තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

උපදේශනය සිරස්තල

2018 ජූලි 10, අඟහරුවාදා 15:18

මොනවද මේ ග්ලූටතයෝන් විශේෂාංග

ලිව්වේ  විදුමිණි දිසාකරුණා
අගයන්න
(0 මනාප)
ඔබත් පැහැපත් සුමුදු ලස්සන රුවක හිමිකාරියක් වන්නට සිහින දකින්නියක් ද? එහෙමත් නැත්නම් වෙළෙඳපොළේ ඇති විවිධ ආලේපන වර්ග අත්හදා බලා ප්‍රතිඵලයක් නොලැබ හෙම්බත්ව සිටිනවාද?

 

එසේත් නැතිනම් කෘත්‍රිම ආලේපන වර්ගවලට ඇති බිය නිසාවෙන් පැහැපත් වීමේ සිහිනය අත්හැර දැමුවෙක් ද? එසේ නම් ග්ලුටතයෝන් ගැන ඔබ තවමත් නොදන්නවා විය හැකියි.

අතුරු ආබාධ ගැන වද නොවී, වෙනත් අතිරේක ප්‍රතිලාභ රැසක් සමඟම පැහැපත් වීමේ සිහිනය යථාර්ථයක් කරදීමට අද වන විට වෛද්‍යවරුන් හා චර්ම රෝග විශේෂඥයන්ගේ පවා අංක එකේ තේරීම වී ඇත්තේ ග්ලුටතයෝන් ය.

මිනිස් සිරුරේ ස්වභාවිකව නිපදවන ඇමයිනෝ අම්ල බහුල, යහපත් පරිවෘත්තිය ක්‍රියාවලියක් පවත්වාගෙන යෑමට අත්‍යාවශ්‍ය සුවිශේෂි ප්‍රතිඔක්සිකාරකයක් වන නිසාම එය හැඳින්වෙන්නේ 'සියලුම ප්‍රතිඔක්සිකාරකවල මව' යනුවෙනි. පැහැපත් වීමේ උන්මාදයෙන් පෙළෙන ආසියාතිකයන් අතර අද වන විට අතිශයින්ම ජනප්‍රිය ග්ලුටතයෝන්වල සැඟවී ඇති රහස කුමක් ද?

මොනවද මේ ග්ලුටතයෝන්?

ග්ලුටතයෝන් කියන්නේ අක්මාවෙන් නිපදවන ජීව ක්‍රියාවලියට අත්‍යාවශය වැදගත්ම ප්‍රතිඔක්සිකාරකයක්. ඒක ඇත්තටම බහුවිධ කාර්ය සංයෝගයක්.

ඒ කියන්නේ ප්‍රතිශක්තිය වර්ධනය කොට ප්‍රදාහ වළක්වා, සිරුර වේගයෙන් වියපත් කරවන මුක්තඛණ්ඩක විනාශ කොට, මිනිස් සිරුර රැකදෙන ස්වාභාවික සංයෝගයක්. ප්‍රතිඔක්සිකාරක අතර සුපිරිතමයා වන ග්ලුටතයෝන්වලට වියපත්වීම, පිළිකා, හෘද රෝග, මස් පිඩු ක්ෂයවීම, කල්පනාව ගිලිහී යෑම වැනි මාරාන්තික තත්ත්වයන්ගෙන් සිරුර ආරක්ෂා කිරීමට ඇත්තේ පුදුමාකාර හැකියාවක්. ඒ සියල්ලම කරන අතර වාරයේදී ග්ලුටතයෝන්වලින් තවත් අතුරු ප්‍රතිලාභයකුත් ලැබෙනවා. ඒ සම පැහැපත්වීම.

ග්ලුටතයෝන් හැදිලා තියෙන්නේ සිස්ටින්, ග්ලුටමින් හා ග්ලයිසින් කියන ප්‍රධාන ඇමයිනෝ අම්ල තුනෙන්. ඒ අතරින් සිස්ටින්වලට පුළුවන් සමේ තද පැහැ බවට හේතු වන මෙලනින් වර්ණකය නිෂ්පාදනයට හේතු වන ටිරොසිනේස් කියන එන්සයිමයේ ක්‍රියාවලිය අඩාල කරන්න. දීප්තිමත් පැහැපත් සමක් ලැබෙන්නේ එහි ප්‍රතිඵලයක් විදිහටයි.

ඒ විතරක් නෙවෙයි සම වියපත්වීමත් සමඟ ඇතිවන කළු ලප, අවපැහැගැන්වීම් පවා දුරලමින් පළුදු වූ චර්ම සෛල අලුත්වැඩියා කරමින් ස්වභාවික දීප්තිය වඩවාලීමටත් ග්ලුටතයෝන්වලට ඇත්තේ විස්මිත හැකියාවක්.

ග්ලුටතයෝන් බාහිරව ලබා ගැනීම මඟින් එය සිරුරේ ස්වභාවිකව නිපදවෙන ක්‍රියාවලිය මෙන්ම මේ කියන සියලුම යහපත් තත්ත්ව උත්තේජනය කිරීමටත් පුළුවන්.

සිරුරේ ස්වාභාවිකව නිපදවෙන සංයෝගයක් බැවින් නියමිත මාත්‍රාවෙන් පිටතින් එය ලබා ගැනීමෙන් අතුරු ආබාධ හට ගැනීමේ හැකියාවක් ද නැති තරම්ය.අපගේ ශරීරයේ තිබෙන ප්‍රධානතම ආරක්ෂා පද්ධතිය වන්නේ සුදු රුධිරාණු සෛලයි. එම සෛල වල යහපත් පැවැත්මට ග්ලුටතයෝන් අත්‍යවශ්‍ය වෙනවා.

විශේෂයෙන්ම ආසාදනයක් ඇති වූ විට ග්ලුටතයෝන් වැඩිපුර අවශ්‍ය වෙනවා. ශරීරයේ ග්ලුටතයෝන් ප්‍රමාණය අඩුවුවහොත් අප ආරක්ෂා කරන්නට සුදු රුධිරාණු පද්ධතියට අපහසු වෙනවා. ඒ නිසා ග්ලුටතයෝන් පිටතින් ශරීරයට ලබා ගැනීම තුළින් ශරීරයට ආරක්ෂාවක්ද සැපයෙනවා.

ඒ වගේම පිළිකා සුව කිරීමටත් ග්ලුටතයෝන් උපකාර වන බව පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා. ඒ වගේම දියවැඩියා රෝගින්ට ද ග්ලුටතයෝන් අවශ්‍යයි.

සම පැහැපත් කරන්නට ග්ලුටතයෝන්වලින් ඉටුවන්නේ සුවිසල් මෙහෙයක්.

ගිලින පෙති ලෙස හෝ සම මත බාහිරව ආලේප කරන ක්‍රීම් වර්ග, සබන් හා දියර වර්ග ලෙස හෝ එන්නත් ලෙසත් දැන් ග්ලුටතයෝන් වෙළෙඳපොළෙන් මිල දී ගන්න පුළුවන්.

ඒ අතරින් වඩාත්ම ජනප්‍රිය මෙන්ම ප්‍රතිඵලදායක ක්‍රමය වන්නේ ආලේපනයි. නමුත් ඉක්මනින් වැඩි ප්‍රතිඵල ලැබීමට පෙති හා ආලේපන දෙකම එකවර භාවිත කිරීමේ ප්‍රවණතාවක් ද තිබෙනවා.

සම පැහැපත් කිරීමේදී පෙති පාවිච්චියට වඩා ආලේපන භාවිතය වඩාත් ප්‍රතිඵලදායක වන්නේ කෙළින්ම රුධිර සැපයුමට ඇතුලු වී කඩිනම් ප්‍රතිඵල ලබා දීමට ඒවාට ඇති හැකියාවයි. ගිලින ඖෂධ භාවිත කරන අතරම ග්ලුටතයෝන් දියර, ආලේපන හෝ සබන් වර්ග භාවිත කිරීමෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකියි.

නමුත් ග්ලුටතයොන් එන්නත් මඟින් ඉක්මන් ප්‍රතිඵල ලබාගත හැකියි. එහෙත් බොහෝ දෙනා එන්නත්කරණයට තරමක බියක් දක්වන නිසා එයට වැඩි උනන්දුවක් දක්වන්නේ නැහැ. ග්ලුටතයෝන් එන්නත්කරණය මඟින් සම්පූර්ණ ග්ලුටතයෝන් ප්‍රමාණයම රුධිර සැපයුමට ඇතුළු වේ.

මේ නිසා පැහැපත්වීමට ග්ලුටතයෝන් භාවිත කරන්නේ නම් ඒ සඳහා සාර්ථකම ක්‍රමය ග්ලුටතයෝන් එන්නත්කරණයයි.

නමුත් අනවශ්‍ය අතුරු විපාකවලින් වැළකීමට නම් සුදුසුකම් ලත් වෙද්‍යෙවරයකු හෝ චර්ම රෝග විශේෂඥයකු ලවා නියමිත ප්‍රමිතියට අනුකූලව නිෂ්පාදනය කළ උසස් තත්ත්වයේ ග්ලුටතයෝන් එන්නත් කිරීම අතිශයින්ම වැදගත් වෙනවා.

මෙය අනෙක් ක්‍රම දෙකටම වඩා වියදම් අධික වුවත් වඩාත්ම සාර්ථක ක්‍රමයක් බව තහවුරුව තිබෙනවා.

සම පැහැපත් කිරීමට භාවිත කරන වෙනත් ක්‍රමවලට වඩා ග්ලුටතයෝන්වල තියෙන විශේෂත්වය තමයි එය අතුරු ආබාධ රහිත ආරක්ෂිත ක්‍රමයක් වීම.

ග්ලුටතයෝන් භාවිතයේ තියෙන එකම අතුරු බලපෑම තමයි සම දීප්තිමත් වී, පැහැදිලි වී පැහැපත්වීම. ඒ වගේම වයස්ගත වීමත් සමඟ ඇතිවන අඳුරු ලප හා අවපැහැගැන්වීම් මැඩලන්න ඊට පුළුවන්.

සමට හානි කරන විස ද්‍රව්‍ය හා බැර ලෝහ ඉවත් කර සමස්තයක් වශයෙන් සමේ දිගු කාලීන යහපත් පැවැත්ම තහවුරු කරන ග්ලුටතයෝන්වලට, අසාත්මික ප්‍රතිචාර දක්වන අය කලාතුරකින් ඉන්න පුළුවන්. නමුත් නිවැරැදි වෛද්‍ය උපදෙස් අනුව ගලුටතයෝන් භාවිත කිරීමෙන් එවැනි තත්ත්ව මඟහරවා ගත හැකියි.

 ලබන සතියේදිත් ග්ලුටතයෝන් පිළිබඳ වැඩිදුරටත් ඔබව දැනුවත් කරන්නෙමු.

 

උපදෙස් - ඩුබායි, නෙදර්ලන්තය, මාලදිවයින සහ ටෙක්නික් ඉන්ටර්නැෂනල් ආයතනයේ පුහුණුවලත් දළුගම Degreens Salon සහ නුගේගොඩ  Seven Look,,

රූපලාවණ්‍ය ශිල්පිනි අරෝෂි කෞශල්‍යා

193 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූලි 10, අඟහරුවාදා 15:22
අදහස් එක් කිරීමට ලොග් වෙන්න