රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උපදේශනය සිරස්තල

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2015 දෙසැම්බර් 08, අඟහරුවාදා 11:11

දෙපා ලස්සන කරන පෙඩික්‍යු

Written by 
අගයන්න
(0 මනාප)
 පෙඩික්‍යු රුපලාවණ්‍ය සත්කාර මේ වචනය ඔබ නිතර අසා ඇති. මෙයද රූපලාවණ්‍යාගාරවල සිදු කෙරෙන විශේෂ සත්කාරයක් වශයෙන් සඳහන් කරන්නට පුළුවන්.

 

Pedi z ලතින් භාෂාවට අයත් වචනයක්. ඒ අනුව Pedi z  යනු ඉංගී‍්‍රසි Leg වන අතර Care  ට්‍රිට්මන්ට් ලෙස හැඳින්වෙයි. එනම් පෙඩික්‍යු යනු දෙපා පිළිබඳ සැලකිලිමත් වීමයි.

රූපාලාවණ්‍යයේදී මුහුණ මෙන්ම තම දෙපාද පිරිසුදුව නිරෝගීමත්ව පවත්වා ගැනීමට අත්‍යාවශ්‍ය වුවද ඇතැම් කාන්තාවන් තම මුහුණට දක්වන සැලකිල්ල තම දෙපා කෙරෙහි නිය කෙරෙහි නොදක්වන බව පෙනී යයි. කුණු දුවිලි ආදී අප ද්‍රව්‍ය රැදී දුර්වර්ණ වීමෙන් අපිරිසුදු වූ නිය ඉරිගැසී පැලී ගිය විලුඹ වියළි දෙපා කාන්තාවන්ගේ රුව ලස්සන මකා දමන හේතුවක් එමෙන්ම තම දෙපා කෙරෙහි දක්වන අඩු අවධානය නොසැලකිලිමත් බව අන් අයට ප්‍රදර්ශනය විමෙන් ඇයගේ ප්‍රතිරුපයට පවා හානියක් වන්නට පුළුවන්.

දෙපා ලස්සන කරන මෙම පෙඩික්‍යු සත්කාරය සිදු කරනවා නම් දෙපාවල වේදනාව විඩාපත් බව මගහරවා ගන්නටද හැකිවෙයි.

මෙම පෙඩිකි්‍යු සත්කාරය සිදුකරන්නේ මොන ආකාරයෙන්ද? රූපලාවණ්‍යාගාරයක් තුළ මෙම පෙඩික්‍යු සත්කාරය සිදු කරනවා නම් පහත සඳහන් දෑ සූදානම් කරගත යුතුයි.

පෙඩික්‍යු සෙට්, මසාජ් ක්‍රීම්, කි්‍යුටිකල් ක්‍රීම්, පැක් එකේ කියුටෙක්ස් රිමුවර්, ෆුට් ස්පා එකක් (නිය හා දෙපා සෝදන උපකරණ) නයිට්‍රජන් පෙරොක්සයිඩ් පුළුන්, උණුසුම් වතුර, තුවායක්. මෙහිදී පහසුවන් ගත හැකි පරිදි අවශ්‍ය උපකරණ සහ ආලේපන තබාගන්න.

ෆුට් ස්පා එකට මෘදු විෂබීජ නාශකයක් සහ උණුසුම් වතුර දමා උපරකණය ක්‍රියාත්මක කරන්න. ඉන්පසු දෙපා ඒ තුළට දමා මඳ වේලාවකට පසු ක්‍රියා විරහිත කළ යුතුයි. ඉන්පසු මුලින්ම වම් කකුල පිටතට ගෙන වියළි තුවායකින් ඔතන්න. දකුණු කකුලටද එසේ කරන්න. ඉන්පසු ඔරේන්ජ් ස්ටික් එකකට පුළුන් දවටා දකුණු ක්‍යුටිකල් එක අතර පිරිසිදු කරන්න.

නිය කැපීම : නියපොත්ත සහ නියකණු අතර හිඩැස් නොතිබෙන ලෙස කපන්න. නේල්ක්ලියර් එක භාවිත කරමින් නිය කැබලි විසි නොවන ලෙස කපන්න. වම් කකුලේ සුළැඟිල්ලේ සිට දකුණු කකුලේ සුළැගිල්ලේ දක්වා කි්‍යුටිකල් ක්‍රීම් තවරන්න. ක්‍යුටිකල් ප්‍රෙෂර් එකෙන් ක්‍යුටිකල් එක ආපස්සට තල්ලු කරන්න.

ස්ක්‍රබ් කිරීම : මුලින්ම එක් කකුලක ස්ක්‍රබ් තවරා විනාඩි පහක් තබා රවුම් ආකාරයට අතැඟිලි මෙහෙයවමින් ස්ක්‍රබ් නෙත පුළුන් වලින් ඉවත් කරන්න. කකුල් දෙකම එලෙස ස්ක්‍රබ් කරන්න.

පැහැපත් කිරීම : මෙහිදී යොදනු ලබන පැක් එක වළලු කරට මඳක් ඉහළ සිට දෙපාවෙත ගල්වා මි. 20 ක් තබා තෙත පුළුන් වලින් ඉවත් කළ යුතුයි.

සම්භාහනය : නිවැරැදි සම්බාහනය කිරීම අවශ්‍යයි. මසාජ් ක්‍රීම් එක ආලේප කර අතේ ඇඟිලි වම් කකුලේ ඇඟිලි අතරින් දමා වමට සහ දකුණට තුන් වරක් බැගින් කරකවන්න. වළලුකර සිට පහළට මාපට ඇඟිල්ලෙන් කුඩා රවුම් ආකාරයට මසාජ් කරන්න. වම් සුළඟිල්ලේ සිට රවුමට කරකවා ඇඟිල්ල උඩට පහළට නවා ඉදිරියට අඳින්න. මාපට ඇඟිල්ල දක්වා කරන්න. මාපට ඇඟිල්ලෙන් යටි පතුල කුඩා රවුම් ලෙස විලුඹේ සිට ඇඟිල්ල දක්වා මසාජ් කරන්න. කකුලේ උඩ වළලු කරේ සිට ඇඟිලි දක්වා මාපට ඇඟිල්ලක් කුඩා රවුම් ලෙස මසාජ් කරන්න. ඉන්පසු ඇඟිලි සිට සොලවා යටි පතුල ඉහළ සිට පහළට සම්භාහනය කරන්න. මේ සියලු පියවර දකුණු කකුලටද කරන්න. තුවාය උණුසුම් වතුරෙන් පොඟවා මිරිකා දෙපා පිසදමා පිරිසුදු කරන්න මීළඟට අවශ්‍ය වර්ණයේ නිය ආලේපන ගෙන ක්‍රමවත්ව ගල්වන්න. පළමුව බේස් කෝඩ් නියමැදින් ආලේපකර දෙපස හැඩට ගෙන සිරස්ව ගාන්න.

දෙවනුව නිය ආලේපනය දෙවතාවක් බේස් කෝඩ් ලෙසට ආලේපනය කරන්න. ඉන්පසු ටොෂ් කෝඩ් ගාන්න. වම් කකුලේ සුළඟිල්ලේ සිට දකුණු ඇඟිල්ල දක්වා මේ ලෙසට ආලේපන ගල්වන්න. නිය වටේ ආලේප ගැවී ඇත්නම් ඉවත් කරන්න. ක්‍රමානුකූලව පෙඩික්‍යු එකක් සිදු කිරීමෙන් දෙපාවල ඇතිවන බොහෝමයක් ගැටලු වළක්වා ගත හැකි වන අතර දෙපාවල පිරිසුදු බව සහ ලස්සන පෙනුමද පවත්වා ගන්නට ඔබට හැකි වේවි. මේ ආකාරයෙන් ක්‍රමවත් ලෙස දෙපා සම්බාහනයෙන් දෙපාවලවේදනාව විඩාපත් බව මගහරවා ගන්නට හැකි වෙයි.

රූමත්කම ගැන සිතන විට කාන්තාවන් උනන්දු වන්නේ මුහුණ හා කෙස්වල සුන්දරත්වය පමණය. විශේෂයෙන් දෙපාවල අලංකාරය පිළිබඳ කාන්තාවන් දක්වන්නේ අඩු උනන්දුවකි. මේ නිසා මුහුණ ලස්සන වුවත් වැඩි දෙනකුගේ දෙපා දෙස බැලූ විට දිස්වන්නේ අවලස්සන පෙනුමකි. මින් පැහැදිලි වන්නේ තමන්ගේ රුව කෙරෙහි ඔවුන් දක්වන අඩු සැලකිල්ල. අප දිනපතා මුහුණ සෝදා පිරිසුදු කරන්න හා සේම දෙපා සහ දෙපාවල නිය පිරිසුදු කරගත යුතුයි. දෙපා කෙරෙහි සැලකිලිමත් වන විට දෙපාවල පවතින අපිරිසුදු පෙනුම දුර්වර්ණ බව ඉවත් වී පැහැපත් පෙනුමක් ගෙන දෙයි. අපේ ශරීරයේ බර දරා සිටින්නේ අපගේම දෙපාය. එමෙන්ම වැඩි වශයෙන් පරිසරය සමග ගැටෙන්නේද දෙපාය. මේ නිසා කුණු දූවිලි විෂබීජ ආදියට දෙපා නිරන්තරව නිරාවරණය වේ. එවන් දෙපා යුගළක් හොඳින් රැකබලා ගැත යුතුය. ශරීරයේ අනෙක් අංශයන්ට මෙන්ම දෙපාවලට ප්‍රමුඛතාවයක් දිය යුතුමය. දෙපා අවලස්සන ඇති කරන හේතු කාරණා රැසක් අපට හඳුනාගත හැකිය. වියළි දෙපා විලුඹ ප්‍රදේශය, පැලුණු දෙපා, නියපොතු නරක් වූ දෙපා, කොරල සහිත දෙපා ඝනව රෝම වැඩුණු දෙපා තුවාල කැළැල් සහිත දෙපා ආදි ලෙස හඳුනාගත හැකිය.

විශේෂයෙන්ම ඔබ කෙටි ඇඳුම් අඳින යුවතියක් නම් තමන්ගේ දෙපා පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. ඇතැම් යුවතියක් තම දෙපා පිළිබඳ සැලකිල්ලක් නොදක්වනවා පමණක් නොව ඒවා කැපී පෙනෙන සේ කෙටි ඇඳුම් ද අඳිති. එය නොදැනුවත්කම නොව නොසැලකිලිමත් කමයි.

තමන් කුමන කාර්යයක නියැළී සිටියත් තම දෙපා හොඳින් පිරිසුදුව පිළිවෙලට තබා ගැන්මට විශාල වියදමක් හෝ කාලය වැය වීමක් සිදුවන්නේ නැත.

උපදෙස් : සැලෝන් මීරා හි මිරැන්ඩා පෙරේරා

 

මංජුලා මල්කාන්ති

8135 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2015 දෙසැම්බර් 08, අඟහරුවාදා 11:16
අදහස් එක් කිරීමට ලොග් වෙන්න