පිටුව මුද්‍රණය
2018 මාර්තු 06, අඟහරුවාදා 12:07

කාන්තාවට සාර්ථකත්‍වය අහිමි ද?

ලිව්වේ  පාලිකා දිල්රුක්ෂි
අගයන්න
(0 මනාප)
   ලෝකයේ සාර්ථකවූ පුද්ගලයන්ගේ චරිතාපදාන අධ්‍යයනයේ දී කාන්තාවට ද හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒත් අපේ බොහොමයක් කාන්තාවන් විශ්වාස කරන්නේ සාර්ථකත්‍වය කියන දේ ඔවුන්ට උරුම දෙයක් නොවන බවයි. ඔවුන් සිතන්නේ තමන්ට නිශ්චිත ඉලක්කයක්, කැපවීමක් හා උත්සාහයක් තිබේ නම් ඕනෑම සිහිනයක් ළඟා කර ගැනීමට කාන්තාවට පුළුවන්. ඒ සඳහා තමන්ගේ පවුල් පසුබිම, තමා සතු අධ්‍යාපන සුදුසුකම්, සමාජ තත්ත්වය ආදී කිසිවක් බල නොපායි.

 

ඔප්රා වින්ෆ‍‍්‍රි ගේ කතාව

 මෙයට කදිම උදාහරණයක් තමා ලොව පුරා සැමගේ ආදරයට හා ගෞරවයට පාත‍‍්‍ර වී සිටින නිවේදිකාවක් වන ඔප්රා වින්ෆ‍‍්‍රි (ර්‍ණනපචඩ එඪදටපඥර)ඇයට අමෙරිකාවේ වැසියන් කොතරම් ගරු කරනවා ද කියනවා නම්, ඒ රටේ විශ්වවිද්‍යාලවල උපාධි ප‍‍්‍රදානෝත්සවවල ප‍‍්‍රධාන දේශනය පැවැත්වීමට පවා ඇයට ආරාධනා කරනවා. අමෙරිකානු වැසියන් අතර මෙතරම් ආදරයට හා ගෞරවයට පාත‍‍්‍රවන ඇයගේ කුඩා කාලය නම් කිසිසේත්ම සුන්දර වූ එකක් වෙන්නේ නෑ.

දුප්පත්කම දෝතින් දරාගෙන මිසිසිපි ප්‍රාන්තයේ ගමක බීමත් පියකුට දාව තනිකඩ මවකට ඉපදෙන වින්ෆ‍‍්‍රි මාපියන් විසින් ද අත්හැර දැමුණු දරුවෙක්. පදික වේදිකාවේ හැදෙන වැඩෙන ඇය ආහාරයට ගන්නේ තමන්ට කවුරුන් හෝ දෙන කෑමකි. එලෙස වැඩෙන ඇය සොරකම තම ජීවිකාව කර ගන්නා අතර, ටික දිනකින් අධික ලෙස මත්ද්‍රව්‍යවලට ද ඇබ්බැහි වෙනවා. අවුරුදු 14 දී ගර්භණී වන මේ දැරියට පුතකු උපදිනවා . ඒ දරුවා කුඩා වියේදීම මිය යනවා. අවුරුදු 15 ක් තරම් කුඩා වයසේදී තමන් කරන වැරැදි හේතුවෙන් ඇය පොලීසියට අසුවෙනවා.

ජීවිතය දිනූ ගැහැනිය

 පොලීසියෙන් වින්ෆ‍‍්‍රිව ඇගේ චරිතය වෙනස් කිරීම සඳහා පුනරුත්තාපන ආයතනයකට බාර දෙනවා. මෙය ඇගේ දිවියේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වෙනවා. කලකට පසු මෙම ආයතනයෙන් නිදහස් වෙලා එළියට එන්නේ දැඩි ලෙස

තම චරිතය සංශෝධනයට ලක්වූ අලූත්ම වින්ෆ‍‍්‍රි කෙනෙක්. ඇයට අවශ්‍ය වෙනවා මිනිසුන්ගේ ආදරය හා ගෞරවය දිනා ගැනීමට. ඒ සඳහා ඇය තමන් විසින් මෙතෙක් කළ අහිතකර දේවල් තම ජීවිතයෙන් ඉවත් කිරීමට දැඩි කැපවීමක් කරනවා. ඇය විශිෂ්ටත්වය කරා යෑමට අවශ්‍ය තම චරිතය සංශෝධනය කරගන්නවා. ඇගේ එම උත්සාහය සාර්ථක වෙනවා. ඔප්රා අද මාධ්‍ය ලෝකයේ දැවැන්තයෙක්. මාධ්‍ය ආයතනයක හිමිකාරිණියක්. මිලියනපතිනියක්. ඇය අද අමෙරිකාවේ සිටින ධනවත්ම කාන්තාවන් පස් දෙනාගෙන් කෙනෙක්.

මෙලෙස ඇයට මිනිසුන්ගේ ආදරය හා ගෞරවය දිනාගත් ධනවත් කාන්තාවක් බවට පත්වීමට හැකිවූයේ කෙසේද? මෙයින් අපට ගතහැකි ආදර්ශය වන්නේ කෙනකුගේ දැනට පවතින චරිතයම ඔහුගේ හෝ ඇයගේ අනාගත සාර්ථකත්‍වය කරා බලනොපාන බවයි. තවද, තමන්ගේ චරිතය නිවැරැදි ලෙස සකස් කරගන්නා ඕනෑම කෙනකු සාර්ථකත්‍වය කරා යන ගමන නැවැත්වීමට කිසිවකුට නොහැකි බවයි.

අපේ ඔටාරා

මේ සඳහා ලක් දෙරණින් ද ඕනෑ තරම් උදාහරණ ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ සඳහා කදිම උදාහරණයක් ලෙස ලක් මෑණියන් විසින් ලොවට දායාද කළ දිරිය දියණියක් වන ඔටාරා ගුණවර්ධන සලකන්න පුළුවන්. ඇය අන් කවරකුවත් නොව රෙදිපිළි ව්‍යාපාරයේ නමක් දිනූ සුප්‍රකට ර්‍ණච්ඡ්ඹ් ව්‍යාපාරයේ නිර්මාතෘවරියයි.

කුඩා කල සිටම සතුන් වෙත දැඩි ඇල්මක් දැක්වූ පුංචි ඔටාරාගේ නිවෙස ලේනුන්, හාවුන් හා බල්ලන් ඇතුළු විවිධ සතුන් හට ආරක්‍ෂාව සපයන තෝතැන්නක් විය. ඇය සතුන් හට කොතරම් ඇල්මක් දැක්වූයේ ද යත් ඒ හේතුවෙන්ම තරමක් වයසින් මුහුකුරායත්ම ඔවුන් පිළිබඳ වැඩිදුර ඉගෙනීම සඳහා දෙහිවල සත්වෝත්ද්‍යානයේ ස්වේච්ඡාවෙන් සේවය කිරීමට ද ඉදිරිපත් වූවාය. කොළඹ ප‍‍්‍රමුඛ පෙළේ බාලිකා විද්‍යාලයක ශිෂ්‍යාවක වූ ඇය පාසලේ දී විෂය පරිභාහිර කටයුතු සඳහා ද දැඩි උනන්දුවක් දැක්වූ අතර, උස පැනීම, පිහිනීම ආදී ක‍‍්‍රීඩා ඉසව්වලින් ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ භාග්‍යය ද උදා කර ගත්තාය. පාසල් අධ්‍යාපනයෙන් පසු ඔටාරා සිය උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා තෝරාගන්නේ ජීව විද්‍යා විෂයයි. ඊට ප‍‍්‍රධාන වශයෙන්ම හේතුවන්නේ කුඩා කාලයේ සිටම ඇය තුළ සතුන් වෙනුවෙන් තිබූ අසීමිත ළැදියාවයි. ජීව විද්‍යාව පිළිබඳ උපාධිධාරිනියක් වී සිය උසස් අධ්‍යාපනයට සමුදෙන ඇය නිරූපණ ක්ෂේත‍‍්‍රයට අවතීර්ණ වන අතර, ඔටාරාගේ ජීවිතයේ තීරණාත්මක සන්ධිස්ථානයකට තුඩු දෙන විශේෂිත වූ සිදුවීමක් මේ කාලයේ දී සිදුවෙනවා. ඒ තමා එක්තරා රෙදිපිළි නිෂ්පාදකයෙක් තමන් අපනයනය සඳහා නිෂ්පාදනය කළ රෙදිපිළිවල අතිරික්තය ලංකාව තුළ විකුණා දෙන ලෙස ඇගෙන් ඉල්ලා සිටීමයි.

ඒ 1989 වසරයි. ඔහුට උපකාරයක් ලෙස එම ඉල්ලීම භාර ගන්නා ඇය එම නිෂ්පාදන අලෙවි කිරීම සඳහා අලෙවි කුටිය ලෙස භාවිත කරන්නේ තමන්ගේම මෝටර් රථයයි. මෙසේ රෙදිපිළි වෙළෙඳාමෙන් ව්‍යාපාර ලෝකයට ප‍‍්‍රවිශ්ට වන ඔටාරා දිනෙන් දින ඉහළ යන ඉල්ලුම හේතුවෙන් 1990 වර්ෂයේ දී ර්‍ණච්ඡ්ඹ් නාමය යටතේ කොළඹ ඩික්මන් මාවතේ වර්ග අඩි 300 ක් තරම් වූ කුඩා ගොඩනැඟිල්ලක තම රෙදිපිළි අලෙවි සල ආරම්භ කරනවා. ඉන් අනතුරුව මනා කැපවීමෙන් හා දුර දක්නා නුවණින් යුතුව තම ව්‍යාපාරය ක‍‍්‍රම ක‍‍්‍රමයෙන් දියුණුව කරා මෙහෙයවන ඔටාරා 1994 වර්ෂයේ දී තම ව්‍යාපාරයේ ප‍‍්‍රථම ශාඛාව මැජෙස්ටික් සිටී සාප්පු සංකීර්ණයේ විවෘත කිරීමට කටයුතු යොදනවා. ඉන් නොනවතින ඇය 1995 වර්ෂයේ දී නාගරික හෝටල් සහ වෙළෙඳ මධ්‍යස්ථාන තුළ තම ව්‍යාපාරයේ වෙළෙඳ කුටි 9 ක් විවෘත කරනවා.

සාර්ථකත්ව මාවතේ ඉදිරියට

 මෙතෙක් රෙදිපිළි පමණක් අලෙවිකල ර්‍ණච්ඡ්ඹ් ආයතනය 2004 වර්ෂයේදී රසකැවිලි, කුළුබඩු, විසිතුරු භාණ්ඩ, චොකලට්, ටී-ෂර්ට් ආදී නිෂ්පාදන රැසක් වෙළෙඳපොළට හඳුන්වා දෙමින් තම ව්‍යාපාරය තව තවත් පුළුල් කිරීමට කටයුතු යොදනවා. මෙසේ ක‍‍්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් ඉදිරියට පැමිණි ර්‍ණච්ඡ්ඹ් ආයතනය 2011 වර්ෂය වනවිට තවත් නව නිෂ්පාදන රැසක් වෙළෙඳපොළට හඳුන්වාදීමට කටයුතු කරනවා. ඒ අතර කාන්තා, පිරිමි හා ළමුන් සඳහා ගැළපෙන විවිධ මාදිලියේ ටී-ෂර්ට්, පාවහන්, අත්යන්ත්‍ර බෑග්, ටයි, ආයුර්වේද නිෂ්පාදන, පෑන් පැන්සල් ඇතුළු අනෙකුත් ලිපිද්‍රව්‍ය, පින්තූර රාමු, ළදරු නිෂ්පාදන මෙන්ම ශ්‍රී ලංකාවටම ආවේණික වූ සමරු තිළිණ ආදිය අඩංගු වෙනවා.

 අත්හැරීම් සහ ආදර්ශ

 මෙසේ දිනෙන් දින දියුණුව කරා ගෙන ගිය ර්‍ණච්ඡ්ඹ් ආයතනයේ සියලුම කොටස් 2014 වර්ෂයේදී සොෆ්ට් ලොජික් ආයතනයට විකුණා දැමීමට ඔටාරා තීරණය කරනවා. එයට හේතුවන්නේ ඇය තුළ කුඩා කල සිට සතුන් වෙනුවෙන් තිබූ දැඩි ළැදියාවයිය ඉන් ලැබෙන මුදල් යොදා ඔටාරා සතුන්ගේ සුබසාධන කටයුතු වෙනුවෙන් ඡ්ර්ඕඒඅම් නමින් නව ව්‍යාපෘතියක් ආරම්භ කරනවා.

අපට ඔටාරාගේ ජීවිත කතාවෙන් ගත හැකි ආදර්ශය වන්නේ ඕනෑම දෙයක් සාර්ථක කරගැනීමට නම් මුලින්ම කළ යුත්තේ තමන් කැමැති දෙයක් සුළුවෙන් හෝ ආරම්භ කිරීමයි. ඉන් අනතුරුව අඩියෙන් අඩිය තබමින් මනා කැපවීමකින් යුතුව සාර්ථකත්‍ව මාවතේ ගමන් කළ යුතුයි. එසේ නොමැතිව සාර්ථකත්‍වය අපව සොයාගෙන එන්නේ නැත. අපම සාර්ථකත්‍වය සොයා යා යුතුයි.

ඉහත උදාහරණවලින් ඔබට පැහැදිලි වෙනවා නේද හිතුවොත් ඕනෑම දෙයක් කරන්න කාන්තාවන් වන ඔබටත් හැකි බව. අවශ්‍ය වන්නේ උත්සාහය, කැපවීම සහ උනන්දුව පමණයි. එබැවින් ඔබත් අදම සාර්ථකත්‍වයට යන මාවතේ පළමු පියවර තබන්න. එනම් යමක් සුළුවෙන් හෝ ආරම්භ කරන්න. ඔබට ජය නියතයි.

 

(පුද්ගල හැකියා සංවර්ධන හා ඉංග්‍රීසි භාෂා දේශක)

ටෙරන්ස් වීරවර්ධන

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

1133 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මාර්තු 06, අඟහරුවාදා 12:08
අදහස් එක් කිරීමට ලොග් වෙන්න