තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 ජූලි 10, අඟහරුවාදා 15:36

සියල්ලටම වඩා අමිල පවුලේ සතුටයි විශේෂාංග

ලිව්වේ  තිලක් පුෂ්පකුමාර සේනානායක
අගයන්න
(0 මනාප)
ලෝකයේ සියල්ලන් අප අතහැර ගිය ද පවුලේ සමීපතමයන් අප අතැර නොයයි. ලෝකය මෙතෙක් සුන්දර වූයේ පවුලේ සමීපතමයන්ගේ සතුට හා සමගිය නිසාවෙනි.

 

බිරිය හා දරුවන් සිටින නිවෙස තම විවේකස්ථානයේ ද්වාරය විය යුතුය. තම මවු රටේ මිනිසුන් තමන්ට අකරුණාවන්ත ලෙස සලකන විටක තමන් තව තවත් බැම්මෙන් බැඳෙන්නේ තම පවුල කෙරෙහිය.

කරුණාවන්ත වදනක් කියන්නට කෙනෙක් නැති තැන තම පවුලේ සතුට වෙනුවෙන් යමකු තව තවත් සමීප වී යයි. බොරුකාරයන්, කපටි කෛරාටිකයන්, වංචාකාරයන්, මූණිච්චාවට කතා කරන්නන් සිටින රටක තමන් කාන්තාරයක තනි වුණාක් මෙන් හැඟීමක් දැනේ.

ඒඵ ටචප චඵ ථර ටඥඥබ සිනමා පටයේ කතා නායකයා සිරකඳවුරකින් පැන සැතපුම් දහස් ගාණක් මඟ ගෙවා සිය දෙපා වාරුවෙන් පැමිණෙන්නේ සිය පවුලේ සමීපතමයන් සොයාගෙනය. ඔහුට සතුට ඇත්තේ පවුලේ සමීපතමයන් මුණගැසීමෙන් පමණකි.

ඹ්ඪධද සිනමාපටයට විෂයය වන්නේ අවුරුද්දකට ළමුන් 80000 ක් ආගිය අතක් නැති වන ඉන්දියානු මාපියන් මුහුණ දෙන ඛේදවාචකයේ කතාවයි.

තම වැඩිමල් සොයුරා සමඟ ජීවත් වන්නට යමක් සොයායන කුඩා දරුවකු වැඩිමහල් සොයුරා එනතුරු දුම්රිය ස්ථානයක නැවතී සිටියි. ඔහු නවතා ඇති දුම්රියකට ගොඩවෙයි. එහිදී ඔහුට නින්ද යයි. දුම්රිය ගමන් කරන්නට පටන් ගනී. දුම්රිය කිලෝමීටර් 600 ක් පමණ ගමන් කරයි. කුඩා දරුවා දුම්රිය නැවැත්වූ පසු බිමට බසින විට ඔහු සිටින්නේ වෙනත් ඉන්දියානූ ප්‍රාන්ත රාජ්‍යයකය. කුඩා දරුවා ජීවත්වීමට වීදි දරුවන් හා එක්වේ. ගණිකා සේවයට, වහල් සේවයට දුම්රිය පොළේ නිදා සිටින දරුවන් තැරැවුකරුවන් විසින් කුදලාගෙන යයි.. කුඩා දරුවා එතැනින් පළායයි. ඔහුව කාන්තාවක් තම ගෙදරට කැඳවාගෙන විත් සාත්තු කර ආහාර දෙයි. දරුවා ළමා ගණිකා වෘත්තියේ යෙදවීමට කාන්තාව සැරසෙයි. එතැනින් ද දරුවා පළායයි. පසුව අනාථ නිවාසයකට පැමිණෙන දරුවා ඔස්ට්‍රේලියානු යුවළක් හදාවඩා ගනී. ඔහු තරුණයකු වූ පසුව තම මාපියන් සොයා ඉන්දියාවට පැමිණෙයි. එහිදී ඔහුට තම මවත් සොයුරියත් මුණ ගැසෙයි. ඹ්ඪධද සිනමාපටය සත්‍ය කතාවක් ඇසුරින් ප්‍රතිනිර්මාණය කර ඇත. ඔස්ට්‍රේලියාවේ සුවපහසු ජීවිතයක් ගත කළ ද මේ අනාථයා තම මුල් මාපියන් සොයන්නේ තම සතුට ඇත්තේ පවුල තුළ බව දැන ගනිමිනි.

ඒ නිසා අපට සතුට ඇත්තේ අන් තැනක නොව අපේම නිවෙස තුළය. ලෝකයේ උගත් බුද්ධිමත් පුද්ගලයන් වැඩි දෙනෙක් තම පවුල් සංස්ථාවේ පී‍්‍රතිය ගැන සිතූහ. කාල්මාක්ස් , ප්‍රෙඩ්රික් එංගල්ස්, වී අයි ලෙනින්, හෝචිමිං ආදී සමාජවාදී නායකයෝ සිය පවුලේ සතුට සාමය ඉහළින් අගය කළ අය වූහ.

ඉන්දීය ලේඛක විභූති භූෂණ බන්දෙෂ් පාද්‍යාය තම පවුලේ සතුට උතුම් බව වඩාත් අගය කළේය.

 

බුදුන් වහන්සේ කිඹුල්වතින් හමන සුළඟත් සැපයි යනුවෙන් සඳහන් කළේ උන්වහන්සේගේ නිජබිම ගැන උපන් දයාවෙනි.

මාර්ටින් ලූතර් කිං, මොහොමඩ් අලි, රොකී මාෂියානෝ වැනි නිදහස් පුද්ගලයින්, බොක්සිං ක්‍රීඩකයන් තම පවුලේ සතුට වඩාත් අගය කළහ. ලෝකයේ අන් සියල්ලටම වඩා හොඳම නවාතැනට නිදහස් මාවත වැටී ඇත්තේ තම නිවහන තුළ බවට අප අවබෝධ කරගත යුතුය.

ලෝක ප්‍රකට පාපන්දු ක්‍රීඩකයන් වූ පේලෝ, මැරඩෝනා, කැනීජියා, කාල්හෙන්ස් රුවෙයින්ගෝ වැනි අද්විතීය ක්‍රීඩකයෝ තමන් උපන් රටත් තම පවුලේ උදවියගේ සතුට හා සාමය වඩාත් අගය කළ අය වූහ.

අපගේ සරතැස නිවන අපට පහන් එළිය දෙන, ආලෝකය උදාවන ස්ථානය අපගේ පවුලයි. අපගේ පවුල වසන නිවහනයි.

නැපෝලියන් බොනපාට් ප්‍රංශයේ ජීවත් වුව ද ඔහු උපන් කොර්සිකන් දිවයිනට පෙම් බැන්දේය. නැපෝලියන් කොර්සියානු ජාතිකයෙක් වූ අතර ඔහු තමා උපන් දේශය හා එහි මිනිසුන් ද තම නිවහන ද අමතක නොකළේය.

ඒ නිසා අපට සියල්ල අහිමිව ගියත් අපට අපේ නිවහනට යන මාවත සොයා ගැනීමට හැකිවිය යුතුය. ඒ නිවෙසෙන් අපට අහිමි වූ සියල්ල යළි ලැබෙන බව අප අමතක කළ යුතු නැත. ලෝකයේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් තම නිවහනට තම පවුලට පෙම් බැන්ද අතර එය ඔවුන්ගේ මානසික ආතතිය නැති කිරීමට දිව ඔසුවක් ද වූයේය.

1087 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූලි 10, අඟහරුවාදා 15:37
අදහස් එක් කිරීමට ලොග් වෙන්න