තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2016 අගෝස්තු 23, අඟහරුවාදා 10:38

දුවට පුතාට ප්‍රොපෝසල් එකක් බලනවද? සස යෝගය ඇත්නම් යසයි විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(3 මනාප)
 කේන්දරයේ යෙදෙන ග්‍රහ යෝග අතරින් ඉතාමත් ප්‍රබල ග්‍රහ යෝග ලෙස සැලකෙන පංච මහා පුරුෂ යෝග ගැනයි අප මෙලෙසින් ඔබව දැනුවත් කරන්නේ. මෙවන් යෝග ඉතාමත් ප්‍රබල ආකාරයෙන් යෙදෙනවා නම් එම ජන්මීන්ට සුබ ප්‍රතිඵල අධිකව ගෙනදෙන අතර ඔවුන් ඉතාමත් උසස් තත්ත්වයකට පත්වීමේ වාසනාවද හිමිවනවා.

 

 

පංච මහා පුරුෂ යෝගයන් අතරින් ඉතාමත් ප්‍රබල යෝගයක් වන සස යෝගය ගැන ඔබ අසා ඇති. සස යෝගය ඔබේ කේන්දරයේ තිබෙනවා නම් එය ඔබට බලපාන්නේ මොන ආකාරයෙන්ද යන්න ගැන අද විමසා බලමු.

සස යෝගය ඉතාමත් ප්‍රබල යෝගයක්. සෙනසුරු ග්‍රහයා යම් පුද්ගලයකුගේ කේන්දරයක 1 - 4 - 7 - 10 කියන ස්ථානයක ස්වක්ෂේත්‍ර හෝ මූල ත්‍රිකෝණව නැත්නම් උච්ච ස්ථානයක බලවත් වී සිටියහොත් එම පුද්ගලයාට සස කියන පංච මහා පුරුෂ යෝගය යෙදෙනවා. යම් ස්ත්‍රියකගේ හෝ පුරුෂයකුගේ කේන්දරයේ ශනි හතේ සිටිනවා නම් විවාහයේදී ඔවුන් බියට පත්වන අවස්ථා දක්නට ලැබෙනවා.

කුජ ශනි එක්ව සිටීම අප ඡ්‍යොතිෂයේදී හඳුන්වන්නේ සංසාරගත විවාහ දෝෂයක් හැටියටයි. ශනි මංගල යෝගය උදාවන්නේ කුජ ශනි එකට එකතුවීමෙන්. නමුත් මෙම ශනි මංගල යෝගයට කැපෙන කේන්දරයක් ගෙන එය නිවැරැදිව ගළපාගෙන යුවළක් විවාහ වුණොත් ඒ දෙදෙනා ඉතාම සතුටින් විවාහ ජීවිතය ගතකරන යුවළක් වනවා.

සස කියන පංච මහා පුරුෂ යෝගයේ වටිනාකමක් තිබෙන්නේ ශනි කුජත් සමඟ යෝග වී ශනි මංගල යෝගයක් යෙදෙන නිසයි. ශනි හතේ සිටින අයකුගේ 1 - 4 - 7 - 10 වී ස්වක්ෂේත්‍රව මූල ත්‍රිකෝණව හෝ උච්ච රාශියක් වී හතේ සිටියත් එම පුද්ගලයාට සස කියන පංච මහා පුරුෂ යෝගය යෙදෙනවා.

මෙතනදී වැදගත් වන්නේ යම් කෙනෙක්ගේ කේන්දරයක හත්වැන්නේ සෙනසුරු සිටියොත් එම පුද්ගලයාට ඕනෑම දෙයකට ඔරොත්තුදීමේ ශක්තියක් ලැබෙන නිසයි. අර විවාහක අඹුසැමියන් ගැන කතා කළොත් රණ්ඩු දබර නොවන යුවළක් සොයාගත නොහැකි තරම්. සමහරවිට සුළුවෙන් ඇරඹෙන ආරවුල් කෙළවර වන්නේ වඩාත් දුරදිග යාමෙන්.

උදා:- ස්ත්‍රී කේන්දරයක ශනි හතේ සිටීම ගතහොත් ශනි හත්වැන්නේ දික්බලයි.

දික්බලයි කියන්නේ ශනිගේ බලය තවත් වැඩිවීමයි. මෙහිදී සස යෝගයෙන් ඉපදෙන ස්ත්‍රිය පුරුෂයා විසින් තලා පෙලා පීඩාවට පත්කිරීමට උත්සාහ කරනවා.

නමුත් ඇය ඒ සියල්ල ඉවසා දරා සිටින අවස්ථා අනන්ත අප්‍රමාණ වන්න පුළුවන්.

කෙතරම් දුක් පීඩා ආවත් තම පවුල රැකගෙන සිටිය යුතුය යන මතයේ සිටින අයෙක්. පුරුෂ කේන්දරයක සෙනසුරු හතේ සිටීමත් දික්බලයි.

එවන් අය තම පවුල් ජීවිතය පවත්වාගෙන යාමට මහත් වූ උත්සාහයක් කැපකිරීමක් කරන අයයි. නමුත් එසේ නොවන අවස්ථාවන් ද තිබෙන්නට පුළුවන්. 99% ක් පවුල් ජීවිත රැකගෙන සිටියත් ඉන් එක් අයෙක් හෝ වෙනස් විය හැකියි. අප දැන් විමසා බැලුවේ සස යෝගය විවාහ ජීවිතයට බලපාන ආකාරයයි.

සස යෝගය ගැන කතා කිරීමේදී දේශපාලනය ගැනත් මෙහි විමසුමට ලක්කළ හැකියි.

එයට හේතුව මෙම සස යෝගය උප්පත්ති කේන්දරයේ සුළු හෝ රාජ යෝග සහිතව යෙදී තිබුණොත් රාජ්‍ය නායකයකු ඇමතිවරයකු වැනි දේශපාලනයේ ප්‍රබල පුද්ගලයකු බවට පත්කරලීමේ ඇති හැකියාවයි. තම මවට දැඩිසේ ආදරය දැක්වීම මෙම සස යෝගය ඇති අය තුළින් දැකිය හැකි විශේෂ ලක්ෂණයක්. පීඩිත පන්තිය කෙරෙහි කරුණාව ළැදියාව මොවුන් තුළ තිබෙනවා. මාහට මතක ඇති පරිදි දිවංගත ජනාධිපති ප්‍රේමදාස මැතිතුමාගේත්, ලලිත් ඇතුලත්මුදලි මැතිතුමාගේත් කේන්දරවල මෙම සස යෝගය පැවැතුණා. ප්‍රබල චරිත හිමි වැඩි දෙනකුගේ කේන්දරවල මෙම සස යෝගය අපට දක්නට ලැබෙනවා. ප්‍රතාපවත් බවෙන් අඩුවක් නොවන රට දැය වෙනුවෙන් උපරිම සේවයක් කළයුතු බව සිතන පෙරළිකාර චරිත බවට පත්වන ප්‍රසිද්ධියට පත්වන වාසනාවන්ත කේන්දර හිමි අය මා දැක තිබෙනවා.

මෙම සස යෝගයෙන් කිසියම් අයෙක් උපත ලැබුවොත් ඔවුන් කුඩාකල සිටම භාග්‍යවන්තයෙක් කියලා කියන්නට පුළුවන්. ඔවුන් තුළ නොසැලෙන අධිෂ්ඨානයක් අප්‍රමාණ ධෛර්යයක් වගේම නොබියව ඉදිරියට යාමේ ශක්තියක් තිබෙනවා.

තමන්ගේ දරුවාට මේ සස යෝගය කියන පංච මහා පුරුෂ යෝගය යෙදුණොත් ඔවුන්ගේ අම්මට තාත්තට මහත් වූ විශ්වාසයක් මෙම දරුවා සම්බන්ධයෙන් ගොඩනගා ගන්නට පුළුවන්. මගේ පුතත් කවදා හෝ රජෙක් වේවි කියා. එවන් දරුවන් උසස් අධ්‍යාපනය සඳහා දේශපාලන විද්‍යාව කෙරෙහි යොමු කළහොත් නියත වශයෙන්ම ඒ ඔස්සේ දරුවා පෙරට යනු නිසැකයි.

මෙම යෝගය ඇති අය වනාන්තර ප්‍රදේශවල කඳු ආශ්‍රිත භූමි ප්‍රදේශවල සැරිසැරීමට වාසය කිරීමට වැඩි කැමැත්තක් දක්වන අයයි. ඇතැම් විට මෙවන් ප්‍රදේශ මිලට ගෙන සංචාරක හෝටල්, නිවාඩු නිකේතන වැනි ආයතන පවත්වාගෙන යාමට කැමැති අය විය හැකියි.

දැන් ඔබට වැටහෙන්නට ඇති ඔබටත් මෙම සස කියන පංච මහා පුරුෂ යෝගය යෙදුණොත් ඔබ මොන වගේ කෙනෙක් වේවිද? ඔබගේ අනාගත ගමන් මඟ කෙසේ වේවිද කියා.

සස කියන පංච මහා පුරුෂ යෝගය ඉතාමත් වටිනා යෝගයක්. එම නිසයි මෙම යෝගය හිමි තැනැත්තා භාග්‍යවන්තයකු ලෙස අප ප්‍රකාශ කළේ.

ඇතැම් කේන්දරවල රාජ යෝග, ධන යෝග, නිර්ධන යෝග,

 

 ඥාන යෝග, ශ්‍රමන යෝග, වැන්දඹු යෝග, කණවැන්දුම් යෝග ආදී යෝග බොහෝමයක් දක්නට ලැබෙනවා. නමුත් මේ පංච මහා පුරුෂ කියන යෝග පහ තුළ විශේෂත්වයක්, වටිනාකමක් ගැබ්වෙලා තියෙන බව පැවසිය හැකියි. ලග්නයෙන් ලග්නයට සෙනසුරුගෙන් ලැබෙන සස යෝගය බලපාන්නේ කෙලෙසද කියා අප ලබන සතියේ විමසා බලමු.

 

උපදෙස්- ආචාර්ය බී. මංජුල පීරිස්

(විශ්ව කීර්ති, ඡ්‍යොතිෂ විශාරද දේශමාන්‍ය)

0113153323

0112658811

5911 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 අගෝස්තු 23, අඟහරුවාදා 10:41
අදහස් එක් කිරීමට ලොග් වෙන්න