තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 නොවැම්බර් 05, සඳුදා 16:53

කොණ්ඩ හැඩකරන ස්පයිරල් පර්ම් එකක් විශේෂාංග

ලිව්වේ  අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
අගයන්න
(1 මනාපය)
කාන්තාවන් වන අපි කොණ්ඩයට දක්වන්නේ පුදුමාකර ආසාවක්. ඒ දිග කොණ්ඩයක් වුණත් කෙටි කොණ්ඩයක් වුණත් ඔබව එමඟින් ලස්සන කරන්නට සමත් වෙන නිසයි. සමහරුන්ට උපතින්ම ස්ට්‍රේට් කොණ්ඩයක් පිහිටනවා. තවත් අයගේ කොණ්ඩය කැරැලි සහිතයි. මේ මොන දේ හිමි වුණත් කොණ්ඩය පරිස්සම් කරගන්න ටිකක් මහන්සි වෙන්න වෙනවා.

 

මේ අතර කොණ්ඩා විලාසිතාවලට නිතැතින්ම උනන්දුවන ඔබට ඔබේ කොණ්ඩය ස්පයිරල් ෆර්ම් (ඉනඪපචත නඥපථ) කර ගන්නේ කොහොමද කියලා අද අපි කියා දෙන්නයි මේ සූදානම.

පළමුවෙන්ම ඔබේ කොණ්ඩය හොඳින් ෂැම්පු කරගන්න. 60% ක් වගේ තෙත සහිත බවක් රඳවා ගන්න. තෙත් බව නොතිබුණහොත් පර්මිං කටු රඳා පවතින්නේ නැත.

දැන් ඡායාරූපවල දැක්වෙන පරිදි සම්පූර්ණ කොණ්ඩය කොටස් කීපයකට බෙදා වෙන්කර ගන්න. ඒ සඳහා හෙයාර් ක්ලිප්ස් භාවිත කරන්න. ඔබ මෙහිදී පර්මිං ගාර්ඩ් එකක් එනම් නෙක් ට්‍රේ එකක් බෙල්ල වටේට දමා ගත යුතුය. එසේ නොකළහොත් මේ සඳහා යොදන රසායනික ද්‍රව්‍ය ශරීරයේ තැවරීම හේතුවෙන් බෙල්ල ආශ්‍රිත කුඩා බිබිලි හට ගැනීමට ඉඩ ඇත.

දැන් විනාඩි 10 ක කාලයක් තුළ පර්මිං ලෝෂන් එක ගල්වන්න. මෙය කෙතරම් දිග කොණ්ඩයක් වුව දෙදෙනකුගේ සහය ඇතිව හෝ විනාඩි 10 ක කාලය තුළදීම ගල්වා අවසන් කළ යුතුය. එසේ ගල්වා පර්මිං කැප් එකෙන් විනාඩි 20 ක කාලයක් වසා තබන්න.

විනාඩි 20 කට පසුව පර්මින් කැප් එක ඉවත්කර පිරිසුදු ඇල් ජලයෙන් සෝදා හරින්න. ඉන්පසුව ටවල් ටච් කරන්න.

නැවතත් ව්ඥභබපචතඪඵඥප (රසායනික ද්‍රව්‍ය) (අවසන් කිරීමට ගන්නා ලෝෂන් එක) හිස් කබලට නොවැටෙන සේ ආලේප කරන්න. මෙයද විනාඩි 15 ක් තබා හොඳින් සෝදා හරින්න. නැවත ටවල් ටච් කරන්න.

අවසානයේ කන්ඩිෂනර් කරන්න.

මෙම ස්පයිරල් පර්මිං එක නිසියාකාරව නඩත්තු කරන්නේ නම් වසරක පමණ කාලයක් පවතී.

එසේම වෙනස්ම ආකාරයකට ඇති ඔබේ කොණ්ඩය ස්පයිරල් පර්ම් කරගත් පසු ලස්සන මෘදු කැරැලි සහිත බවක් ගෙන දෙන්නට සමත් වේ.

මෙවැනි කොණ්ඩයක් නඩත්තු කිරීමේදී දැති ඈතින් ඇතට පිහිටා ඇති පනාවක් භාවිත කිරීම වඩාත් සුදුසුයි.

එමඟින් ඔබේ කොණ්ඩයේ කැරැලි සහිත බව ආරක්ෂා වෙයි. නැතිනම් කොණ්ඩය අතින් සකසා ගතයුතුය.

දිය නෑමෙන් පසු තෙත මාත්තු කිරීම සඳහා ඔබේ තුවාය වෙනුවට කපු රෙද්දෙන් නිම වූ ටී ෂර්ට් එකක් යොදා ගන්න. තුවායට ඔබේ හිසකෙස් අවුල් කරන අතර එම අවාසිය ටී ෂර්ට් එක මඟින් මඟහැරේ. ඔබේ කොණ්ඩයේ කැරැලි සහිත බවත් රැක දේ.

 

උපදෙස්

ප්‍රවීණ කේෂලංකරණ ශිල්පිනි

නිල්මිණි බන්නැහැක

 

 

357 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 නොවැම්බර් 05, සඳුදා 16:54
අදහස් එක් කිරීමට ලොග් වෙන්න