තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

උපදේශනය සිරස්තල

2018 පෙබරවාරි 19, සඳුදා 11:47

සිතන තරමටම කොලෙස්ටරෝල් අගුණ ද? විශේෂාංග

ලිව්වේ  චම්පිකා දීපානි රණසිංහ
අගයන්න
(0 මනාප)
ආදරයේ සංකේතය හදවතයි. වැලන්ටයින් දිනය හෙවත් ආදරවන්තයන්ගේ දිනයේ උණුසුම පවතින මේ කාලයේ හදවත ගැන කතා නොකරම බැරි අප ආදරය කරන්නේ හදවතින්ම නිසයි.

 

උත්සවයකදී වැඩිපුර රතු ඉර වදින්නේ කොලෙස්ටරෝල් සිරුරට එකතු කරන ආහාර පානවලටයි. හදවත් රෝගවලට හේතුවන කාරණා රැසකින් කොයි කවුරුත් අංක එක බවට පත් කරගෙන ඇත්තේ ද මේ කාරණයයි. 2017 වර්තාවකට අනුව එය එසේ නොවන බව පවසන වෛද්‍ය කණ්ඩායම් ද නැත්තේ නොවේ. තවමත් මෙය මතභේදයට තුඩු දුන් කරුණකි. අහිතකර කොලෙස්ටරෝල් වැරැදි ආහාර රටා, සන්තෘප්ත මේදය අධික ආහාර පාන ගැනීම, දුම් පානය හේතුවන බව ප්‍රසිද්ධය. කොලෙස්ටරෝල් මඟින් හෘද රෝගවලට හේතුවන ලිපෝප්‍රෝටීන රැගෙන යයි. අහිතකර කොලෙස්ටරෝල් වැඩිහිටියන්ට අනවශ්‍යම දෙයක් නොවේ. වයස අවුරුදු 60 ට වැඩි අයගේ ආසාදන, පිළිකා, ඇසේ සුද, මාංසපේශි වේදනා, වෙහෙස වළක්වන්න කොලෙස්ටරෝල් යම් තරමකට අවශ්‍යය. හදවත් රෝග හා කොලෙස්ටරෝල් ගැන වැඩිපුර කතාවන කාලයක මේ තොරතුරු ඔබට නිසැකවම ඉතා වැදගත් වේවි.

කවුරු කවුරුත් වසර ගණනක් කොලෙස්ටරෝල්වලට ඇඟිල්ල දිගු කළත් සැබෑ වරදකරු කොලෙස්ටරෝල්මද?

සමහර කොලෙස්ටරෝල් හෝර්මෝන් නිපදවීම, ඩී විටමින් නිපදවීම ආදී බෙහෝ කටයුතුවලට අත්‍යවශ්‍යය. 2004 වසරේදී හෘද රෝගවලින් පීඩා විඳින සියයට හතළිස් පහකටම රෝගයට හේතු වී ඇත්තේ කොලෙස්ටරෝල්ය. දුම්පානය, අධික රුධිර පීඩනය, ස්ථුලතාව වැනි කරුණු ද ඒ හා සමානවම වගකිව යුතුය. මේ තහවුරු වීමත් සමඟ බටර්, ක්‍රීම්, කිරි, චීස් වැනි සන්තෘප්ත මේදය ද තහනම් ආහාර බවට පත්විය. අප මෙතෙක් සිතා සිටිය මේ සියල්ල සත්‍යද? නවතම පර්යේෂණ වාර්තා පෙන්වා දෙන්නේ හදවතේ නවතම සතුරන් ගැන අලුතින්ම සිතීමට කාලය පැමිණ තිබෙන බවයි.

හෘද රෝගය පාදයටත් බලපානවා

හෘදයාබාධයක් කී සැණින් අපේ මතකයට නැඟෙන්නේ හදවතේ නහර පටුවීමයි. එහෙත් සිරුරේ වෙනත් තැන්වල නහර පටු වීමෙන් ද ‘පෙරිෆෙරල් ආටේරියල් ඩිසීස්’ නම් හෘද රෝගී තත්ත්වය ඇති වෙයි. විශේෂයෙන්ම වැඩිපුරම මේ තත්ත්වයට ගොදුරු වන්නේ පාදයයි.

වයස අවුරුදු හැටට වැඩි පස් දෙනකුගෙන් එක් අයකු පී. ඒ. ඩී. තත්ත්වයට ගොදුරු වෙයි.

පාදවල ඇතිවන හෘද රෝගී තත්ත්වයක් ලෙස ද මෙය හඳුන්වයි. ප්‍රධානම ලකුණ කෙණ්ඩාවල ඇතිවන වේදනාවයි. නමුත් කලවා හා තට්ටම් පෙදෙස ආශ්‍රිතව ද වේදනාව හටගත හැකියි. වේගයෙන් ඇවිදින විට, කඳු නගින විට වේදනාව දරුණු වෙයි. පී. ඒ. ඩී. තත්ත්වයෙන් පීඩා විඳින පුද්ගලයන් හෘදයාබාධයකට හෝ ආඝාතයකට (ස්ට්‍රෝක්) ලක්වීමට වැඩි ඉඩක් තිබේ.

එනිසා කඩිනමින් වෛද්‍යවරයෙක් මුණ ගැසිය යුතුය. මොවුන්ට ලබා දෙන්නේ හෘදයාබාධ ඖෂධය. එනම් රුධිරය කැටි ගැසීම වළක්වන ස්ටැටින්ස් වැනි ඖෂධය.

* මේ අවශ්‍යතාව වහාම ඉටු කරන්න

තායිවානයේ කළ අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ මුත්‍රාශය පිරී මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාව දැනුණු විට කඩිනමින්ම අවශ්‍යතාව ඉටුකර ගත යුතු බවයි. මුත්‍රා පිට නොකර සිටීමෙන් හෘද නහරවලට අනවශ්‍ය පීඩනයක් එල්ල වෙයි. වේගයෙන් හදවත ස්පන්දනය වෙයි. එය හෘදයේ සෞඛ්‍යයට යහපත් නැත.

මධ්‍යධරණී ආහාරයට වැඩි ඉඩක්

සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට මධ්‍යධරණී ආහාර රටාව බෙහෙවින් උපකාරී වෙන බව රහසක් නොවෙයි. මෙඩිටරේනියන් ඩයට් ලෙස ප්‍රසිද්ධ මේ ආහාරයෙහි ප්‍රමුඛ තැන ලැබී ඇත්තේ එළවළු, පලතුරු, ධාන්‍ය (පොත්ත සහිත) ඔලිව් තෙල්, ඇට වර්ග, ඖෂධ, කුළුබඩු සහ මාළුවලටයි. මස් සහ පැණි රස ආහාරවලට ඇත්තේ ඉතා සුළු ඉඩකඩකි. මේ ආහාර රටාව හදවතේ සුවතාවට ඉතා වැදගත්ය. විශේෂයෙන්ම ඔලිව් තෙල් හෘද නහරවල ප්‍රදාහයන් ඇතිවීම වළක්වයි.

හෘද රෝග විශේෂඥයකු වන වෛද්‍ය අසීම් මල්හෝත්‍රා පවසන්නේ වර්ජින් ඔලිව් තෙල් මේස හැඳි හතරක් ගැනීම හදවතට ඉතා හිතකර බවයි. ඔලිව් තෙල්වල පොලිෆෙනෝල්ස් සහ විටමින් ඊ අඩංගුයි. මේ දෙකම එක් වූ විට හෘද නහරවල රුධිර කැටි ඇතිවීම වළකින අතර හෘද නහර ප්‍රදාහයට පත්වීම ද වළකි. දිගින් දිගටම හෘද නහරවල ඇතිවන ප්‍රදාහ තත්ත්වය හෘද රෝගවලට මුලය.

කොලෙස්ටරෝලුත් යම් තරමකට ඕනෑ

කාලයක් පුරා කළ පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ අහිතකර කොලෙස්ටරෝල් ද යම් තරමකට සිරුරට අවශ්‍ය බවය. එයින් ද හිතකර කොලෙස්ටරෝල් වැඩි කරයි. සිරුරට අවශ්‍ය සන්තෘප්ත මේද වර්ග ගණනක් ඇති අතර ඒවා යහපත් සෞඛ්‍යයක් පවත්වා ගෙන යාමට නැතිවම බැරිය. හදවතේ සුවතාව පතා පමණට වඩා කොලෙස්ටරෝල් අඩු කිරීමෙන් ලැබෙන්නේ හොඳ ප්‍රතිඵල නොවෙයි. වයස් ගතවෙන විට ස්වාභාවිකවම කොලෙස්ටරෝල් මට්ටම අඩු වෙයි. අඩු කොලෙස්ටරෝල් මට්ටම ද අකල් මරණයකට හේතු වෙයි.

එහෙත් කොලෙස්ටරෝල් කප්පාදුකර ඒ වෙනුවට සීනි අධික ආහාර ගැනීමෙන් අහිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩි වී තෙගුණයකින් හෘදයාබාධ අවදානම වැඩි වෙයි.

ලුණුවලටත් වඩා සීනි, පිටි අධික රුධිර පීඩනයට හේතු වෙයි. රුධිර පීඩනය අධිකවීම හෘදයාබාධ අවදානම ඉහළ නංවන ප්‍රබල සාධකයකි.

රුධිර නාලවල අයහපත් සෞඛ්‍ය කියාපාන ප්‍රධාන සාධකයක් වන්නේ අධික රුධිර පීඩනයයි. රුධිර පීඩනය වැඩිවන තරමට හෘදයාබාධ වගේම ආඝාතය සෑදීමට ඇති ඉඩ ද වැඩි වෙයි.

විදුරුමස් රෝග සහ හෘද නහරවල රුධිර කැටි ඇතිවීම අතර ඇත්තේ නරක මිතුදමකි. දත් දිරා යාමට හේතුවන බැක්ටීරියා හෘද නහරවල ප්‍රදාහයන් ඇති කරයි.

මාසයකට අට වරක් ආදර මාත්‍රාව

අඩු වශයෙන් සතියකට දෙවරක් ආදර සබඳතා පවත්වන්නන් හදවත සුවෙන් තබා ගන්නන්ය. විශේෂයෙන් පිරිමියකුට මේ මාත්‍රාව අවශ්‍යය.

ප්‍රෝබයොටික් යෝගට්

ප්‍රෝබයොටික් හිතකර බැක්ටීරියාවලින් පොහොසත්ය. මේවා වැඩි රුධිර පීඩනය අඩුකර හෘදයාබාධ අවදානම අඩුකරයි. හිතකර බැක්ටීරියා හෘද නගර ප්‍රදාහයට පත්වීම ද වළක්වයි.

සිනාසෙන්න ඇති තරම්

බඩ අල්ලාගෙන සිනාසෙන තරමට හදවත සුවපත් වෙයි. ප්‍රහසන හෙවත් විකට චිත්‍රපට මිතුරන් සමඟ නරඹන්න. හෘදය වස්තුව දිනෙන් දින නිරෝගී වෙයි.

ගැහැනු පිරිමි වෙනස

ප්‍රංශය වැනි සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු මට්ටමක පවතින රටවල පවා හෘදයාබාධයකට ලක් වී රෝහල් ගත කරන කාන්තාවන්ගෙන් සියයට නවයක් මිය යන අතර පිරිමින්ගෙන් මිය යන්නේ සියයට හතරකි. මේ තත්ත්වයට හේතුව හෘදයාබාධයක් වැලඳුණ විට ගැහැනුන් හා පිරිමින් පෙන්වන රෝග ලක්ෂණ වෙනස්වීමයි.

පපුවේ වේදනාව දෙපිරිසගේම ප්‍රධාන ලක්ෂණය වුවත් හුස්ම ගැනීමේ අපහසුතාව, කොන්දේ ඉහළ හෝ උදරයේ ඇතිවන වේදනාව, වමනය, ඔක්කාරය, වෙහෙස කාන්තාවන්ට ඇතිවන ලක්ෂණ අතර ප්‍රධානය. මේවා වෙනත් රෝග තත්ත්වයක් ලෙස වරදවා වටහා ගනී.

 

අන්තර්ජාලයෙනි.

 

 

1801 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 පෙබරවාරි 19, සඳුදා 11:48
අදහස් එක් කිරීමට ලොග් වෙන්න