තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

උපදේශනය සිරස්තල

2018 ජූනි 04, සඳුදා 13:32

සුන්දර යුවතියේ, ආදරය ලබන්නට, විඳින්නට ඔබත් කැමැති ද? විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
අන් අය ඉදිරිපිට ආකර්ෂණයක් ලැබීම තරම් සතුටක් කාන්තාවකට තවත් ඇත්තේ නැහැ. සමූහයක් ඉදිරිපිට ආකර්ෂණය ලබන්නට, ආදරය ලබන්නට සෑම කාන්තාවක්ම බොහෝම කැමැතිය.

 

ඒ වෙනුවෙන් ඔබ බොහෝ වෙහෙසෙන්නට අවශ්‍ය නැහැ. බලන්න, මේ සරල ක්‍රම ඔබට ආකර්ෂණය ගෙනදේවි. ආදරය ගෙනදේවි.

සෑමදෙයක් දෙසම සුබවාදීව බලන්න

සුබවාදීව සෑමදෙයක් දෙසම බලන්න පුරුදු වීමෙන් ඔබේ මනසත්, නිරවුල් බවට පත්වේ. පර්යේෂකයන්ගේ මතය වන්නේ, සුබවාදීත්වය තුළින් මනසේ උද්ගාමීත්වයක් ඇතිවන බවය. ඔබ තුළ පවතින සුබවාදීත්වය ඔබ වටා සිටින පුද්ගලයන්ට කියාදෙන්නට ඔබට පුළුවන. මෙයින් ඔවුන්ගේ ජීවිතය සරල වේවි. බලාපොරොත්තු විරහිතව සිටින මිතුරන්ට ශක්තියක් වන්නට ඔබට හැකිවේවි.

තව කෙනකුට සිනාසෙන්නට එපා

බොහෝ දෙනකුගේ පුරුද්ද වී තිබෙන්නේ කෙනකුගේ විපතක් දුටුවිට සිනාසීමයි. එය බොහෝම නරක පුරුද්දක්. යමෙක් අපහසුතාවයකින් පසු වේ නම් නිසැකවම ඔහුට/ඇයට උපකාරයක් අවශ්‍යම වේ. උදවුවක් අවැසි මොහොතක ඉදිරිපත් වීමෙන් ආදරණීය පුද්ගලයකු බවට පත්වීමට ඔබට හැකියාව ලැබේවි.

තව කෙනෙක් වෙනුවෙන් ඉදිරිපත්වන්න

 සමාජයක්, සබඳතා ජාලයක එකතුවකි. තනිව පැවැත්මක් කිසිවකුට හෝ ඇත්තේ නැත. ඔබ නිවෙසේ පිරිස සමඟ මෙන්ම පාසලේ, රැකියා ස්ථානයේ පිරිස් සමඟද සබඳතා පවත්වන්නට පෙළඹේ. බසයක ගොඩවුණ ද, වෙළෙඳ සැලකට ගියද, මහමඟ යනෙන විටදී ද, කුමන හෝ අයකු ඔබට හමුවේවි. කතාබහ කරයි. උපකාර ලබාගැනේ. එයින් ඔබට තනිව පැවැත්මක් නැතිව බැරි බව වැටහෙනු ඇත.

ඔබට අන් අයගේ සහාය අවැසි වන්නාසේම සෙසු පිරිසට ද ඔබගේ උපකාරය අවශ්‍ය කෙරේ. ඇතැම්විට ඔවුන් ඒ සම්බන්ධයෙන් ඔබට කිසිවක් නොකියා ඉඳීවි. විමර්ෂණශීලීව බැලීමෙන් අවශ්‍යතාවයන් හඳුනාගැනීමට හැකිවේවි. ඔවුන්ව තේරුම්ගෙන උපකාර ලබාදෙන්න. ඔබගේ මනසට ද සතුටක් ලැබේවි.

කාන්තාවක් ලෙස ඔබට අවශ්‍ය දේවල් ළඟ තබාගන්න

පෙර සූදානම කාන්තාවකට ඉතාම අවශ්‍ය දෙයක්. ඔබට අවශ්‍යකරන දේවල් ළඟ තබාගැනීම වැදගත් වේ. සනීපාරක්ෂක තුවා විශේෂයි. නැතිනම් ඔබ සමාජය ඉදිරියේ අපහසුතාවයකට පත්වේවි. ඔබගේ බෑගයේ අමතර සනීපාරක්ෂක තුවා, ටිෂූස්, පනාවක්, අවශ්‍යකරන රූපලාවණ්‍ය උපකරණ වැනි දේ රැගෙන යන්නට අමතක කරන්නට එපා.

නිකරුනේ කාලය ගතකරන්න එපා

බොහෝ දෙනකු කාලයක් ලැබුණ විටම කරනුණේ නිකරුණේ කාලය ගතකිරීමයි.

එහෙත් ලැබුණ නිදහස ඔබේ සබඳතා වෙනුවෙන් වැය කළ හැකිනම් සබඳතා තවත් ශක්තිමත් වේවි. නිදහස ලැබුණ විට මිතුරන් සමඟ කතාබහ කරන්න.

ඇවිදින්නට යන්න. ඉන් ඔබේ සබඳතා අලුත්වේවි. මේ නිසාම ඔබ මිතුරන් අතෙ ආකර්ෂණීය අයකු වේවි.

වැඩෙන පුද්ගලයකු වන්න

වැඩෙන පුද්ගලයකු ලෙස කියන්නේ, වයසින් මුහුකුරා යාම නොවේ.

ඔබ සමාජයේ වැදගත් පුද්ගලයකු වන්න. බාහිරින් මෙන්ම අභ්‍යන්තරයේත් උසස් ගුණ වගාකරන්න.

ඔබ අසළ සිටින සියලුදෙනා සමඟ සුහදව කටයුතු කරන්න.

නිතරම සිනහ පිරි මුහුණෙන් කටයුතු කරනවිට ඔබ වටා සිටින අය ද ඔබට ආදරය කරාවි.

 සුපුන් ජයසිංහ

752 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූනි 04, සඳුදා 13:36
අදහස් එක් කිරීමට ලොග් වෙන්න