රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2016 අගෝස්තු 23, අඟහරුවාදා 10:25

ක්‍රිෂ්ණමූර්තියෙන් ජීවිතාලෝකය

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(1 මනාපය)
 ශ්‍රීපාලි අවුරුදු 50 ක් වන කාන්තාවක්. මේ වනවිට ඇය හත්වැනි වරටත් විවාහ වී සිටින බව ඇසුවොත් එසේ වූවේ කෙලෙසද යන්න ඔබට සිතේවි. ඇය විවාහ වන හැම වරකම සැමියන්ගේ අභාවය නිසා ඇයට යුගදිවි සැප අහිමි වුණා.

 

තම ජීවිතයට එවන් ඉරණමක් අත්වන බව ඇය සිහිනෙකින් හෝ නොසිතුවත් ඇයට උරුම වූවේ වරක් නොව කිහිප වරක්ම එම තනිකමට නතුවන්නටයි. ඒ ආකාරයෙන් ශ්‍රීපාලිට විවාහ සැප අහිමිවුණේ ඇයි....?

ඇයගේ කේන්දරය පරීක්ෂාවට ලක්කිරීමේදී එයට හේතු පාදක වූ ග්‍රහ තත්ත්වය පිහිටා තිබුණේ මේ ආකාරයටයි.

මෙම කාන්තාවගේ දළ කේන්දරය ගත්විට කුජ හයවැන්නේත් ශනි හත් වැන්නේත් පිහිටා තිබෙනවා. එහෙත් බැලූ බැල්මට මෙහි ශනි මංගල යෝගයක් ඇති බවක් දක්නට නෑ. නමුත් උප්පත්ති වෙලාව නියමාකාරයෙන් භාවමය වශයෙන් ගත් කල ගුජ ශනි හත් වැන්නේ පිහිටන අතර උපස්ථානය කුජටත් සෙනසුරුටත් අයත්වෙනවා.

ඇගේ පළමු, දෙවැනි, තෙවැනි හා සිව්වැනි විවාහවල ස්වාමි පුරුෂයන් මියගොස් තිබුණා. ඉන්පසු වයස අවුරුදු හතළිහ සම්පූර්ණවත්ම ඇය විදේශගතවූ අතර එහිදී විවාහ දෙකක් සිදුවී එම විවාහයන්ද අසාර්ථක වීමෙන් ඇයට යළි යළිත් ජීවිතයේ අවාසනාවන්ත කාල පරිච්ඡේදයන්ට මුහුණ පෑමට සිදුවුණා. ඇයගේ දෙවැනි විවාහයෙන් ලද දරුවාද මන්දබුද්ධික දරුවකු වී ඇති අතර දැනට ඔහුගේ වයස අවුරුදු 21 කි.

කුජ ශනි හිටියොත් හතේ අඳුරුයි යුග ජීවිතේ” යැයි පැවසූ විට ඇය පුදුමයට පත්වූවේ එහි ප්‍රතිඵල ඒ වනවිටත් ඇයට අත්විඳින්නට සිදුවී තිබුණ නිසයි. වයස අවුරුදු 50 වන තෙක්ම ඇය භාවිතකර තිබුණේ නිවැරැදි ජන්ම පත්‍රය නොවේ. භාවමය වශයෙන් නිවැරැදි කේන්දරයක් සාදා ඇයගේ සම්පූර්ණ ජීවිත කතාව ඒ ඔස්සේ ප්‍රකාශ වුණා. ඇය හත්වැනි වරටත් නැවත අවුරුදු පනහේදී විවාහ විය. ඒ එවැනිම විවාහ ජීවිතය අසාර්ථක වූ ශනි මංගල යෝගය සහිත ජන්මියකු සමඟයි. මෙම විවාහයෙන් පසු ඔවුන් දෙදෙනා ඉතාමත් සතුටින් සාමයෙන් යුග දිවිය ගත කරන බව පැවසුවේ ඉමහත් සතුටකින්.

ශනි මංගල යෝගය නිර්මාණය වන්නේ ජන්මපත්‍රයේ කුජ හා සෙනසුරුගේ පිහිටීම අනුවයි. සාම්ප්‍රදායිකව කුජ ශනි හත්වැන්නේ සිටීම ශනි මංගල යෝගය ලෙස සැලකුවද ජන්ම පත්‍රයේ ඕනෑම ස්ථානයක කුජ ශනි එකට පිහිටා හෝ දෙදෙනාම දෙදෙනාගේ දෘෂ්ඨියට ලක්ව පිහිටීමෙන්ද ඔවුන් දෙදෙනාගේ උපස්ථාවල පිහිටි ග්‍රහයෝ විවාහක ස්ථානයට නිවේදකත්වය සැපයීමෙන්ද ශනි මංගල යෝගය නිර්මාණය වෙයි. ශනි මංගල යෝගයේ භයානක තත්ත්වය වන්නේ කාන්තාවකට පිරිමියකු සමඟ හා පිරිමියකුට කාන්තාවක හා සමඟ එක්ව ගෙවන ලිංගික ජීවිතය විවාහ සැප හා ආදරය අහිමි කිරීමයි.

කුජ ශනි එකම රාශියක සිටි පමණින්ම ශනි මංගල යෝගය ක්‍රියාත්මක නොවෙයි. එය ප්‍රබල ලෙස ක්‍රියාත්මක වීමට ගුරු ග්‍රහයා ජන්ම පත්‍රයේ පිහිටි ස්ථානයත් කේතු හා රාහු දෙදෙනාගේ පිහිටීමත් ඉතා වැදගත් වෙයි. මෙවන් ගැටලු දෝෂ ආදිය ඇතිවිට පත්තිනි දෙවියන් වෙනුවෙන් විශේෂයෙන් භාරහාර වීම, විවාහ ආකර්ශන යන්ත්‍ර මෙන්ම ගෙවනා දශාවේ අයහපත් ග්‍රහයන්ගේ අපල දුරු කරන ග්‍රහ යන්ත්‍ර පැලදීම, සෙත්කවි කීම ආදියෙන් විවාහය ආලෝකවත් කරගැනීමට හැකිවෙයි.

අද විවාහ කඩාකප්පල් වීමට ප්‍රධානතම හේතුව වන්නේ පොරොන්දම් පරීක්ෂාව මත පමණක් පදනම්ව විවාහය සිදුකිරීමයි. අප කලින් සඳහන් කළ ශ්‍රීපාලිගේ අසාර්ථක වූ පළමු විවාහ හතරේම පොරොන්දම් 80% කට වඩා ගැළපෙන තත්ත්වයක තිබුණු බව පැවසුවොත් එය ඔබේ පුදුමයට හේතුවක් වේවි.

දෙදෙනෙකුගේ ඉරණම තීරණය කරන්නා වූ බොහෝ දියුණු ශාස්ත්‍රයක් ක්‍රිෂ්ණ මූර්ති පද්ධතිය තුළ ඇති අතර ඉන් නිවැරැදි විවාහ දෝෂ හඳුනාගෙන විවාහ ප්‍රමාදය මෙන්ම විවාහය කඩාකප්පල්වීම වැනි ගැටලු දුරලා ගැන්මටද හැකියාව ඇත.

  පදෙස් - ඉන්දීයක්‍රිෂ්ණමූර්ති

ඡ්‍යෝතිෂවේදී හා වාස්තු විද්‍යා උපදේශක

බිසර චානක්‍ය මානගේ

0714166166

5289 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 අගෝස්තු 23, අඟහරුවාදා 10:31
අදහස් එක් කිරීමට ලොග් වෙන්න