තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

  • නත්තල් කෑම බීම රස විඳිමු
    නත්තල් කෑම බීම රස විඳිමු දැන් දැන් නත්තලටයි නව වසරටයි කවුරුත් සූදානම. මුළු පරිසරයම මීදුමෙන් පිරී ගිහින්. නත්තල උදාවෙනවා. මේ මිහිරි නත්තලේ මිහිර විඳින අතරේ ගෙදරට පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කරන්න සෑම ගෘහණියක්ම හරිම උනන්දුයි.
    තවදුරටත් කියවන්න...
  • වර්ණ ගෙනෙන ගතිපැවතුම්
    වර්ණ ගෙනෙන ගතිපැවතුම් මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නෙ මෙතෙකැයි කියන්න බැරි තරම් නානාප්‍රකාර වර්ණයන්ගෙන්. සොබා දහමත් හරිම විසිතුරුයි. ඕනෑම අයකු යම්කිසි වර්ණයකට වඩාත්ම කැමැති වෙන්න පුළුවන්.
    තවදුරටත් කියවන්න...
  • ඔයාට කොලෙස්ටරෝල් ද?
    ඔයාට කොලෙස්ටරෝල් ද? හෘද රෝග කියන්නේ ජීවිතය අවධානමේ හෙළන්නකි. මේ සඳහා බොහෝවිට කොලෙස්ටරෝල් මට්ටම බලපෑම් කරන නිසා කොලෙස්ටරෝල් ඇති රෝගීන් එය පාලනය කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
    තවදුරටත් කියවන්න...
  • ඔයාට කොලෙස්ටරෝල් ද?
    ඔයාට කොලෙස්ටරෝල් ද? හෘද රෝග කියන්නේ ජීවිතය අවධානමේ හෙළන්නකි. මේ සඳහා බොහෝවිට කොලෙස්ටරෝල් මට්ටම බලපෑම් කරන නිසා කොලෙස්ටරෝල් ඇති රෝගීන් එය පාලනය කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
    තවදුරටත් කියවන්න...
  • නිවෙසේ වැඩ පහසු කරන රහස්
    නිවෙසේ වැඩ පහසු කරන රහස් නිවෙසෙහි වැඩි වැඩ කටයුතු ප්‍රමාණයක් ඉටු වන්නේ ගෘහණිය අතිනුයි. ඒ අතරින් මුළුතැන්ගෙයි විශේෂයි. ඉතිං ඒ කටයුතු ලෙහෙසි පහසු කරගන්න මේ කරුණු අත්වැලක් කර ගන්න ඔබටත් පුළුවන්.
    තවදුරටත් කියවන්න...

චාරිකා නියෝජීතවරු සිරස්තල

2012 මැයි 27, ඉරිදා 11:05

ගුවන් ටැක්සියෙන් අති සුන්දර චාරිකාවක් විශේෂාංග

ලිව්වේ  චතුරිකා මල්කාන්ති
අගයන්න
(5 මනාප)
නව වසරේ විවාහවන අයට අහස් කුස පිස හමන සිහිල් සුළං රැලි අතරින් වලාකුළු සිසිල විඳිමින් අපේ පුංචි රටේ ගුවන් චාරිකාවක් යන්න කොයි කවුරුත් කැමැති වන බව නම් නිසැකයි. ඒ වගේම ඔබේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක් සමරන දිනයකදී එම දිනය අමතක නොවන මතක සැමරුම්වලින් පුරවා ගන්නටත් අලුත් අත්දැකීම් සමුදායක් මතක මං පෙතට එකතු කරගන්නටත් හැකිනම් මොන තරම් ආස්වාදයක්ද? ජීවිතයට අලුත් අත්දැකීම් එකතු කර ගනිමින් ගුවනේ අසිරිය විඳ ගත හැකි සුවිශේෂී අවස්ථාවක් ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මගින් මේ වන විට ආරම්භ කර තිබෙනවා. එය “එයාර් ටැක්සි” සේවාවයි.

 

තමන්ගේ ජීවිතයේ සොඳුරු සැමරුම් දිනයක් වන විවාහ මංගල දිනයේදී එයාර් ටැක්සි සේවාවෙන් ගුවන් සංචාරයක නිරත වීමට හැකි නම් එය අති සුන්දරයි නේද? නව වසරේ විවාහ දිවියට එළැඹීමට සිටින කාහටත් මෙය නම් සුබ ආරංචියක්. විවාහක යුවළකට කොළඹ සිට නුවරට ගමන් කිරීම සඳහා

ප්‍රවේශ පත් ගාස්තුව වන්නේ රුපියල් 16000 ක පමණ මුදලක් වන අතර යාම සහ ඒම සඳහා රුපියල් 36000 ක් පමණ වැය වෙයි. කොළඹ සිට නුවර දක්වා ගුවනින් සංචාරය කිරීමේදී සාමාන්‍යයෙන් තනි ගමනක් සඳහා වැයවන කාලය විනාඩි තිහක් පමණ වෙනවා. ජීවිතයේ එබඳු සොඳුරු මතකයන් සඳහා පිටත්වන ගමනකට අපේ රටේම ගුවන් සංචාරයකින් අත්දැකීම් ලබා ගැනීමට හැකිවීම නම් එක් අතෙකින් වාසනාවක්. පැහැබර දවසක ගුවන් ගත වන ඔබට ලංකාවේ සුන්දර දර්ශන ගුවනේ සිට නරඹමින් නවමු මිහිරියාවක අසිරිය විඳ ගැනීමට “එයාර් ටැක්සි” මගින් මෙලෙසින් අවස්ථාව හිමි වෙනවා.

අපේ පුංචි ශ්‍රී ලංකාවේ සංචාරය කරන්න තිබෙන තැන් නම් බොහොමයක් තිබෙනවා. ඒත් ඉතින් දහසකුත් එකක් වැඩ කටයුතු අතරේ කාර්යබහුල ජීවිතවලට හුරුවෙලා ඉන්න ගොඩක් දෙනකුට ‘කාලය’ කියන රන් අශ්වයා පරාජය කරන එක නම් ලොකුම ගැටලුවක් වෙලා. නිවාඩු දිනයකදී නිවෙසේ අයත් එක්ක තමන්ගේම වාහනයකින් පුංචි විනෝද සවාරියක් යන්න පාරට ආවත් මාර්ග තදබදය නිසාම ඔබේ චාරිකාවෙන් වැඩිපුර කාලයක් ගත වෙන්නේ පාරටම තමයි.

ඒ වුණත් ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් වෙතින් හඳුන්වා දී තිබෙන එයාර් ටැක්සි සේවාව මගින් ඉතාමත් කෙටි කාලයකින් ලංකාවේ සුන්දර ස්ථාන වෙත ඔබව රැගෙන යනවා. ඔබගේ කාල වේලාව ඉතිරි කර දෙමින් ලංකාවේ එක් ප්‍රදේශයක සිට තවත් ප්‍රදේශයකට ගුවනින් අසිරි විඳිමින් ගමන් කළ හැකි අවස්ථාව මෙලෙසින් ඔබටත් හිමි වෙනවා.

මහා මාර්ගයේ වාහනයකින් කොළඹ සිට ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශයකට ඔබ යනවා නම්, අඩුම වශයෙන් පැය දහයක් වත් ගතවන බව නිසැකයි. එහෙත් හඳුන්වා දී ඇති එයාර් ටැක්සි සේවය මගින් පැයක පමණ ගුවන් ගමනකින් ඔබට එවැනි දුර බැහැර ප්‍රදේශයකට වුණත් ළඟා විය හැකියි.

මෙම එක් ගුවන් චාරිකාවක් සඳහා එක් අවස්ථාවකදී දහයත් පහළොවත් අතර පිරිසකට සහභාගි වීමේ හැකියාව තිබෙනවා. ඔබේ පවුලේ සියලු දෙනාටම හෝ හිතවතුන් සමඟ සහභාගි වන චාරිකාවකට මෙම ගුවන් චාරිකාව මහඟු අවස්ථාවක් වන බව නම් නිසැකයි.

ගමන ආරම්භයේ සිට ගමනාන්තය දක්වා සියලුම පහසුකම් සහ ආරක්ෂාව සහිතව ගුවන් චාරිකාවක අසිරිය විඳ ගැනීමට ඔබට හැකියාව තිබෙනවා. ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මඟින් හඳුන්වා දී ඇති මෙම සේවාව දැනට බෙන්තොට, කොග්ගල, දික්වැල්ල, දඹුල්ල, නුවර, නුවරඑළිය, හම්බන්තොට, තිස්සමහාරාම, කාසල්රී, ආරුගම්බේ, අම්පාර සහ ඉරණමඩු සහ මෑත කාලීනව ත්‍රිකුණාමලය යන ප්‍රදේශ දක්වාම ක්‍රියාත්මක වෙනවා.

මෙලෙසින් ලංකාවේ උතුරු දකුණු සහ කඳුකර ප්‍රදේශවලට ගුවනින් චාරිකාවක නිරතවීමට ඔබට අවස්ථාව හිමි වෙනවා. එපමණක් නොවෙයි ඉදිරි කාලයේදීී අනුරාධපුරය, පාසිකුඩා, යාපනය සහ කල්පිටිය යන ප්‍රදේශවලටත් මෙම ගුවන් සේවාව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මගින් කටයුතු සූදානම් කර තිබෙනවා. සාමාන්‍යයෙන් පොළොව මට්ටමේ සිට අඩි 1500 ත් 2000 ත් අතර ඉහළ අහසේ ගුවන් ගත වෙමින් ගුවන් සිරි විඳිමින් සාර්ථක ගුවන් චාරිකාවක නිරත වීමේ අවස්ථාව ඔබට ලබා දෙමින් මෙම සේවය වඩාත් සාර්ථකව ලබාදීමට ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් වෙතින් මේ වනවිට කඩිනම් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.

එයාර් ටැක්සි සේවාව මගින් ලබාදෙන මෙම ගුවන් සේවාවෙන් ඔබටත් ගුවනේ අසිරිය නවමු අත්දැකීම් සමඟ ගතින් සිතින් අත්විඳීමට කැමැති නම් පහත දුරකතන අංකයට ඇමතීමෙන් චාරිකාව සඳහා ආසන හෝ යාත්‍රාවක් වෙන්කර ගත හැකියි.

0197335500
www.srilankan.com/airtaxi

ස්තුතිය - ශ්‍රී ලංකන් එයාර් ටැක්සි- වෙළෙඳ කළමනාකාරිනී මැණික් විජේසූරිය

 

16326 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2012 ජූලි 05, බ්‍රහස්පතින්දා 10:38
අදහස් එක් කිරීමට ලොග් වෙන්න