තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 මාර්තු 12, සඳුදා 15:49

පහතරට මනාලිය හැඩකරන විලාසිතා විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(1 මනාපය)
අප පහතරට මනාලිය පිළිබඳව කතා කළහොත් උඩරට මනාලිය හා සේම ලංකාවට ආවේණික මනාලියන් හැඩගැන්වීමේ විලාසිතාවක් ලෙස පහතරට විලාසිතාවන් දැක්විය හැකිය. උඩරට පහතරට වශයෙන් මනාලියන් හැඩගැන්වීම අපට බොහෝවිට දක්නට පුළුවන්.

 

පහතරට මනාලියට අයත් විලාසිතාවන් ද අපේ සංස්කෘතිය හා බැඳී පවතින්නක්. මෙහිදී එම මනාලිය තුළින් ද අපට යම් යම් විලාසිතාවන් මෙන්ම ඇයට ආවේණික වූ විලාසිතාවන් ද දැකිය හැකියි.

විශේෂයෙන්ම පහතරට විලාසිතාවේ දී කැපී පෙනෙන විශේෂ ලක්ෂණයක් නම් වේල් එකයි. බොහෝ විට වේලය පැලඳීම පහතරට මනාලියට අනිවාර්යය වූවකි. ඇයගේ මංගල සාරිය ඇයට ගැළපෙන විලාසිතාවකට අනුව නිර්මාණය කරගන්නට හැකියාව ඇත. මුලින්ම අප දුටු පහතරට මනාලියගේ සාරි විලාසිතාව දැන් ගවුමක් හා සමානව නිර්මාණය කරගන්නා ආකාරයක් දක්නට පුළුවන්. මෙම මේඩ් අප් සාරි විලාසිතාව හඳුන්වන්නේ මේඩ් අප් ඉන්දියන් වශයෙන්. ඔබ මෙහි ඡායාරූපයෙන් දකින්නේ ද ඒ ආකාරයට පහතරට මනාලියට නිර්මාණය කරන ලද සාරි විලාසිතාවක්. අප මෙම මනාලියගේ කොණ්ඩ මෝස්තරය පිළිබඳව විමසා බැලුවහොත් ඇයටද ගැළපෙන්නේ බටහිර මනාලියට හා සමාන කෝණ්ඩා මෝස්තරයයි. බටහිර මනාලියට වුවත් මේ ආකාරයටම කෝණ්ඩ විලාසිතාවක් යොදාගන්නට පුළුවන්. නිරත දකින සාම්ප්‍රදායික කොණ්ඩ විලාසිතා වෙනුවට නිර්මාණශීලී විලාසිතා එක්කර ගනිමින් පහතරට මනාලියගේ කොණ්ඩ මෝස්තරය යෙදිය හැකිවීම ද විශේෂයක්.

නිර්මාණශීලී ලෙස මනාලියන් හැඩගැන්වීම සිදු කරන අයකුට ඉතාමත් ආකර්ෂණීය විලාසිතාවක් යොදාගනිමින් පහතරට මනාලිය හැඩගැන්විය හැකියි. හේතුව උඩරට මනාලියගේ හැඩගැන්වීම්වලදී මෙන්ම යම් යම් සීමාවන් නීති රීති හෝ සාම්ප්‍රදායික රාමුවකට කොටුවෙමින් එහි නිරත වීමට සිදුනොවීමයි. මෙම මනාලිය හැඩගැන්වී සිටින්නේ ඕෆ්වයිට් වර්ණය සහිත සාරි විලාසිතාවකින්. මෙය රිදී පැහැයෙන් වැඩ දමා තිබෙන අතර පර්ල්ස් සහ ස්ටෝන්ස් වලින් එහි ආකර්ෂණීය බව ඉස්මතුකර තිබෙයි. මනාලියගේ වේලයේ ලස්සන මතුකර ගැනීමට ද ස්ටෝන්ස් යොදාගෙන තිබෙයි.

මෙම මනාලියගේ හැට්ට විලාසිතාව බලන්න. මෙය නිර්මාණය කර තිබෙන්නේ ඕෆ් ෂෝල්ඩර් ඩිසයින් ලෙසයි. මෙය අප මෙම කාලය තුªළදී දකින ජනපි‍්‍රය විලාසිතාවක්. මෙම ඕෆ්ෂෝල්ඩර් විලාසිතා නිසා ගෙල ප්‍රදේශය විවෘතව පෙනුණත් ඇයට තෝරාගෙන තිබෙන්නේ සරල චාම් බවකින් යුත් ආභරණයි.

අප මෙම මනාලියගේ වේලය පලඳවා තිබෙන්නේ හොඳින් උස්වී පෙනෙන ආකාරයටයි. එය මුලින්ම අප දැක තිබුණු ඩිසයින් එකක් වුවත් දැන් නැවතත් ප්‍රමුඛත්වය ගෙන තිබෙන්නේ මෙම විලාසිතාවයි.

මෙම මනාලියගේ හැඩගැන්වීම් තුළ දැකිය හැකි අනෙක් විශේෂත්වය නම් ඇයගේ මල් කළඹයි. මුල් කාලයේ දී නම් මනාලිය අත රැඳුණේ සුදු මල් කළඹකි. නමුත් දැන් විලාසිතාව වී තිබෙන්නේ රතුමල් බොකේ එකයි. ඇතැම්විට මෙය ටික කලකින් වෙනස් විය හැකිවුවත් ට්‍රෙන්ඩ් එකේ තිබෙන ස්ටයිල් එකක් වශයෙන් දැන් රතු මල් බොකේ එක ප්‍රමුඛත්වය ගෙන තිබෙනවා. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ බොකේ එකෙහි වර්ණය ලිප්ස්ටික් වර්ණය හා ගළපාගෙන තිබීමයි. ලිප්ස්ටික් සඳහා යොදාගෙන තිබෙන්නේ ද තද රතු වර්ණයයි. පැහැපත් සමක් ඇති මනාලියට රතු පැහැති ලිප්ස්ටික් වර්ණය භාවිත කිරීමෙන් තොල් ආලේපනයට ලස්සන පෙනුමක් ගෙන දිය හැකියි.

මේ ඔබ දකින්නේ පහතරට මනාලිය හැඩගැන්වීමේ දී යොදාගත් එක් විලාසිතාවක්. මේ ආකාරයෙන්ම පහතරට මනාලියට ආකර්ෂණීය බවක් ගෙන දෙන විලාසිතාවන් ඔබට විවිධත්වයකින් යුතුව දක්නට හැකිවේවි.

  

උපදෙස් - ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

නීශා මනහාරි

862 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මාර්තු 12, සඳුදා 15:51
මේ යටතේ එන අනෙකුත් ලිපි: « මනාලියන් හැඩගැන්වීම my style cover »
අදහස් එක් කිරීමට ලොග් වෙන්න