රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2015 ජූනි 16, අඟහරුවාදා 15:51

නිය අලංකරණය දැන් හරිම ජනපි‍්‍රයයි

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
නිය අලංකරණය ගැන අද කාන්තාවන් දක්වන්නේ විශේෂ උනන්දුවක්. මේ නිසාම නිය අලංකරණ ක්‍රම අද විවිධ ආකාරයෙන් දක්නට පුළුවන්. නිය අලංකරණය කී විට එදා බොහෝ විට සිදු කෙරුණේ නිය ආලේප ගැල්වීම පමණයි. එය අද වඩාත් දියුණු තත්ත්වයට පැමිණෙමින් නවීන තාක්ෂණික ක්‍රම සමග ඉදිරියට පැමිණ තිබෙනවා.

නිය අලංකාර කරන විවිධ ක්‍රමවේදයන් වර්තමානය වන විට රූපලාවණ්‍ය ක්‍ෂේත්‍රයේ බිහි වී තිබුණද නිය අලංකරණය පවත්වා ගැනීමේදී මතුවන ගැටලුකාරී තත්ත්වයන්ද දක්නට ලැබෙයි. විශේෂයෙන් ගේ දොර වැඩ කටයුතුවල නියැළෙන කාන්තාවන්ට නිය අලංකරණ කටයුතු කිරීමට අපහසු බවට නැගෙන මැසිවිලිද නැතුවා නොවේ. හේතුව මෙහිදී නිය දුර්වර්ණවීම්, නිය කැඩීයාම නිය ගැල් වූ ආලේපන ඉවත්ව යෑම වැනි ගැටලු වලට මුහුණ පෑමට සිදුවන නිසයි. මේ නිසා බොහෝ විට උත්සව අවස්ථාවන්ට සහභාගි වීමේදී තමන්ගේ නිය අලංකරණය ගැන ගැටළු මතුවන අවස්ථා තිබෙයි.

මෙහිදී අප වැඩි අවධානයක් යොමු කරන්නේ එවැනි කාන්තාවන්ට ක්‍ෂණිකව දිගු හැඩකාර නියපෙළක් නිර්මාණය කරගත හැකි නවතම ක්‍රම ගැනයි.

එනම් Acrylic nail සහ gel nail යන ප්‍රධාන ක්‍රමවලින් සිදුකරන මෙම නිය අලංකරණ කටයුතු rench tips, natural nail, Overlays tips and overlay Rebalance infill Sculptured nails, Temporary tips - uv gel coating ආදියයි.

නිය අලංකරණ කරන මෙම නවතම ක්‍රම අද ලෝකය පුරා කාන්තාවන් අතර වඩාත් ජනපි‍්‍රයත්වයට පත්ව තිබෙයි. ඉහත සඳහන් ක්‍රම වලට අනුව නිය අලංකාර කරන කාන්තාවන්ට මෙමගින් ප්‍රධාන ලෙස තමන්ගේ නියපොතුවල හා ඇඟිලිවල පෙනුම අලංකාර කරගත හැකිවන අතර පැයක හෝ දෙකක කාලයකින් අලංකාරවත්ව එක්ස්ටෙන්ෂන් කළ nails  සති හතරක් පුරාම තබාගැන්මට හැකියාව ඇත. එමෙන්ම මෙහි පැවැත්ම හොඳින් ආරක්‍ෂාකර ගැන්මෙන් එයටත් වඩා වැඩි කාලයක් එය තබාගැන්මට හැකිවෙයි.

උදාහරණයක් ලෙස ගතහොත් කොට මහත ඇඟිලි ඇති කාන්තාවන්ට දිගු නියපොතු දැමීමෙන් මෙ ඇගිලි වලට දිගු පෙනුමක් ගෙනදිය හැක.

නේල් බෙඩ් එක කුඩාවට පිහිටි කාන්තාවන්ට culptured nail mathed  එක පාවිච්චි කර nail bed  එකක් නිර්මාණය කිරීමටත් කැඩෙන සුළු නියපොතු ඇති කාන්තාවන්ට  Over Layer එකක් මගින් අමතර ශක්තියක් තම නියපොත්තට ලබාදීමට හැකිවීමත් පෙන්වා දිය හැකිය.

නියපොතු සැපීම සමහර කාන්තාවන්ගේ පුරුද්දක්. එසේ නිය සැපීමට පෙළඹී සිටින කාන්තාවන්ට Nail extensions  එයින් වැළකීමට උදව් කරයි.

සමහරුන්ගේ නියවල හැඩය ලස්සන පෙනුමක් නැත්නම් නිය කෙටිනම් හෝ නිය වැඩිමක් සිදුවී නැත්නම් නියපෙළේ කිසිදු ආකර්ෂණීය බවක් පෙන්නුම් කරන්නේ නැ.

මෙවන් අයට එම අඩුපාඩු මගහරවා ගැනීමට මෙම නිය සවි කිරීමේ ක්‍රමය එනම් නේල් එක්ස්ටෙන්ෂන් යොදාගත හැකියි. ඉන්පසු අවශ්‍ය ආකාරයට නේල් හැඩ ගන්වා ගන්නට පුළුවන්.

නිය හැඩගන්වා ගැනීමට මෙම නිය අලංකරණ ක්‍රම භාවිතා කරනවානම් ඒ සඳහා පුහුණුවක් මනා පළපුරුද්දක් ඇති අය ළවා එම කාර්යය ඉටු කරවාගැන්මට සැලකිලිමත් විය යුතුයි. හේතුව මෙම නිය අලංකරණ කටයුතු කිරීමේදී නිය ආරක්‍ෂාව සහ පැවැත්ම ගැන සුපිරික්ෂාකාරි වෙමින් ඒ පිළිබඳ දැඩි අවධානයකින් යුතුව කටයුතු කළ යුතු නිසයි.

මෙම නිය අලංකරණය වඩාත් සුදුසු වන්නේ කාටද ?

විශේෂයෙන්ම මනාලියන්ට නිරූපිකාවන්ට සහ රංගන ශිල්පිනියන්ට මෙය වඩාත් වැදගත් වෙයි. නමුත් සාමාන්‍ය කාන්තාවන්ටද උත්සව අවස්ථාවලදී මෙන්ම රැකියාවන්ට යනවිටත් මෙම නිය අලංකරණය යොදා ගත හැකියි.

උපදෙස් - රූපලාවණ්‍ය විශාරද, පාඨමාලා උපදේශිකා ප්‍රශානී සුරවීර

(Australian Qualified Beauty Trainer) 

 ඡායා - ප්‍රභාත් රඹුක්වැල්ල

13177 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2015 ජූනි 16, අඟහරුවාදා 15:58
අදහස් එක් කිරීමට ලොග් වෙන්න