තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

තරුණී MY STYLE

2018 මාර්තු 19, සඳුදා 15:36

ඕනෑම වර්ගයක කුරුලෑ සුව කරන්න පුළුවන් විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
  තරුණ කාලේදී මුහුණේ කුරුලෑ එන එක ස්වාභාවිකව සිදුවන දෙයක්. ඒත් අසාමාන්‍ය ආකාරයෙන් කුරුලෑ එනවා නම් ආසාදනය වී තිිබෙනවා නම් ඒ පිළිබඳව නොසලකා ඉන්න එකත් එතරම් සුදුසු දෙයක් නොවෙයි.

 

එවන් තත්ත්වයකදී සුදුසුම දේ හිතුමතේ කටයුතු කිරීමට යාමෙන් වැළකී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමයි. එහෙත් කුරුලෑ පැතිරී කැළැල් මතු වී තිබෙනවා නම් කුරුලෑ සමට නිසි සත්කාර කිරීමෙන් එම තත්ත්වය සුවකර ගන්නට පුළුවන්.

බොහෝවිට පළපුරුදු රූපලාවණ්‍ය ශිල්පීන් සිටින රූපලාවණ්‍යාගාරයක නම් මේ සඳහා ඉතාමත් ක්‍රමානුකූලව වඩාත් ප්‍රවේශමෙන් සත්කාර සිදු කෙරෙනවා. එමඟින් බොහෝ දුරට කුරුලෑ මඟ හරවා ගනිමින් සම සුවපත් කරගැනීමේ හැකියාව තිබෙනවා.

කුරුලෑ සහිත සමක් ආරක්ෂා කරගත යුත්තේ කෙසේද?

මුහුණේ කුරුලෑ තිබුණත් නැතත් මුහුණ පිරිසුදුව තබා ගැනීම අවශ්‍යයි. මුහුණ පිරිසුදුව තබා ගන්නට සුදුසු ක්ලෙන්සර් එකක් භාවිතයෙන් දවසට දෙවරක්වත් මුහුණ පිරිසුදු කිරීම කළ යුතුයි. මෙසේ කිරීමෙන් මුහුණේ රැඳී ඇති කුණු දූවිලි ආදී අපද්‍රව්‍යයන් අනවශ්‍ය තෙල් ඉවත් වී යයි.

මුහුණ සේදීමේදී මඳ උණුසුම් වතුර භාවිත කරන්න. ස්ක්‍රබ් භාවිත කිරීමට යාමෙන් වැළකෙන්න.

පිරිසුදු තුවා භාවිත කරන්න.

අපිරිසුදු තුවා සහ ඇඳුම් නිසා බැක්ටීරියා පැතිර යා හැකියි.

ඔබට අයත් තුවා ඇතිරිලි ආදිය ඔබ පමණක් භාවිත කරන්න.

ඔබ භාවිත කරන ආලේපන Oil Free  විය යුතුයි.

මේක් අප් කිරීමෙන් වැළකී සිටීම සුදුසුයි.

නිතර මුහුණ ඇල්ලීම, කුරුලෑ මිරිකීම, කැඩීම ආදියෙන් වැළකී සිටින්න. එමඟින් බැක්ටීරියා වර්ධනය වී කුරුලෑ ආසාදනය වීමක් සිදු විය හැකියි.

තද හිරුඑළියෙන් මුහුණ ආරක්ෂා කරගන්න.

ආතතියෙන් මිදෙන්න.

වැඩිදෙනකු කුරුලෑ නිසා අසහනයට පත් වී සිටින අවස්්ථා තිබෙයි. එම නිසා එම තත්ත්වය සුවකර ගැනීම නිසි ප්‍රතිකර්ම හෝ සත්කාර ලබා ගැනීමට උනන්දු වන්න.

රූපලාවණ්‍යාගාරයකදී කුරුලෑ සමට සත්කාර සිදු කෙරෙන අයුරු:

සමේ වර්ගය අනුව සම ක්ලෙන්සර්කර ටෝනර් කිරීම.

විනාඩි දෙකක පමණ කාලයක් මුහුණට වාෂ්ප ඇල්ලීම.

ඉන්පසු බ්ලැක් හෙඩ්, වයිට් හෙඩ් ඇත්නම් එය සෙමෙන් ඉවත් කිරීම.

අවශ්‍ය නම් පමණක් මැරුණු සෛල ඉවත් කිරීමට ඉතා මෘදු ග්‍රැනියුලා සහිත ස්ක්‍රබ් එකක් ඉතාමත් ප්‍රවේසම් සහිතව සියුම් ලෙස භාවිත කෙරෙයි.

කුරුලෑ සමක් සඳහාම උචිතවන පරිදි සීරම් තෙරපි එකක් මෙහිදී සිදු කෙරෙයි.

ඉන්පසුව සිදු කෙරෙන්නේ ඉලෙක්ටෙ‍්‍රා තෙරපි හෝ ලයිට් තෙරපි භාවිතයෙන් බැක්ටීරියා පාලනය කරලීමයි.

මෙහිදී සම්බාහනය කිරිමක් නොකෙරෙයි. හේතුව සම්බාහනය කිරීමට යාමෙන් සමේ ඇති ස්නේහස්‍රාවි ග්‍රන්ථිවල උත්තේජනයේදී තෙල් අධිකව ශ්‍රාවය වන නිසා සම්බාහනයෙන් වැළකෙයි.

මීළඟට කුරුලෑ සම සුවපත් කරලීමට හැකියාව ඇති ශාකසාර අඩංගු පැක් එකක් භාවිත කෙරෙයි. අඩුම තරමින් මෙම සත්කාරය තුන් වරක්වත් සිදුකරලීම වැදගත් වේ.

මෙසේ සිදුකෙරෙන සත්කාරයේ විශේෂත්වය:

මෙම සත්කරය සඳහා ශාකසාර අඩංගු ඇරෝමා තෙරපි යොදාගනු ලබයි. සීරම් තෙරපිවලදී පාවිච්චි කරනු ලබන ඇම්පියුල් භාවිත කරනු ලබයි.

කුරුලෑ සමට සත්කාර කිරීමේදී විශේෂිත වන ලයිට් තෙරපි - ඉලෙක්ට්‍රො තෙරපි භාවිත කෙරෙයි. මෙය සිදු කරන්නේ නම් එය භාවිත කරන රූපලාවණ්‍ය ශිල්පියා හෝ ශිල්පිනිය ඒ පිළිබඳව විශේෂ පුහුණුවක් ලත් අයෙකු විය යුතුයි. එයට හේතුව මෙය වැරැදි ලෙස භාවිතයෙන් තත්ත්වය නරක අතට හැරීමට ඉඩකඩ තිබෙන නිසයි.

මයික්‍රො බර්මා බ්‍රේෂන් උපකරණය භාවිතයෙන් කුරුලෑ නිසා ඇතිවන කැළැල් (Acne Scars) අවම කරගත හැකියි. මෙමඟින් සම මතු පිටින් මෘදු බවක් ඇති වී කැළැල් තුනී වී යයි. මෙය ද පළපුරුදු රූපලාවණ්‍ය ශිල්පීන් විසින් කළයුතු කාර්යයකි. මෙහිදී විශේෂයෙන්ම අවධාරණය කළයුතු කාර්යයක් තිබෙයි. එනම් කිසිම විටෙක රූපලාවණ්‍ය ශිල්පියා හෝ ශිල්පිනිය රූපලාවණ්‍යාගාරය තුළ සිදු කෙරෙන සත්කාරයන්හිදී ඖෂධ හෝ පෙති වර්ග ගැනීම සේවාලාභියාට උපදෙස් දීම හෝ ප්‍රතිකාර නියම කිරීමට කිසිසේත්ම අවසර නැති බවයි. හේතුව රූපලාවණ්‍ය ශිල්පීන් යනු වෛද්‍යවරුන් නොවීමයි. රූපලාවණ්‍යාගාරයක කළ හැක්කේ සමට මතුපිටින් සිදුකෙරෙන ඒ සඳහා අදාළ වන සත්කාර පමණයි.

 

උපදෙස් - රූපලාවණ්‍ය ශිල්පිනී

චේතිකා මනම්පේරි

 

ඡායා - ශාන් රඹුක්වැල්ල

1626 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මාර්තු 19, සඳුදා 15:40
අදහස් එක් කිරීමට ලොග් වෙන්න