තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

2016 පෙබරවාරි 15, සඳුදා 15:12

සුන්දරත්වය ඇත්තේ චාම් බව තුළයි

ලිව්වේ  දිස්නා කුමාරි අල්විස්
අගයන්න
(1 මනාපය)
විලාසිතා මන බඳිනා විලාසිතා - විලාසිතා නෙතු රැඳෙනා විලාසිතා

 

 මේ නව වසරේද කාන්තා ඔබ විවිධ විලාසිතාවලින් සැරසෙන්න සුදානම් වෙනවා ඇති. මේ මඟපෙන්වීම විලාසිතා ගැන උනන්දු ඔබට අලුතින් සිතන්න යමක් ඉතිරි කරනු නොඅනුමානය.

ඇතැම් කාන්තාවන් බොහෝ විය පැහැදම් කරමින් විලාසිතා කරනු ලබයි. තවත් අය පවතින ටෙලිනාට්‍ය හෝ එසේ නැතිනම් වර්තමානයේ ජනපි‍්‍රය ඉන්දියානු ටෙලිනාට්‍ය වල රංගන ශිල්පිනියන් අඳින පලදින විලාසිතා අනුගමනය කිරීමට පෙළැඹේ.

කෙසේ නමුත් කාන්තා ඔබ වඩාත් සුන්දර සරල චාම් විලාසිතාවකින් සැරසුණු තරමටම බව කිය යුතුය. මේ සඳහා උපතින්ම ඔබ ලද මනාසේ සැලසුම් කිරීම වර්ණ ගැළපීම ආදිය දැනුවත් බව තුළින් තවත් ඔපවත් කරගන්න.

එසේම ඔබ යම් විලාසිතාවකින් සැරසීමට පෙර සහභාගීවන අවස්ථාව, ස්ථානය හා ඊට සහභාගීවන්නන් ගැනද අවබෝධය ඇතිවයි විලාසිතාව තෝරාගත යුතු වන්නේ.

සමහර කීතාවන් මළ ගෙදරකට හෝ පන්සලට නුසුදුසු ඇඳුම්වලින් සැරසී තවකෙකුගේ අවඥාවට බඳුන්වන අවස්ථාද නැතුවා නොවේ.

තවත් පිරිසක් තමන්ගේ වත්පොහොසත් බව ප්‍රදර්ශනය කිරීමට හෝ තමන් සතුව තිබෙනා නිසා සියලු ආභරණවලින් සැරසී උත්සව වලට සහභාගිවන අවස්ථා තිබේ. එහිදී තමන්ගේ සුන්දරත්වය යටපත්වීමක් සිදුවීමටද ඉඩ තිබෙනවා.

ඔබ අඳින පලදින ආකාරය ඔබේ කැමැත්ත සේම ලෝකයේ විලාසිතා පිළිබඳවද යම් දැනුවත් බවක් ඔබ සතුවීමටද, වර්ණ ගැළපීම ආදිය පිළිබඳ දැනීමක් තිබීමද සුන්දරව සැරසෙන්නත්, ආකර්ෂණීය ලෙස දිස්වෙන්නත් හේතුවෙනවා.

ඔබේ ඇඳුම, පාවහන්, කොණ්ඩාමෝස්තරය සඳහා යොදාගන්නා දේ අතර මනා ගැළපීම් ඇත්නම් එය තමන්ට ආත්ම විශ්වාසයක් ස්වයං අභිමානයක් සේම තමන්ගේ පිළිවෙළ හා මනසේ සංයමයද බාහිරට පෙන්නුම් කිරීමක් වෙනවා.

ඇතැම් අය බොහෝ දුරට ඇඳුමට දක්වන සැලකීමට වඩා අඩු වටිනාකමක් අත් බෑගයට පාවහන් ආදියට දැක්වීම නිසා සුන්දරත්වය අඩුවීම සිදුවෙනවා.

මෙහි වටිනාකම සේ සඳහන් කළේ මූල්‍ය වටිනාකම නොව ඔබ ඒ කෙරෙහි දක්වන අවධානය ගැනයි. ඔබේ ඇඳුම ඊට ගැළපෙන චාම් සරල ආභරණ හා පාවහන් ඇතුළු සියල්ල අතර වර්ණ ද ඇතුළු මනා ගැළපීමක් ඇතිනම් එයින් ඔබේ සුන්දරත්වයද ඉස්මතු කරගන්න පුළුවන්.

එසේම කාන්තාවන් තරම්ම පුරුෂ පාර්ශ්වය විලාසිතා සඳහා උනන්දු නොවුණද බොහෝ දෙනා නවීන ලෝකය හා යාවෙමින් විලාසිතා අනුගමනය කරන බවක් පෙනෙන්න තිබෙනවා.

ඔබ දෙදෙනාම සහභාගී වන උත්සව අවස්ථාවක් සඳහා පළමුව සාකච්ඡා කොට ගැළපෙන වර්ණවලින් සැරසෙන්න සැලසුම් කළොත් එය ඔබේ පවුලේ ආදරණීය බැඳීම් වර්ධනය කරන්නත් හේතු වෙන්න පුළුවන්. එය ඇත්තෙන්ම සුන්දර දසුනක් බවට පත්වෙනවා. ඔහුගේද පාවහන්, ටයිපටිය, ඉන පටිය ආදියේ වර්ණ ගැළපිය යුතුයි.

ඕනෑම අයෙක් අන් කවරදාටත් වැඩියෙන් තමන්ගේ ඇදුම් පැලඳුම් ගැන සිතන්නේ තම විවාහ මංගල්‍ය සඳහාය.

නූතන විවාහ මංගල්‍ය අතර සමහර විලාසිතා තුළින් වැයකරන ඉහළ මිල මිස සුන්දර දසුනක් දැකිය නොහැකිය. මේ වසරේ ඔබ ඔබේ විවාහය සැලසුම් කරන්නේ නම් ඔබ තෝරාගන්නා රූපලාවණ්‍ය ශිල්පියා හෝ ශිල්පිනිය සමඟ සාකච්ඡාවකට චාම් සුන්දර මනාලියක් සේ සැරසෙන්න හැකි අයුරින් විලාසිතා තෝරාගන්න උක්සුක වන්න.

වාණිජ ලෝකයේ වෙළෙඳ ආර්ථිකය සමඟ නොරැවටී සුන්දරව සිටින්නට ඔබේ අවබෝධයත් දැනුවත් බවත් අවශ්‍යයි.

ඇතැම් විට එකම දේ විවිධ ස්ථානවල විවිධ මිලගණන්වලට අලෙවි වෙනවා. කොණ්ඩයට සිදුකරන ෆර්ම්, ස්ට්‍රේට් ආදී කෘත්‍රීම විලාසිතා ද හැම දෙනාටම එක සේ ගැළපෙන්නේ ද නැත. එමනිසා තවත් කෙනෙක් අනුගමනය කරනු වෙනුවට ඔබටම ආවේණික වූ ප්‍රතිරූපයක් ගොඩනඟා ගනිමින් අඩුවියදමින් සරලව සුන්දරව සැරසිය හැකිනම් එහි වඩා වැඩි සුන්දරත්වයක් තිබෙනවා.

ඔබ දෙදෙනාම සහභාගී වන උත්සව අවස්ථාවකදී කාන්තාවක් මනා සේ සැරසී ඇත්නම් ඔබේ සහකරුවාගේ විලාසිතා ගැළපීමේ යම් අතපසුවීමක් ඇතොත් එය ඉස්මතු නොවීමට තරම් ඔබේ මනාසේ සැරසුණු සුන්දරත්වය හේතු දායකයි.

 උපදෙස් - ප්‍රවීණ මෝස්තර ශිල්පි

නිල්හාන් සෙනෙවිරත්න

10304 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 පෙබරවාරි 15, සඳුදා 15:18
අදහස් එක් කිරීමට ලොග් වෙන්න