඟ හැරුණොත් සුදු පැහැ පෙති ටික ගෙන නැවත අලුත් පැකැට්ටුවක සුදු පෙතිම ගන්න. රතු පෙති ටික නොගෙන ඉන්න. පළමු හෝ දෙවැනි සතිවල පැය 48 කදී පෙති මගහැරුණොත් ආධාරක ක්‍රමයක් සමඟ රතු පෙතිවලට යා හැකියි.

මුල් දින පහ ඇතුළත ආධාරක ක්‍රමයක් ලෙස කොන්ඩමයකට යා හැකියි. පසුගිය දින 3 ඇතුළත සංසර්ගයක් වුණි නම් පැය 72 පෙත්ත ගැනීමත් අවශ්‍ය වේ.

සිරුරේ බර

උපත් පාලන පෙති ගනිද්දී සිරුර මහත් වෙනවා යැයි බියක් බහුතරයක් කාන්තාවන්ට පවතී. එහිදී විශාල මහත්වීමක් සිදු නොවන අතර වසරකට කිලෝග්‍රෑම් 1 ක 2 ක වැඩිවීමක් වීමට පුළුවන. ඩිප්‍රෝපොවේරා යන තත්ත්වය වෙනස්වද්දී උපත් පාලන පෙතිවලට ග්‍රෑම් 500 කින් පමණ බර වැඩිවීමට පුළුවන. ව්‍යායාම සහ ආහාර පාලනය තුළින් සුපුරුදු බරේම සිටිය හැකියි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත්කර ඇති Who Medical Eligibility Criteria Wheel  අනුව අප තෝරා ගන්නා උපත් පාලන ක්‍රමය තමාගේ සෞඛ්‍ය සුදුසු දැයි බලාගත හැකියි.

 

උපදෙස් - විශේෂ මනෝ වෛද්‍ය (ආර්තවහරණ සංගමයේ අතිරේක ලේකම්)

එච්. ඒ. බුද්ධි ජයසේකර

 

 

 

 

788 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 සැප්තැම්බර් 18, සඳුදා 12:50
අදහස් එක් කිරීමට ලොග් වෙන්න