තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

2016 පෙබරවාරි 15, සඳුදා 14:58

සත්කාර කළ යුත්තේ සම හඳුනාගෙනයි

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
 සමේ නිරෝගිමත් බව පැහැපත් බව රැකගැන්මට නම් සමට නිසි සත්කාර ලබාදීම ඉතාම වැදගත් බව අප දන්නවා. මේ නිසාම සමට සිදුකරන සත්කාර බොහෝවිට අනුගමනය කෙරෙනවා.

 

මේ අතුරින් සමට යොදෙන ආලේපනද විශේෂයි. සමට සත්කාර කළයුතු පමණින් ආලේපන භාවිතය අවශ්‍ය වූ පමණින් එය හිතුමතේ කිරීමට පෙළැඹීම කිසිසේත්ම සුදුසු නොවේ. හේතුව ආලේපන තෝරා ගැනීමේදී තමන්ට සුදුසු ආලේපන පමණක් තෝරාගත යුත්තේ කෙසේද? නිවැරැදිව ආලේපන භාවිතා කළ යුත්තේ කෙසේද? ඒ හා සම්බන්ධව කෙරෙන මෙම විමසුම ඔබට නිසි දැනුවත් බවක් ගෙන දේවි.

 

සමේ නිරෝගිමත් බව පැහැපත් බව රැකගැන්මට නම් සමට නිසි සත්කාර ලබාදීම ඉතාම වැදගත් බව අප දන්නවා. මේ නිසාම සමට සිදුකරන සත්කාර බොහෝවිට අනුගමනය කෙරෙනවා. මේ අතුරින් සමට යොදෙන ආලේපනද විශේෂයි. සමට සත්කාර කළයුතු පමණින් ආලේපන භාවිතය අවශ්‍ය වූ පමණින් එය හිතුමතේ කිරීමට පෙළැඹීම කිසිසේත්ම සුදුසු නොවේ. හේතුව ආලේපන තෝරා ගැනීමේදී තමන්ට සුදුසු ආලේපන පමණක් තෝරාගත යුත්තේ කෙසේද? නිවැරැදිව ආලේපන භාවිතා කළ යුත්තේ කෙසේද? ඒ හා සම්බන්ධව කෙරෙන මෙම විමසුම ඔබට නිසි දැනුවත් බවක් ගෙන දේවි.

 සමේ ස්වභාවය හඳුනාගන්න

 සෑම කෙනකුගේම සම එකම ස්වභාවයක් ගන්නේ නැත. එහි ස්වභාවය හඳුනාගෙන ඒ අනුව ආලේපන භාවිතා කිරීම, ආහාර පරිභෝජනය සහ සමට කරන සත්කාර අවබෝධයකින් යුතුව කිරීම ඉතා වැදගත් වෙයි. සම - වියළි සම, තෙල් සහිත සම, සාමාන්‍ය සම සහ මිශ්‍ර සම වශයෙන් මූලිකවම වර්ග කළ හැකිය.

එසේම පුද්ගලයකුගේ සම එකම ස්වභාවයකින් සිරුරේ සෑම තැනම පිහිටන්නේ නැත.

ඇතැම් ස්ථානවල සම ඉතා ඝණකමින් යුක්තව පිහිටන අතර (උදා : යටිපතුල්) ඇතැම් ස්ථානවල සම ඉතා සියුම් ලෙස පිහිටයි. (උදා : ඇස්වටා සම) මේ පිළිබඳව මනා දැනුමක් නැතිව සමට ප්‍රතිකාර කිරීම සුදුසු නොවේ.

 මුළු සිරුරේම සම එකම ස්වභාවයක පිහිටන්නේ නැත.

 යම් පුද්ගලයෙකුගේ මුහුණේ සම තෙල් සහිත ස්වභාවයක් ගනියිනම් එම පුද්ගලයාගේ අත්පාවල සමේ ස්වභාවය වියළි බවක් තිබීමටද ඉඩ ඇති අතර, මුහුණට භාවිතා කරන ආලේපන වර්ගයම අත්පා සඳහාද භාවිතා කිරීම සුදුසු නොවේ.

 ක්ලෙන්ස කිරීම

 මේ මගින් කරන ප්‍රධාන කාර්ය වන්නේ සම හොඳින් පිරිසුදු කිරීමයි. මෙහිදී පහළ සිට ඉහළට අතගාගෙන යාමත් ඉතාමත් මෘදු ලෙස ආලේප කිරීම සහ ඉවත් කිරීම පිළිබඳවත් ඔබ සැලකිලිමත් විය යුතුය.

 ස්ක්‍රබ් කිරීම

 මෙයද සමේ ස්වභාවය සහ ස්ථානය අනුව තෝරාගත යුතුය. අත්පා සඳහා භාවිතා කරන ස්ක්‍රබ් වර්ග මුහුණට කිසිසේත් යොදාගැනීම සුදුසු නොවේ. මුහුණ සඳහා ඒ වෙනුවෙන්ම සකසා ඇති ඉතා මෘදු ස්ක්‍රබ් වර්ගයක් තෝරා ගත හැකිය. නැතිනම් සත්කාරයක් වෙනුවට ඔබට අහිතකර ප්‍රතිඵල සඳහා මුහුණපෑමට සිදුවිය හැකිය.

 ටෝනර් කිරීම

 විශේෂයෙන් වියළි සමක් ඇති අයෙක් ආලේපන භාවිතයේදී භාවිතයට ගන්නා නිෂ්පාදන වල ඇල්කොහොල් අඩංගුදැයි විමසිලිමත් විය යුතුය. ඇල්කොහොල් වල ඇති වාෂ්පශීලි ගුණය නිසා වියළි සමක් ඇති අයෙක් දිගින් දිගටම එම නිෂ්පාදන භාවිතා කිරීමෙන් සම තව තවත් වියළි තත්ත්වයට පත්වී ගැටලුකාරී තත්ත්වයන් වැඩිවීමට හේතු විය හැකිය.

එම නිසා සමේ ස්වභාවය හඳුනාගෙන ප්‍රතිකාර කිරීමෙන් නිරෝගී සමක් ඔබට ලබාගත හැකිය.

 ආලේපන භාවිතයේදී අවධානය දියයුතු වෙනත් කරුණු

 හැමවිටම ආලේපන භාවිතයේදී පහළසිට ඉහළට ආලේප කිරීම ඉතා වැදගත් වෙයි.

නමුත් සමට ආලේපකරන විවිධ ආලේපන එකම නිගමනයක සිට දිගුකාලීනව ආලේප කිරීම සුදුසු නොවේ. මාස 6 කට වරක්වත් සමේ ස්වභාවය කුමක්දැයි පරීක්‍ෂාකර ඒ අනුව ආලේපන වර්ග තෝරාගැනීම වඩාත් නිවැරැදි ක්‍රමවේදයයි.

 හොඳ පෝෂණයකින් යුතු ආහාරපාන

 හොඳ පෝෂණ මට්ටමකින් යුතු ආහාර සමේ නිරෝගී බවට අත්‍යවශ්‍ය කරුණකි. සමේ තෙතමනය සඳහා හොඳින් ජලය පානය කිරීමද අවශ්‍ය වෙයි. එමෙන්ම සම යනුවෙන් හඳුන්වන්නේ පිටතින් පෙනෙන අපිචර්මය පමණක් නොවේ. එය අපිචර්මය, චර්මය සහ අධ:චර්ම යනුවෙන් ස්ථර කිහිපයකින් පිහිටා ඇත.

සමේ ගල්වන බහුතරයක් බාහිර ආලේපන අපිචර්මයෙන් එහාට ප්‍රතිඵල පෙන්වන්නේ නැත. එබැවින් ඉතාමත් නිරෝගී සමකට උරුමකම් කීමට හොඳ පෝෂණ මට්ටමකින් යුතු ආහාර වේලක් සඳහාද ඔබ අවධානය දීම සැලකිලිමත් විය යුතුය.

 උපදෙස් : ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී,

නදීකා පෙරේරා

(නදී හෙයා ඇන්ඩ් බියුටි ඇකඩමි)

8743 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 පෙබරවාරි 15, සඳුදා 15:01
අදහස් එක් කිරීමට ලොග් වෙන්න