තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

2016 පෙබරවාරි 15, සඳුදා 15:08

ලප කැළැල් වලින් තොර පැහැපත් සමක් සඳහා හොඳම ඖෂධය පිම්පල් කියෝ හර්බල් ක්‍රීම්

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(0 මනාප)
 සොඳුරු ලලනාවන්ගේ සුන්දරත්වයට වටිනාකමක් ලබාදෙන ප්‍රධාන අංගය නම් සුන්දර සමයි. මේ සොඳුරු සම මත ලප කැළැල් ඇති වුවහොත් සිදුවන්නේ සොඳුරු තාරුණ්‍යයට බලපෑමක් ඇතිවීමයි.

 

එලෙසින් සමට බලපෑමක් ඇතිකරන ප්‍රධානතම රූපලාවණ්‍ය ගැටලුව වන්නේ කුරුලෑ ඇතිවීමයි. මේ කුරුලෑ ගැටලුවට විසදුමක් ලෙස හාකෝට්ස් (පුද්.) සමාගම විසින් නව ආලේපනයක් හඳුන්වා දී ඇත. Pimple Cure Herbal  නම් වූ මේ ආලේපන ඖෂධය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් මගින් ද සහතික කර තිබේ.

එය GMP / ISO 9001 - 2000  සහතිකලත් ඉන්දියානු සමාගමකින් ආනයනය කරනු ලබයි.

Pimple Cure Herbal Cream  ආරක්‍ෂාකාරී සහ වේගවත්ව ප්‍රතිචාර දක්වන ශාඛසාර ආලේපනයක් ලෙසද එම සමාගම මගින් විද්‍යානුකූලව තහවුරු කර තිබේ. මෙම විශිෂ්ට නිෂ්පාදනය ෆාමසි, සුපිරි වෙළෙඳසැල් හා රූපලාවණ්‍ය ද්‍රව්‍ය අලෙවි සැල්වලින් දැන් ලබාගත හැකියි. එහි අලෙවි අධ්‍යක්ෂ මොහොමඩ් රසාන් මහතා පවසන්නේ ඉන්දියාව වැනි පෞරාණික ප්‍රදේශ සහිත රට වලින් ඓතිහාසික ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීමටත් ඒ කෙරෙහි විශ්වාසය තැබීමටත් අද බොහෝ දෙනා පෙළැඹී ඇති බවයි. එමෙන්ම Pimple Cure Herbal Cream  වෙළෙඳපොළ තුළ නව ප්‍රවණතාවයක් ඇති කරන බවද ඔහු තවදුරටත් සඳහන් කළේය. මෙය කුරුලෑ ලප හා රතු ලප සඳහා සුදුසු ප්‍රතිකාරයක් වන අතර පරම්පරා ගණනක් පුරා ලප කැළැල් සහ කුරුලෑ කැළැල් සඳහා යොදා ගන්නා Ocimum basilicm ලබා ගන්නා බැසිල් ඔයිල් මෙම ආලේපනය තුළ අන්තර් ගතය.

වර්තමානයේ භාවිත කරන නව ඖෂධ වලට වඩා කුරුලෑ සඳහා Ocimum basilicm  ප්‍රතිඵලදායක බව පර්යේෂණ මගින් ද අනාවරණය වී තිබේ.

සම අභ්‍යන්තරයේ ඇති රෝම කූප තුළින් අධික ලෙස ස්‍රාවය වන මේදය නිසා ඇතිවන කුරුලෑ යොවුන් වියේ පසුවන්නන් අතර දැඩි ගැටලුවක් වී තිබේ.

කුරුලෑවලට අමතරවද කළු ලප, රතු ලප හා සමමත ඇතිවන කැළැල් ඉවත්කර සම සාමාන්‍ය සමක් ලෙස ස්ථාපිත කරයි.

මිල අධික ආලේපන වර්ග වෙළෙඳපොළේ කොතරම් තිබුණත් බොහෝවිට ඒවා ප්‍රචාරණය කරන පරිදි ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැත. එමනිසා පාරිභෝගිකයන් වන ඔබ මෙම නිෂ්පාදන මිලදී ගැනීමේදී වියදම් කරන මුදල ගැනම පමණක් සැලකිලිමත්වීම නොකළ යුතුය.

කවදත් සාධාරණ මිල ගණන් යටතේ සොබාවික ඖෂධ පමණක් ඔබට ලබාදෙන්නට හාකෝට්ස් (පුද්) සමාගම කටයුතු කරන අතර ඔවුන්ගේ අරමුණ වන්නේ සොබාදහම දේවාශිර්වාදයක්ද, සොබාවික ඖෂධ සොබාදහමේ ආශිර්වාදයක්ද වන බවයි.

ඔබට වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය්‍ය නම් 011-2740571, 077-3833452 දුරකථන අංක ඒ සඳහා විවෘතව පවතී. 

8572 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 පෙබරවාරි 15, සඳුදා 15:10
අදහස් එක් කිරීමට ලොග් වෙන්න