තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

උපදේශනය සිරස්තල

2018 ජූනි 04, සඳුදා 13:19

වැස්සත් එක්ක ලෙඩ වෙලාද...? විශේෂාංග

ලිව්වේ  යශෝදා ඉන්දීවරී
අගයන්න
(0 මනාප)
හැමතැනම වැස්ස . . . ඉවරයක් නැද්ද මේ වැස්ස . . . අපේ ගෙදර හැමෝම ලෙඩ වෙලා. මේ වැස්සට තෙමිලා. . .

 

මේ වගේ මැසිවිලි මේ දිනවල නිතර දෙවේලේ හැම තැනින්ම ඇහෙනවා. වැස්සත් එක්ක ලෙඩ රෝග කළ එළි බහින එක සාමාන්‍ය දෙයක් වෙලා දැන්.

උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වගේ වෛරස් රෝග හිස ඔසවනවා මේ කාලෙට. ඒ වගේම ඩෙංගු රෝගයත් වැඩියෙන් ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා. ඉතින් වැස්සට බැණලා වැඩක් නෑ. අපි කොහොමද මේ ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙන්නේ කියලා බලමු.

මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමඟ තැනින් තැන රැඳී තිබෙන වතුරවල විවිධ බැක්ටීරියා වර්ග රැඳීමේ ඉඩකඩ වැඩියි. එමඟින් විවිධ වෛරස් රෝග පැතිරීමේ අවදානම ඇති වෙනවා. වර්ෂාවකින් පසුව වුවත් මෙලෙස වෛරස් රෝග පැතිරීම වැඩි වෙන්නේ එම රෝග වාහකයන්ගේ ව්‍යාප්තිය මේ කාලයේදී සක්‍රීයවීමක් පෙන්නුම් කරන නිසා. ඒ වගේම දැනටමත් උණ වැනි වෛරස් රෝගයකින් පෙළෙන රෝගියකුගෙන් වුවත් මෙලෙස රෝගයක් බෝවිය හැකියි. එම රෝගියාගේ ආශ්වාස ප්‍රාශ්වාස වාතය, කිවිසුම් මඟින් ආදී සියුම් අංශු මඟින් එලෙස තවත් අයකුට බෝ විය හැකියි.

කෙසේ නමුත් මේ කාලයට බහුල වශයෙන්ම තියෙන්නේ වෛරස්වලින් පැතිරෙන උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ අමාරුව වැනි රෝගයි.

මේ රෝගී තත්ත්ව වර්ෂාවත් සමඟ වගේම වර්ෂාවෙන් පසුවත් සමාජයේ බහුලව ව්‍යාප්ත වෙනවා. මෙලෙස වෛරස් එකක් මනුෂ්‍ය ශරීරයේ ටික කාලයක් තිබෙන විට එමඟින් ශරීරයේ ප්‍රතිශක්තිය අඩු වෙනවා. ඒ අඩුවීම මත තවත් බැක්ටීරියාවන් ආසාදනය විය හැකියි. මෙවැනි රෝගීන්ට ප්‍රතිජීවක ඖෂධ ලබාදීම සිදු කරනවා.

ඉතින් මෙලෙස උණ වැනි රෝගයකින් පෙළෙන රෝගියෙක් ඔබේ නිවෙසේත් ඇතැම් විට දැන් ඇති. අපි මෙහිදී විශේෂයෙන් ප්‍රවේශම් සහගත විය යුතුයි. අනෙක් අයගේ සුව පහසුව තකා එම රෝගියා සාමාන්‍ය ජනතාව ගැවසෙන ස්ථානවලට නොයැවිය යුතුයි. ඔහුට හැකිතාක් විවේකයෙන් සිටීමට ඉඩ ලබා දෙන්න. වෛරස් රෝගී තත්ත්වයකදී ඇඳ විවේකය (ඕඥඤ අඥඵබ) අත්‍යවශ්‍යයි. වෛරස් එක ශරීරයෙන් ඉවතට යනතුරුම විවේකය අවශ්‍යයි. ගොඩක් වෛරස්වලට මිනිස් සිරුරේ අක්මාවට බලපෑම් කිරීමේ හැකියාවක් පවතිනවා. විශේෂයෙන් ඩෙංගු වැනි වෛරස්වලින් අක්මාවට වැඩි වශයෙන් බලපෑම් කළ හැකියි.

ලේ කැටි ගැසීමට අවශ්‍ය සෑම දෙයක්ම ඉටු කරන්නේ අක්මාව. ඉතින් ඩෙංගු වගේ රෝගියකුගේ වෛරස් එකක් අක්මාවට ගියොත් එයින් ඩෙංගු රක්තපාත උණ තත්ත්වයක් වුවත් එන්න පුළුවන්. මේ නිසා වැදගත් කාරණය නම් වෛරස් රෝගී අවස්ථාවකදී විවේකය අත්‍යවශ්‍යයි.

ඊළඟට වෛරස් රෝගයකු හොඳින් ජලය පානය කළ යුතුයි. ඒ වතුර බොන විට අපේ ශරීරයට පැමිණි වෛරස් එක බහිස්‍රාවීය ද්‍රව්‍යත් සමඟ ඉක්මනින් පිට වී යනවා.

මේ වෛරස් රෝගී අවස්ථාවලදී ආහාර අරුචිය නිරන්තරයෙන් ඇති වෙනවා.

එයට හේතුවත් මේ අක්මාවට බලපෑම් කිරීමයි. විශේෂ අසාත්මිකතාවක් නොමැතිනම් ඕනෑම කෑමක් ආහාරයට ගැනීම වරදක් නෑ. බටහිර වෛද්‍ය විද්‍යාවේ සඳහන් ආකාරයට එලෙස ආහාරවලින් විශාල බලපෑමක් නෑ. කොහොම නමුත් විශේෂයෙන් කුඩා ළමුන්ට, වයසක අයට අයිස්ක්‍රීම්, තැඹිලි වැනි සීතල ආහාරවලින් වැළකෙනවා නම් වඩාත් හොඳයි.

ඒ වගේම මිනිස් සිරුරේ සෑම අංශයකම නිරෝගී බව රඳා පැවැත්මට විටමින් ඛ් අවශ්‍යයි. ඉතින් විටමින් ඛ් පෙති මෙවැනි රෝගී අවස්ථාවලදී ලබා දෙනවා. ඒ වගේම විටමින් ඛ් අඩංගු දොඩම්, දෙහි වගේ ඇඹුල් පලතුරු ආහාරයට ගැනීමත් ගොඩක් හොඳයි. එවිට රෝගය සුවවීම ඉක්මන් වෙනවා.

වෛරස් උණ රෝගයකදී හෝ මෙවැනි වෛරස් රෝගී අවස්ථාවකදී කළ යුතු තවත් වැදගත් කාර්යයක් වන්නේ දින 3 ක් ගිය පසු රුධිර වාර්තාවක් පරීක්ෂාකර බැලීම. අනෙක් වැදගත් දේ නම් අනුමත රජයේ රෝහලකින් හෝ අනුමත වෛද්‍යවරයකුගෙන් නිසි පරිදි පරීක්ෂා කරවාගෙන, බෙහෙත් හේත් නියමිත මාත්‍රාවට අනුව ලබා ගැනීම.

ඒ වගේම නියමිත මාත්‍රාවෙන් පැරසිටමෝල් ලබා ගත්තට ප්‍රශ්නයක් ද නැත. වැඩිහිටි පුද්ගලයකු නම් පෙති 2 බැඟින් පැය 6 කට වරක් ලබාගන්න.

මේ පැරසිටමෝල් පවා අධි මාත්‍රාවලින් ලබා ගැනීමෙන් අක්මාවට විස විය හැකියි. ඒ නිසා නියමිත මාත්‍රාවට අනුව පැරසිටමෝල් ලබා ගන්න. ඒ ඇරෙන්න වෙන කිසිදු බෙහෙතක් වෛද්‍ය උපදෙස්වලින් තොරව ලබා නොගත යුතුයි.

මෙලෙස නියමිත උපදෙස් පිළිපැදීමෙන් මේ වෛරස් රෝගී තත්ත්වවලින් අපිට වැළකෙන්න පුළුවන්.

ඔබ දැනටමත් මේ රෝගයෙන් පෙළෙනවා නම් විවේක සුවයෙන් පසු වෙන්න. අත්‍යවශ්‍ය ගමනක් බිමනක් පමණක් යන්න. වැඩිපුර ජනයා ගැවසෙන ස්ථානවලින් ඉවත් වන්න. එය ඔබට වගේම අන් අයටත් සෞඛ්‍යට හිතකරයි.

ඒ වගේම ඔබ එලෙස අත්‍යවශ්‍ය ගමනකට නිවෙසින් එළියට යනවා නම් මුඛ ආවරණ පැලඳගෙන යන්න.

 

 

 

උපදෙස් - වෛද්‍ය නිලුක්ෂි පෙරේරා

රක්ත ව්‍යාධිවේදී විශේෂඥ

හමුදා රෝහල කොළඹ

808 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූනි 04, සඳුදා 13:20
අදහස් එක් කිරීමට ලොග් වෙන්න