තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

ජ්‍යොතිෂය සිරස්තල

2018 අප්‍රේල් 09, සඳුදා 13:22

සිංහල අවුරුද්දේ ලග්න පලාපල විශේෂාංග

ලිව්වේ  සුබසෙත ප්‍රධාන කර්තෘ ප්‍රවීණ ඡ්‍යොතීර්වේදී අජිත් ධර්මසිරි
අගයන්න
(1 මනාපය)
  මේෂ ලග්නය   ධනය ඔබට මෙම කාලය විශේෂයෙන් උසස් ආදායම් මතු කරයි. මඟහැරී ගොස් තිබූ ව්‍යාපාරයක් යළි පණ ගැන්වීමට මෙම සතිය වැදගත්ය.

 

රැකීරක්ෂා

රැකියා ස්ථානගත අර්බුද විසඳෙන ලකුණු මතු කරයි. රවි ඔබගේ කේන්ද්‍රයේ සුවිශේෂ විදෙස් රැකියා පෙන්වනු ඇත.

ගෘහ ජීවිතය

ගෘහ ජීවිතය අතින් ගැටලු මතු කරන අතර විවාහ ස්ථානගත ආරවුල් පැන නඟිනු ඇත. අන් අයගේ දෝෂ දර්ශනයට ලක්වන සතියක් නිසා බොහෝ කල්පනාකාරී වන්න. ඔබ කොතෙක් යහපත් ලෙස දිවි ගෙවීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථව ගොස් නොයෙක් සිත් තැවුල් මතු කෙරෙනු ඇත.

අධ්‍යාපනය

ඉගෙන ගන්නා වයසේ අයකු නම් බාධා පැමිණේ. විභාග කටයුතවලට පෙනී සිටි අයට අයහපත් ප්‍රතිඵල උදා කෙරෙනු ඇත.

සෞඛ්‍ය

මුත්‍රාගත ආපදා මතු කෙරේ. පපුවේ උෂ්ණතා දැඩිවේ. විශේෂයෙන් ආහාරපාන විසවීම ආදී දේ තුළින් ගැහැට විඳීමට සිදුවනු ඇත.

වෘෂභ ලග්නය

  

ධනය

ධනය අතින් සුබවාදී වේ. බොහෝ ආර්ථික මාර්ග මතු කෙරෙන තත්ත්වයකි. ඔබට ඔබගේ ඥාතියකුගේ සහයෝගය මත ආදායම් උසස් කර ගැනීමට මඟ සැලසෙනු ඇත.

රැකීරක්ෂා

රැකියා අතින් ඔබට මෙම සතිය මැද වන විට පිටරට රැකියාමය ලකුණු පළ කරයි. ස්ථානබල අනුව කලක් පැවත තිබූ සතුරු බලවේග පහව යනු ඇත. රැකියා ස්ථානයේ ඔබ කැපී පෙනෙන අයකු වනු ඇත.

ගෘහ ජීවිතය

ගෘහ ජීවිතය අතින් ඔබට යහපත් කාලයකි. සිතේ සතුට රජයන තරමට ඔබ වෙසෙන නිවහන ඉතා සුවදායී යහපත් ස්ථානයක් වනු ඇත.

අධ්‍යාපනය

අධ්‍යාපනයට සුබයි. කරන කියන ඉගෙනුම් සඵල කෙරේ. විභාගවලට පෙනී සිටින අයට උසස් ප්‍රතිඵල උදා කෙරේ. උනන්දුව වැඩිවීම නිසා තමාට සිතේ සතුටුදායක අන්දමින් ප්‍රතිඵල හඹා යාමට හැකි වෙයි.

සෞඛ්‍ය

සෞඛ්‍ය අතින් ඔබට තුනටියේ ආපදා උරහිස ආශ්‍රිත රෝගාබාධ මතු කෙරේ. යටි බඩ ආශ්‍රිත අශුභ දෙයි. ආහාර පානාදියෙන් ප්‍රවේසම් වන්න.

මිථුන ලග්නය

 

ධනය

ධනය අතින් ඔබට යහපත්ය. විශේෂයෙන් ව්‍යාපාර ඵල උදා කෙරෙනු ඇත. තමා කරගෙන ආ හවුල් ව්‍යාපාරයක් තම තනි අයිතියට පවරා ගැනීම තුළ ස්ථිරසාර පිරිසුදු ආදායම් තත්ත්වයකට උරුමකම් කියයි.

රැකීරක්ෂා

රැකීරක්ෂා උසස් කෙරේ. කලක් යටපත්ව තිබූ උසස්වීමක් හෝ පඩි වැඩිවීමක් පිළිබඳ අසන්නට ලැබේ. ප්‍රධානීන්ගේ ප්‍රසාදය හා ඒ අයගේ ඇප උපකාර මත ඒ උසස්වීම් ඔබට හිමි වෙයි.

ගෘහ ජීවිතය

ගෘහ ජීවිතය යහපත් නොවේ. ස්වාමියා බිරිඳ අතර මතභේද මතු කෙරේ. නිතර දෙවේලේ ඇතිවන වාද විවාද නිසා දෙදෙනාගේ සාමයට සමගියට තර්ජන එල්ල වනු ඇත.

අධ්‍යාපනය

අධ්‍යාපනයට සුබයි. විශේෂයෙන් සෞන්දර්යාත්මක සිතිවිලි උසස් කෙරේ. නිර්මාණශීලී අංශයෙන් ඉදිරියට යයි. බොහෝ විට තම ගුරුවර ගුරුවරියන් වෙතින් තමාට ලැබෙන වරප්‍රසාද නිසා තමාට එම කටයුතු උසස් ලෙස කරගෙන යාමට මඟ පෑදේ.

 සෞඛ්‍ය

සෞඛ්‍ය අතින් පසුබසින තත්ත්වයක් මතු කෙරේ. මුත්‍රාගත ආපදා තුනටියේ රෝග හදිසි අනතුරු එළඹේ. වාහනවලින් ගමන් කිරීමේදී ප්‍රවේසම් වන්න.

කටක ලග්නය

 

ධනය

ධනය හීනවන කාලයකි. විශේෂයෙන් අධික විය පැහැදම් නිසා ගැටලු කීපයකට මුහුණදීමට සිදු වේ. ලැබීම් උසස් වුවද ඊට සමගාමීව වැඩි ප්‍රතිශතයකින් වැය පස ඉහළ යාම නිසා ද විකුණා දැමීම්, උගසට තැබීම් ද බහුල වන්නට පුළුවන.

රැකීරක්ෂා

රැකීරක්ෂා අතින් සුබ සතියකි. විශේෂයෙන් සිකුරු 10 හි හැසිරෙමින් විවිධ අයුරින් රැකියාවට සුබ ගෙන දෙනු ඇත. යටපත් වූ උසස්වීම් හා අලුත් රැකියා ලාභ මෙහිදී මුල්වන්නට පුළුවන.

ගෘහ ජීවිතය

ගෘහ ජීවිතය ඉතා කනස්සලු එකක් වෙයි. තම ආවේගකාරී මානසිකත්වය නිසා බොහෝ චිත්ත පීඩා කම්කටොලු මතු කෙරෙනු ඇත.

ඔබට පෙර පිං මහිමය මත බොහෝ ගැටලුවලට විසඳුම් ලැබෙතත් ඉතා ඉවසීමෙන් කටයුතු කිරීමට වගබලා ගත යුතු වෙයි.

අධ්‍යාපනය

අධ්‍යාපනයට සුබයි. ඔබට ජන්මයෙන් උරුම කර දුන් ඥනකාරකත්වය මත උසස් ප්‍රතිඵල උදා කර ගැනීමට හැකි වන සතියකි.

චන්ද්‍රයා 7, 8, 9 ස්ථාන පසු කරන මේ සතිය මැද පමණක් අශුභ වෙයි. සතියේ මුල හා අග සුබ වෙයි.

සෞඛ්‍ය

සෞඛ්‍ය අතින් ඔබට යටි බඩේ ආබාධ, ශල්‍යකර්ම හා මුත්‍රා දෝෂ පැන නගී.

උපරිම ලෙස වතුර පානය කිරීම, සැර උෂ්ණ ආහාරපාන අවම කිරීම සුබ වෙයි.

සිංහ ලග්නය

 ධනය

ධනය අතින් ඔබ මෙම සතිය ව්‍යාපාර ලාභ හා හදිසි ධන සම්පත් උරුම කරගන්නා සතියකි. මැණික් ගැරීම, බ්‍රෝකර් වැඩ ආශ්‍රිත ධන සම්පත් උදා කර දෙයි.

රැකීරක්ෂා

රැකීරක්ෂා අතින් විදේශ ගමනක්, විදේශ රටක රැකියාවක් හිමිවනු ඇත. රවි, බුධ 8 හි සිට ධන ස්ථානය වන 2 වැන්න දකින නිසා ලොතරැයි දිනුම් ආදී බාහිර ජයග්‍රහණවලට හේතුවනු ඇත.

ගෘහ ජීවිතය

ගෘහ ජීවිතය පිළිබඳ උනන්දුව අඩුවීම තුළ ගැටලු පැන නගී. බොහෝ විට තුන් වැන්නකුගේ මැදිහත්වීම තුළ දෙදෙනා අතර ප්‍රශ්න ගැටලු ඇති විය හැක. බොහෝ සාවද්‍ය තොරතුරු නිසා ඔබට ගැටලු මතු වී ගෘහ ජීවිතය කළකිරුණු ස්වභාවයකින් ගත කිරීමට සිදු වේ.

අධ්‍යාපනය

අධ්‍යාපනය අතින් ද එතරම් සුබ නොවේ. කම්මැලිකම්, අතපසු කිරීම්, වැඩ කල් දැමීම් මත කටයුතු අඩාල වනු ඇත. විභාගවලින් බලාපොරොත්තු නොවූ අඩු ප්‍රතිඵල බුක්ති විඳීමට සිදුවේ.

සෞඛ්‍ය

සෞඛ්‍ය අතින් ඔබ මෙම සතියේ උරහිසට දණහිසට ඇතිවන ආපදාවක් නිසා වේදනා විඳීමට සිදුවනු ඇත. උඩින් පැනීම්, වාහන පැදවීම් කෙරෙහි ප්‍රවේසම් වන්න.

කන්‍යා ලග්නය

 ධනය

ධන වියදම් අධිකයි. එහෙත් උසස් ආදායම් මාර්ග පෑදේ. කරන කියන ව්‍යාපාරවල නොසිතූ ආකාරයේ ලැබීම්වලට හේතුයි. ගුරු 2 වැන්නේ සිට 8 වැන්නේ සිටින සිකුරුගේ දෘෂ්ඨියට හසුවීම තුළ ඇතිවන තත්ත්වය මත පෙර කී අධික වියදම් හා රාහු 11 හිඳිමින් කරන ඊටම වූ සමතාව මේ සඳහා හේතු වේ.

රැකීරක්ෂා

රැකීරක්ෂා අතින් පාඩු ගෙන දෙනු ඇත. 10 වැන්නාධිපතිගේ අශුභ රාශිගතවීම මීට හේතුව වෙයි. කුජ ශනිගේ ඊටම සරිලන දෘෂ්ඨි ගෝචරත්වය නිසා ද මෙම අශුභවාදී බව තහවුරු වනු ඇත.

ගෘහ ජීවිතය

ගෘහ ජීවිතය සුබ වෙයි. රවි - බුදගේ කේන්ද්‍ර ගතවීම විශේෂයෙන් 7 වැන්නේ සිදුවීම මීට හේතු වෙයි. තවද සඳු 5 වැන්න 6 - 7 යන ස්ථානවල ගමන ද නිසා තව තවත් යහපත් වන අතර විවාහගත අයවලුන්ට ඉතා සතුටුදායක වකවානුවක් ද වනු ඇත.

අධ්‍යාපනය

අධ්‍යාපනයට සුබ කාලයකි. විශේෂයෙන් සුබවාදී මානසිකත්වයකට 7 වැන්නේ සිටින රවි - බුදගේ ද, 8 වැන්නේ සිටින සිකුරුගේ ද යහපත් ප්‍රතිචාරත්මක රාශි ගතවීම නිසා සැහැල්ලුවෙන් ඉගෙනුම් කටයුතු කෙරේ යොමු වීමට යහපත් වකවානුවකි.

සෞඛ්‍ය

සෞඛ්‍ය අතින් එතරම් සුබ නැත. පපුවට හිසට සෙම අධික වීම නිසා සෙම්ප්‍රතිශ්‍යාව සෙම තත්ත්ව උග්‍රවීම තුළ ඇතිවන හතිය, ස්වසන ආබාධ මතු කෙරේ.

තුලා ලග්නය

  ධනය

තුලා ලග්න හිමියනට මෙම අවුරුදු සතිය විදේශ යෝග හා විදේශ රටකින් ගලා එන ආර්ථික සම්පත් නිසා සුබ වෙයි. චන්ද්‍රයා කේතු සමඟ 4 වැන්නේ ගත වෙමින් ආරම්භ වන කාලය පුරාවටම ආර්ථික සම්පත්, ධන සම්පත් උරුම වෙයි.

රැකීරක්ෂා

රැකීරක්ෂා ගැන කතා කරන විට බෙහෙවින්ම අශුභ කාල වකවානුවකි.

රවි, බුධ කිසියම් උරුමකම්වලට හේතු සාධක ලැබ දුන්න ද විශේෂයෙන් රාහු 10 වැන්නේ සිට කරන බලපෑමට අනුව ආදායම් අහුරුවාලීම, රැකියාගත ගැටලු නිසාත් ඇති වන්නකි. සතුරු කරදර බලපාන කාලයකි.

ගෘහ ජීවිතය

ගෘහ ජීවිතය අතින් තුලා ලග්න හිමියාට මෙම කාලය සුබයි.

සිකුරු 7 වැන්නේ සිට අඹු සැමියන් - ආදරවන්තයින් කෙරේ ඇති කෙරෙන යහපත් මානසික සංහිඳියාව මේ සඳහා කෙරෙන අනුබලය මහෝපකාරී වෙයි.

අධ්‍යාපනය

අධ්‍යාපනය පිළිබඳ සලකා බලන විට 4 - 5 අධිපතිත්ව දරන සෙනසුරු, කුජ සමඟ සංයෝගව 3 වැන්නේ නිසා සමාජ අවලාද අසන්නට මුහුණ දෙන්නට වීම නිසා ඇති කෙරෙන මානසික ආතතිය මත ඉගෙනුමට දැඩි බාධක ගෙන එනු ඇත.

සෞඛ්‍ය

සෞඛ්‍ය මට්ටම එතරම් අශුභ නැතත් එදිනෙදා ගමන් බිමන්වලදී ප්‍රවේසම් විය යුත්තේ උරහිස ආශ්‍රිත හදිසි අනතුරු ද පපුවේ ඇති විය හැකි අධික සෙම තත්ත්වය නිසාය. සීතල තත්ත්වයන්ගෙන් මිදී සිටීම සුබයි.

වෘෂ්චික ලග්නය

 

ධනය

වෘෂ්චික ලග්න හිමියාගේ ධන බල තත්ත්වය මේ වකවානුවේ යහපත් කෙරෙනු ඇත. විදේශ ආයෝජන ව්‍යාපාර තුළින් හා අන් අයගේ ඇප උපකාර මත බොහෝ උසස් ධන සම්පත් උරුමවීමට ඉඩ ලැබේ.

රැකීරක්ෂා

රැකීරක්ෂා ද බහුල වන මෙම කාලය තුළ ඔබට ලැබෙන විවිධාකාර වූ වෘත්තීමය තත්ත්වයන් නිසා යහපත්ය.

නව රැකියාවලට මඟ පෑදීම, කරන රැකියාවේ උසස් තලයට යාම ආදී යහපත්කම් සහිත වනු ඇත.

 ගෘහ ජීවිතය

ගෘහ ජීවිතය එතරම් සතුටුදායක නොවනු ඇත. දෙන්නා දෙමහල්ලන් අතරේ ඇති කෙරෙන මත ගැටුම්, පරස්පරතා නිසා මානසික අතින් ඇති කෙරෙන අසාමාන්‍යතා මේ සඳහා මුල් වෙයි.

මානසික ඒකාග්‍රතාව සමබරතාව ආරක්ෂාකර ගැනීමට උනන්දු වන්න.

 

අධ්‍යාපනය

අධ්‍යාපනයට කම්මැලි වන, කටයුතු කල් දමන, අතපසු කරන තත්ත්වයන් නිසා කරගෙන ආ පිළිවෙළ සහගත කටයුතු අවුල්වීම තුළ අධ්‍යාපනයේ බිඳ වැටීම් පෙන්වනු ඇත. සිත ඒකාග්‍රතාව ආරක්ෂා කර ගන්න.

 

සෞඛ්‍ය

බෙල්ල ආශ්‍රිතව විශේෂයෙන් තෛරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත රෝග මතු කෙරෙන අතර, කතා කිරීමේ අපහසුතාව ඇති කිරීම, උරහිස ආශ්‍රිත වැටීම්, තැලීම් නිසා ඇති කරන හදිසි අනතුරු ද පෙන්වන නිසා කල්පනාකාරී වන්න.

ධනු ලග්නය

  ධනය

ධනය අතින් ධනු ලග්න හිමි අයට මෙම කාලය ඉතා සුබවාදී වෙයි. වාහන, ඉඩම්, නිවාස හිමිවන තරමට සිය ධනය උසස් තලයට පැමිණේ. කෙනකු විසින් පිරිනමන ධනයක් හෝ ලොතරැයි ජයග්‍රහණයක් වුව ද හිමිවීමේ වාසනාව සහිතයි.

රැකීරක්ෂා

රැකීරක්ෂා තත්ත්වය ද උසස් වේ. කලක් යටපත්ව තිබූ වාසනාවක් පෑදීම තුළ ඔබට උසස් වේතනයක් සමඟ උසස් තලයට යාමක් ද පෙන්වනු ඇත. තම සේවා ස්ථානයේ ඔබට හිතවතුන්ගෙන් ලැබෙන යහපත් ප්‍රතිචාර අනුව ඔබට ඉහළට ගමන් කිරීමට ලැබෙන අනුබලය ඉතා උසස් තත්ත්වයේ වෙයි.

ගෘහ ජීවිතය

ගෘහ ජීවිතය පැත්තෙන් කිසියම් ආකාරයක සිතිවිලි ව්‍යාකූලතාවක් නිසා හොඳ හිත පෑරෙන තත්ත්වයක් තුළ අන්‍යයන් සමඟ අසල්වාසීන් හා තමාගේම සබැඳියාවන් අතර ඇතිවන ගැටලු රැසකට මුහුණදීමට ඇති ඉඩකඩ වැඩි නිසා ගැටලු මතු කෙරේ.

අධ්‍යාපනය

අධ්‍යාපනයට පවා තිත තැබෙන කාලයකි. අයහපත් මානසික ව්‍යාකූලතා ඊට හේතුවයි. ඒ තුළ තමා මුහුණ දෙන විභාග පරීක්ෂණ ආදිය ද ව්‍යාකූල තත්ත්වයට පත් කෙරෙනු ඇත.

සෞඛ්‍ය

සෞඛ්‍ය අතින් ද ඔබ ව්‍යාකූල මානසිකත්වයකට රැගෙන යාම තුළ කොලෙස්ටරෝල් හා සීනි අවදානම උත්සන්න වීමෙන් ඇතිවන අපහසුතා විඳීමට සිදු වේ.

මකර ලග්නය

  ධනය

ධනය උරුමකම් සහිතයි. සිකුරු 4 හි සිට ගෙනදෙන යහපත් වූ අනුබලය මත ව්‍යාපාර සඵල කෙරෙන තත්ත්වයක් මතු කෙරේ. උසස් මානසික තත්ත්වයක් තුළ උසස් අදායම් ඇති කර ගැනීමට සිතිවිලි පොළඹවාලන කාලයකි.

රැකීරක්ෂා

රැකියා ස්ථානගත අයහපත් බලවේග සතුරු කරදර එළඹීමට ඇති ඉඩකඩ වැඩිය. රැකියාවට වඩා සිය දෑතේ ව්‍යාපාරවලට ඇති කැමැත්ත මත රැකියා හැර යාම පවා සිදුවේ. එය ඔබට සුබදායක වේ.

ගෘහ ජීවිතය

ගෘහ ජීවිතය පිළිබඳ වෙනදාට වඩා උනන්දු සහගතවීම වැදගත් වෙයි. හදිසි කෝප සිත පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා ගෘහ ජීවිතයේ මතභේද මතු කෙරෙන තත්ත්වයක් උදාවේ.

අධ්‍යාපනය

විදේශ අධ්‍යාපනයට පවා ඉඩ සැලසේ. ඔබ පාසලේ හෝ වෙනයම් බාහිර පාඨමාලාවක් හැදෑරීමේදී යහපත්කම් රැසකට මුහුණ දෙනු ඇත. මේ බුධ ඥානකාරක ග්‍රහ යුවළ 3 වැන්නේ සිට ඊට සුදුසු මාර්ගය සකසා දෙයි.

සෞඛ්‍ය

සෞඛ්‍ය අතින් ඔබට හිසට අධික සීතල බවක් ගෙනදීම තුළ සෙම්ප්‍රතිශ්‍යාව, පීනස මතු කෙරෙනු ඇත. පාදයේ වළළුකර ආශ්‍රිතව සිදු විය හැකි අතුරු ආන්තරාවන් නිසා මේ කාලය පුරාවට වද වේදනා විඳින්නට සිදුවේ.

කුම්භ ලග්නය

  ධනය

ධනය අතින් කුම්භ ලග්න හිමියාට මෙම සතිය යහපත්ය. රවි - බුද 2 වැන්නේද, ගුරු 9 වැන්නේ ද ගෝචර වන මෙම වකවානුව ඔබට සුවිශේෂී ධන සම්පත් උරුමකම් හිමිකම් රැසකට ඉඩහසර සැලසෙනු ඇත.

රැකීරක්ෂා

රැකීරක්ෂා තත්ත්වය යහපත් කෙරෙනු ඇත. නව අදායම් මාර්ග සලසමින් රැකියා කීපයකට ඉඩ සැලසේ.

කරන කියන රැකීරක්ෂා වෙත්නම් එහි උසස්වීම් ඇතිවේ. ප්‍රධානීන්ගේ ඇප උපකාර ලැබේ.

ගෘහ ජීවිතය

ගෘහ ජීවිතය සැපවත් වේ. තමා අදහස් කරගෙන සිටි යහපත් අදහස් ක්‍රියාවට නැංවීමට ඉඩ සැලසේ. අන් අයගේ සහයෝගය මත තමාගේ ගෘහ ජීවිතයේ නව මං විවර වේ.

සිතේ සතුට රජයමින් ගෘහ ජීවිතය ගත කිරීමට සෑම අතින්ම සුබදායී වාතාවරණයක් උදා කරනු ැත.

අධ්‍යාපනය

අධ්‍යාපනය අතින් තමා උසස් තලයකට ගෙන යාමට සැකසී ඇති ග්‍රහ තත්ත්වය බලපායි. විශේෂයෙන් නව මං ඔස්සේ ඔබේ ඉගෙනුම් කටයුතු ක්‍රියාත්මක වීම තුළ එම සුබවාදී තත්ත්වයට හේතු වෙයි.

සෞඛ්‍ය

සෞඛ්‍ය අතින් නම් සුබවාදී නොවේ. පාදයේ වළළුකර දණහිස ආශ්‍රිත හදිසි අනතුරු එළඹේ. යටිබඩ අශ්‍රිත අසාත්මිකතා, වකුගඩු මුත්‍රාශය හා සම්බන්ධ රෝග සඳහා ද හේතු වෙයි.

මීන ලග්නය

 

ධනය

 

මීන ලග්න හිමියාට මෙම කාලය සිතේ සතුට රජයන ධන සම්පත් උසස් කෙරෙන කාලයකි. දැඩි අධිෂ්ඨානය මත ඉහළ යා හැක.

ඒ සඳහා සුදුසු වාතාවරණයක් ගොඩ නැගේ. නව ආදායම් මාර්ග පෑදේ.

 

රැකීරක්ෂා

රැකීරක්ෂා අතින් අශුභ පල උදා කළ ද, ඔබ කරන ව්‍යාපාර වැනි කටයුතුවලින් යහපත ගෙන දෙයි. ඔබ ඉදිරියට යාමට ගන්නා උත්සාහයේදී අන් අයගේ කැමැත්ත අතහිත දීම අඩුකම හා සතුරු කරදර, උවදුරු නිසා ඔබ රැකියා තත්ත්වයෙන් නම් පරාජිතයෙක් වේ.

ගෘහ ජීවිතය

ගෘහ ජීවිතය යහපත්ය. ඔබ මෙම සතිය පුරාවටම ගන්නා සුබවාදී තීන්දු තිරණ නිසා ඔබට එම යහපත උරුම කර ගැනීමට හැකි වේ. සිතේ සතුට ඇති කරන තත්ත්වයක් තුළ අන්‍යයන් සමඟ ඇතිකර ගන්නා සහජීවනය ගෘහ ජීවිතයේ යහපත පිණිස වේ.

අධ්‍යාපනය

අධ්‍යාපනය අතින් යහපත්ය. නව මං ඔස්සේ ඔබ ගමන් කිරීමට දක්වන උනන්දුව නිසා විවිධ විෂයයන් ඉගෙනීමට හැකිවීම නිසා ඔබ අධ්‍යාපනයෙන් උසස් කෙරේ. විවිද භාෂාවන් ඉගෙනීමට උනන්දු වන්න.

සෞඛ්‍ය

සෞඛ්‍ය මට්ටම නම් එතරම් සුබ නොවේ. දණහිස් ආශ්‍රිත උවදුරු, වැටීම් තැලීම් හා හදිසි අනතුරු පෙන්වයි. කුස උෂ්ණ ගති, ආමාශයේ සැර හා කුස ගෑස් මතු කිරීම තුළ අපහසුතා විඳීමට සිදු වේ.

1353 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 අප්‍රේල් 09, සඳුදා 13:26
අදහස් එක් කිරීමට ලොග් වෙන්න