රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2012 ජූලි 09, සඳුදා 08:21

දෙපා ලස්සන කරන ‘පෙඩික්‍යු’

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(10 මනාප)
‘පෙඩික්‍යු’ රූපලාවන්‍ය සත්කාර අතර මේ වචනය ඔබ නිතර අසා ඇති. මෙය ද රූපලාවන්‍යාගාරවල සිදුකෙරෙන විශේෂ සත්කාරයක් වශයෙන් සඳහන් කරන්නට පුළුවනි. මොකක්ද මේ පෙඩික්‍යු සත්කාරය?

Pedi ලතින් භාෂාවට අයත් වචනයක්. ඒ අනුව Pedi යනු ඉංගී‍්‍රසියෙන් Leg වන අතර cure යනු care හෙවත් ට්‍රීට්මන්ට් ලෙස හැඳින්වෙයි. එනම් පෙඩික්‍යු යනු දෙපා පිළිබඳ සැළකිලිමත් වීමයි.

රූපලාවන්‍යයේ දී මුහුණ මෙන්ම තම දෙපා ද පිරිසුදුව නීරෝගිමත්ව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වුවද ඇතැම් කාන්තාවන් තම මුහුණට දක්වන සැළකිල්ල තම දෙපා කෙරෙහි නිය කෙරෙහි නොදක්වන බව පෙනීයයි. කුණු දූවිලි ආදී අපද්‍රව්‍ය රැඳී දුර්වර්ණ වීමෙන් අපිරිසුදු වූ නිය, ඉරිගැසී පැලී කළු වූ විලුඹ, වියළි දෙපා කාන්තාවකගේ රුව ලස්සන මකා දමන හේතුවක්. එමෙන්ම තම දෙපා කෙරෙහි දක්වන අඩු අවධානය නොසැළකිලිමත්බව අන් අයට ප්‍රදර්ශනය වීමෙන් ඇයගේ ප්‍රතිරූපයට පවා හානියක් වන්නට පුළුවන.

දෙපා ලස්සන කරන මෙම පෙඩික්‍යු සත්කාරය සිදු කෙරෙන්නේ මොන ආකාරයෙන්ද? මෙවර ඒ පිළිබඳ විමසා බලමු. රූපලාවන්‍යාගාරයක් තුළ මෙම පෙඩික්‍යු සත්කාරය සිදුකරනවා නම් පහත සඳහන් දෑ සූදානම් කරගත යුතුයි.
  
පෙඩික්‍යු සෙට්
මසාජ් ක්‍රීම් එකක්
ස්ක්‍රබ්, කියුටිකල් ක්‍රීම්
පැක් එකක්, කියුටෙක්ස් රිමූවර්, ෆුට් ස්පා එකක් (නිය හා දෙපා සෝදන උපකරණය)
හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්
පුළුන්,මඳ උණුසුම් වතුර
තුවායක්

මෙහිදී පහසුවෙන් ගත හැකි පරිදි අවශ්‍ය උපකරණ සහ ආලේපන තබාගන්න.

මුලින්ම සේවාදායකයාට සුවපහසු ලෙස හිඳ ගැනීමට සැලැස්විය යුතුයි.

ෆුට් ස්පා එකට, මෘදු විසබීජ නාශකයක් සහ උණුසුම් වතුර දමා උපකරණය ක්‍රියාත්මක කරන්න. ඉන්පසු දෙපා එතුළට දමා එය ක්‍රියාත්මක කර මඳ වේලාවකට පසු ක්‍රියාවිරහිත කළ යුතුය. ඉන්පසු මුලින්ම වම් කකුල පිටතට ගෙන වියළි තුවායක් ඔතන්න. දකුණු කකුල ද එසේ කරන්න. ඉන්පසු ඔරේන්ජ් ස්ටික් එකකට පුළුන් දවටා නියදාර කියුටිකල් එක අතර පිරිසුදු කරන්න.

 * නිය කැපීම :

නිය කැපීමේ දී හොඳින් කැපිය යුතුයි. නියපොත්ත සහ නියකණු අතර හිඩැස් නොතිබෙන ලෙස කපන්න. නේල් ක්ලිපර් (Nail Clipper) එක භාවිත කරමින් නිය කැබලි විසි නොවන ලෙස කපන්න.

වම් කකුලේ සුලැඟිල්ලේ සිට දකුණු කකුලේ සුලැඟිල්ල දක්වා කියුටිකල් ක්‍රීම් තවරන්න. කියුටිකල් සුපර් එකෙන් කියුටිකල් එක ආපස්සට තල්ලු කරන්න. අවශ්‍ය නම් කියුටිකල් කතුර භාවිත කළ හැකියි.

* ස්ක්‍රබ් කිරීම :

මුලින්ම එක් කකුලක ස්ක්‍රබ් තවරා විනාඩි පහක් තබා රවුම් ආකාරයට ඇතැඟිලි මෙහෙයවමින් ස්ක්‍රබ් කරන්න. තෙත පුළුන් වලින් එය ඉවත් කරන්න. කකුල් දෙකම එලෙස ස්ක්‍රබ් කරන්න.

 *පැහැපත් කිරීම :

මෙහිදී යොදාගනු ලබන පැක් එක වළලුකරට මඳක් ඉහළ සිට දෙපා මත ගල්වා විනාඩි දහයක් තබා තෙත පුළුන්වලින් ඉවත් කළ යුතුයි.

 *සම්බාහනය :

නිවැරැදිව සම්බාහනය කිරීම අවශ්‍යයි. මසාජ් ක්‍රීම් එක ආලේපකර අතේ ඇඟිලි වම් කකුලේ ඇඟිලි අතරින් දමා වමට සහ දකුණට තුන්වරක් බැගින් කරකවන්න. වළලුකර සිට පහළට මහපට ඇඟිල්ලෙන් කුඩා රවුම් ආකාරයට මසාජ් කරන්න. වම් සුලැඟිල්ලේ සිට රවුමට කරකවා ඇඟිල්ල උඩට හා පහළට නමා ඉදිරියට අදින්න. මහපට ඇඟිල්ල දක්වා කරන්න.මහපට ඇඟිල්ලෙන් යටි පතුල කුඩා රවුම් ලෙස විළුඹේ සිට ඇඟිලි දක්වා මසාජ් කරන්න.

කකුලේ උඩ වළළුකරේ සිට ඇඟිලි දක්වා මහපට ඇඟිල්ලෙන් කුඩා රවුම් ලෙස මසාජ් කරන්න.

ඉන්පසු ඇඟිලි මිට මොළවා යටි පතුල ඉහළ සිට පහළට සම්බාහනය කරන්න.

මේ සියලු පියවර දකුණට ද කරන්න.

තුවාය උණුසුම් වතුරෙන් පොඟවා මිරිකා දෙපා පිසදමා පිරිසුදු කරන්න. ඉන්පසු දෙපා ඇඟිලි අතරින් ඇඟිලි ඈත්වීමට දමන උපකරණය (ඊධඥ ඉඥනඥපචබධප) දමන්න. ඊළඟට අවශ්‍ය වර්ණයේ නිය ආලේපනය ගෙන ක්‍රමවත්ව ගල්වන්න.

පළමුව බේස්කෝඩ් එක නිය මැදින් ආලේප කර දෙපස හැඩට ගෙන සිරස්ව ගාන්න. දෙවනුව නිය ආලේපනය දෙවතාවක් බේස් කෝඩ් ලෙසට ආලේප කරන්න. ඉන්පසු ටොප් කෝඩ් ගාන්න. වම් කකුලේ සුලැඟිල්ලේ සිට දකුණු සුලැඟිල්ල දක්වා මෙලෙසට ආලේප ගල්වන්න. නිය වටේ ආලේප තැවරී ඇත්නම් එය ඉවත් කරන්න.

ක්‍රමානුකූලව පෙඩික්‍යු එකක් සිදු කිරීමෙන් දෙපාවල ඇතිවන බොහොමයක් ගැටලු වළක්වා ගත හැකිවන අතර දෙපාවල පිරිසුදු බව සහ ලස්සන පෙනුම ද පවත්වා ගන්නට ඔබට හැකිවේවි. මේ ආකාරයෙන් ක්‍රමවත් ලෙස දෙපා සම්බාහනයෙන් දෙපා වල වේදනාව විඩාපත් බව මඟහරවා ගන්නට ද හැකිවෙයි.

උපදෙස්
ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී
නීශා මනහරී

12654 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2012 ජූලි 09, සඳුදා 08:24
අදහස් එක් කිරීමට ලොග් වෙන්න