රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2015 මාර්තු 02, සඳුදා 12:07

වැඩි දවසක් තියා ගන්න අලුත්ම නිය ආලේපන ක්‍රමයක් විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(4 මනාප)
නිය අලංකරණයට කාන්තාවන් වැඩි කැමැත්තක් දක්වනවා. ඒ නිය අලංකරණය මඟින් වැඩි ලස්සනක් ඉස්මතු වී පෙනෙන නිසයි. නිය අලංකරණය කරන ක්‍රම සහ විධි කීපයක්ම තිබෙනවා. මේ නිසා නිය පෙළෙහි අඩුපාඩු තිබෙන අයට එම අඩුපාඩු පහසුවෙන් මඟහරවා ගන්නට පුළුවන්.

 

ජෙල් නේල් - නේල් ආට් මේ අතරින් වඩාත් ජනපි‍්‍රයයි. අද අප ඔබට හඳුන්වා දෙන්නට සූදානම් වන්නේ නිය අලංකරණයට එක්වූ අලුත්ම ක්‍රමයක් ගැනයි. මෙය හඳුන්වන්නේ Gelish nail polish වශයෙන්. මෙය  Nail technology වලට එක්වූ අලුත්ම ජෙල් නේල් ෆොලිෂ් ක්‍රමයක්. දැන් පිටරටවල කාන්තාවන් අතර මෙය ඉතාමත් ජනපි‍්‍රය ක්‍රමයක් බවට පත්ව තිබෙනවා.

මෙහි විශේෂත්වය කුමක්ද?

අප සාමාන්‍යයෙන් නිය ආලේපන ගැල්වූ පසු එය දින කීපයකින් එනම් දින තුන හතරකින් පමණ ඉවත්වෙනවා. නැත්නම් එය මතුපිටින් දුර්වර්ණ වී තැනින් තැනින් කඩතොළු වී ඉවත්වෙනවා. තැවරූ ආලේපන වැඩි දින කීපයක් ඒ ආකාරයෙන්ම තබාගත නොහැකියි.

නමුත් මෙම නවතම Gelish nailවලදී එසේ වීමක් සිදු නොවෙයි. මෙම ක්‍රමයට නිය ආලේපන ගැල් වූ පසු දින 20 – 21 ක් පමණ නොවෙනස්ව ඒ ආකාරයෙන්ම පවතිනවා. මෙහි අනෙක් වාසිය නම් මෙම ක්‍රමයට ආලේපන ගල්වා කොතරම් ගෙදර දොර කටයුතුවල ඉවුම් පිහුම් කටයුතුවල නියැළුණත් එය ඉවත්වීමක් හෝ කඩතොළුවීමක් හෝ දුර්වර්ණවීමක් සිදු නොවීමයි.

අප මීට පෙර භාවිත කරන ලද නිය ආලේපන වලදී සහ නේල් ජෙල් - නේල් ආට්වලදී එහි ඉවත්වීමක් සිදුවනවා. නමුත් මෙහි එවැනි ස්වභාවයක් නොවීම විශේෂත්වයක්. මෙම විශේෂිත නිය ආලේපනය තැවරූ පසු එහි හොඳ දීප්තිමත් පෙනුමක් සහ ඝනකම් ස්වාභාවයක් දක්නට පුළුවන්. මෙය තැවරූ පසු වියළීම කරනු ලබන්නේ U B Lighter එකක ආධාරයෙන්. මෙය නිවෙසක තිබෙනවා නම් ගෙදරදීම තමන්ටම වුවත් කරගැන්ම අපහසු නොවේ.

මෙමඟින් නිය පෙළට කිසිම හානිකර බවක් ගෙන දෙන්නේ නෑ. නිය ආරක්ෂාව සලසමින් නිය රැක දෙමින් මෙම ක්‍රමය අනුගමනය කිරීමද මෙහි සුවිශේෂත්වයක් ලෙස සඳහන් කරන්නට පුළුවන්. සාමාන්‍යයෙන් නියපොත්තේ කෙරටින් එකත් සමඟයි මෙහි සම්බන්ධවීම සිදු කෙරෙන්නේ. මේ සඳහා විශේෂිත වූ Gelish nail ආලේපන තිබෙනවා. මෙහිදී භාවිත කළ යුතු වන්නේ එයයි.

මෙම ආලේපන ගැල්වීම සිදු කරන්නේ කෙසේද?

මුලින්ම නියපොත්ත බෆර්කර ඉන්පසු ර්‍ථඩ් බොන්ඩ් එක තැවරිය යුතුයි.

ඉන්පසු මෙම බ්‍රෑන්ඩ් එකේම ඇති පවුන්ඩේෂන් එක තුනීයට තට්ටුවක් ගල්වා මිනිත්තු 2 ක්  U B Lighter එකට අත තැබිය යුතුයි. දැන් අප තෝරාගත් ජෙල් නේල් වර්ණය තවරා නැවත යූ.බී. ලයිටර් එකට දැමිය යුතුවෙයි. අප තවරන වර්ණය තද වර්ණයක් ලෙස ගැනීමට අවශ්‍ය නම් නියමිත වර්ණ දෙවරක් තැවරීම අවශ්‍යයි.

මීළඟ පියවරේදී ටොප්කෝට් එක තවරා පෙර පරිදිම යූ.බී. ලයිටර් එකට දැමිය යුතුයි. ඉන්පසු ජෙල් ක්ලෙන්සර් එක ගෙන ජෙල් නේල් එකේ ඇලෙන ගතිය ඉවත්කර කියුටිකල් ඔයිල් තවරා කියුටිකල් එක මඳක් සම්බාහනය කළ යුතුයි.

පිටරටවල ඉතාමත් ජනපි‍්‍රය නිය අලංකරණ ක්‍රමයක් වන මෙය ඉදිරියේදී ලංකාවේ කාන්තාවන් අතර වඩාත් සිත් ගත් නිය අලංකරණ විලාසිතාවක් වේවි.

උපදෙස් - ප්‍රශානි සුරවීර ඔස්ට්‍රේලියාවේ පුහුණුව ලත් රූපලාවණ්‍ය චිකිත්සක සහ රූපලාවණ්‍ය පුහුණු ශිල්පිනී

0777528122

13350 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2015 මාර්තු 02, සඳුදා 12:20
අදහස් එක් කිරීමට ලොග් වෙන්න