රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2015 නොවැම්බර් 16, සඳුදා 14:44

මේ පුරුදු නිසා නිය අවලස්සන කරගන්න එපා

Written by 
අගයන්න
(0 මනාප)
 නිය ආලේපවලින් නිය හැඩකර ගන්න වැඩි උනන්දුවක් ඔබ නිය ආරක්ෂාව ගැන ඒ තරමටම හිතන්නේ නෑ නේද? මෙන්න මේ නිසා ලස්සන නිය අවලස්සන වෙන්න තියෙන ඉඩකඩ බොහොමයි. මේ තත්ත්වය ඇතිකර ගන්නෙත් ඔබ විසින්මයි.

 

විලාසිතාවක් හැටියට නිය ආලේපවලින් නිය ලස්සන කරගන්න ඕනෑම කෙනකුට පුළුවන්. නමුත් ඕනෑම විලාසිතාවක් අප අනුගමනය කළ යුත්තේ ඒ යම් යම් දේවල් කරන්නට ගියහොත් නොසැලකිලිමත් වුණොත් ඉන් සිදුවන ගැටලුකාරී තත්ත්වයට මුහුණ පාන්නට සදානම් වන්නේ බොහෝ විට ඔබ ඔබේ නිය ගැන දක්වන අඩු අවධානය නිසා ඇතිවිය හැකි ගැටලු ගැනයි.

සමහරු පෙනුමෙන් කෙතරම් ලස්සන අයකු වුවත් ඔවුන්ගේ නිය දෙස බැලුවොත් නියවල පැහැපත් බව නැතිවෙලා අපිරිසුදු බව ඉස්මතු වෙලා නිය දෙපස කුණු දූවිලි රැඳීම නිසා ඒ අවට කළුවෙලා. තවත් සමහරුන් නිය නරක්වෙලා මේ අතර පුරුද්දකට වගේ නිය සපන අයත් ඉන්නවා. මේ පුරුද්ද ඇතිනම් දකින අය ඔබ ගැන ඇතිකර ගන්නේ වැරැදි වැටහීමක්.

මුහුණ ගැන වගේම ඇය තමන්ගේ දෑත්, දෙපා නිය ලස්සනට පිරිසුදුව තබාගන්නට උනන්දු නොවන්නේ? ගෙදර වැඩ කරද්දී නියපොතු ගැන හිත හිත ඉන්නා වෙලාවක් නෑ. ලෙහෙසියට වගේ අපිරිසුදු නියට උඩින් නිය ආලේප ගාගෙන යන එකද ඔබ කරන්නේ? ගෙදර වැඩ කටයුතු ඉවරවුණු ගමන් පරණ දත් බුරුසුවකින් හරි තමන්ගේ නිය පිරිසුදු කරගන්න එක එතරම් වෙලාවක් යන දෙයක් නොවෙයි.

ස්නානය කිරීමෙන් පසුව තම මුහුණ සිරුර හොඳින් පිස දමන්නට සැලකිලිමත් වුවත් තමන්ගේ දැත්වල දෙපා නිය, නිය අතර කොටස පිස දමන්නට පෙළඹෙන්නේ කීයෙන් කී දෙනාද? මතක තියාගන්න මුහුණ මෙන්ම නිය අතර කොටස් තෙල් ගතිය ඉවත්වන පරිදි හොඳින් පිස දමන්න. ඉන්පසු මොයිස්චරිරයිසර් හෝ හෑන්ඩ් ක්‍රීම් ටිකක් තවරා ගන්න.

 

නිය හපන පුරුද්දක් ඔබටත් තිබෙනවා නම් එය වහාම නතර කරන්න. මෙයද නිය අවලස්සන කරන ප්‍රධාන හේතුවක්. නිතර නිය හැපීමෙන් නිය හැඩය විකෘති වීමක් සිදුවන්නට පුළුවන්. ඒ විතරක් නොවෙයි නිය සැපීමේදී දත්වල තියෙන විෂබීජ නිය ඔස්සේ සිරුරට ඇතුළු විය හැකියි. නිය හපන විට නොදැනුවත්වම නිය සමටත් හානි සිදුවෙනවා. නිය සම පළුදු වීමෙන් තුවාල වීමෙන් මුවෙහි තිබෙන විෂබීජ නිය සමට ඇතුළු වී නිය ආසාදනය වීමට පුළුවන්. මේ දේවල් තමන් විසින්ම ඇතිකර ගන්නා ප්‍රශ්නයි. මෙහි එක් ඡායාරූපයකින් දැක්වෙන්නේ නිය සැපීම නිසා නිය පළුදු වී ඇති ආකාරයයි.

* නිය ආලේප ගල්වනවා වගේම එය නැවත ඉවත් කිරීමටත් ඔබ සැලකිමත් වනවාද?

සමහරුන් නිය ආලේප ගැල්වීමේදී කිසිදු ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කරන්නේ නෑ. සිතන්නේ නිය ආලේප ගාගෙන නිය ලස්සන කරගෙන යාම පමණයි. ගැල්වෙ නිය ආලේප සති ගණන් නිය මත එලෙසින්ම තිබෙන්නට හරින අයද බොහොමයි. මෙය සුදුසු දෙයක් නොවෙයි. නිය ආලේප ගැල්වීමෙන් පසුව වැඩිම වුණොත් දින පහක් ඇතුළතවත් එය ඉවත් කළ යුතුයි. නැත්නම් ඉක්මණින් නිය දුර්වර්ණ වීමට එය හේතු වන්නට පුළුවන්. එමෙන්ම ඔබ නිතර නිය ආලේපන ගල්වන අයකු නම් ආලේපනවලින් නිදහස්ව දින දෙක තුනක්වත් නිය නිරාවරණය වීමට ඉඩ හැරිය යුතුයි. නිය ආලේපන ඉවත් කිරීමේ දී බ්ලේඩ් වැනි දෑ පාවිච්චි කර නිය ඉරා දමන අයද ඉන්නවා. මෙවැනි දේ කිසි විටෙකත් නොකළ යුතුයි.

මේ සඳහා සුදුසුම දේ උසස් තත්ත්වයේ රිමුවර් වර්ගයක් භාවිත කිරීමයි. මෙහිදී කිවයුතු එක් කරුණක් නම් බාල වර්ගයේ නිය ආලේපන හෝ රිමුවර් තෝරා නොගන්නා ලෙසයි.

නේල් කලර් එකක් නොගාන්නේ නම් විටමින් ඊ අඩංගු බේස් කෝට් එකක් පාවිච්චි කළ හැකියි. නිතර කැඩී යන ස්වභාවයේ නියපොතු ඇති අයකුට තම නිය මත නේල් ගාඩ්නර් එකක් තැවරීම ඉතා වැදගත්.

* නිය කැපීමේදී ඔබ සැලකිලිමත්ද?

බ්ලේඩ් හෝ කතුරු තමන්ගේ නිය කැපීම සඳහා භාවිත කරන අය සිටිනවා. නමුත් මෙයට වඩා නිය කැපීමට නේල් කටර් එකක් භාවිත කිරීම සුදුසුයි. නිය කපන විට නිය සම සමීපයටම එනතෙක් නිය ඇතුළටම කැපීම සුදුසු නෑ. නිය කපන විට මඳක් පරතරයක් තබා කැපිය යුතුයි. නිය කැපීමෙන් පසු නේල් ෆයිල් එකකින් ෂේප්කර ඉන්පසු බේස්කෝට් හෝ නේල් හාඩිනර් නියමත තවරන්න. එය නිය හොඳින් ආරක්ෂා කරයි. ඉන්පසුව දැත් දෙපාවල මොයිස්චර්රයිසර් ස්වල්පයක් තවරාගන්න. රුව ලස්සන ගැන උනන්දු වනවා නම් ඔබේ නිය ගැන අඩු අවධානයක් දක්වන්නට එපා. නිය ආලේපනවලින් නිය ලස්සන කරන්නා හා සේම නිය ආරක්ෂාව ගැනත් සැලකිලිමත් වන්න.

 
උපදෙස් - ප්‍රවීණ ශිල්පිනී

වයනී පල්ලියගුරු (නේල් ස්ටුඩියෝ)

8710 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2015 නොවැම්බර් 16, සඳුදා 14:53
අදහස් එක් කිරීමට ලොග් වෙන්න