තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2016 ඔක්තෝබර් 04, අඟහරුවාදා 12:42

ලස්සන දෑතක ඇත්තම රහස.. විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(0 මනාප)
මැනික්‍යූ කිරීම

 

 

 

උපදෙස් - සම්මාන මහාචාර්ය

රමණී අර්සකුලරත්න

  මුහුණ කොතරම් ලස්සන වුණත් එය පමණක් කාන්තාවකට ප්‍රමාණවත් නෑ. මුහුණේ ඇති සුන්දරත්වය දෑතට ද එක් විය යුතුමයි.

 කාන්තා දෑතකින් කෙරෙන කාර්යයන් ප්‍රමාණය මෙපමණකැයි කියන්න බැහැ. ඒ නිසාම දෑත්වල විඩාපත්, වියළි පෙනුමක් ගෙන ඒම ස්වාභාවිකයි. එහෙම වුණත් නිසි ලෙස මැනික්‍යූ එකක් කිරීමෙන් සොඳුරු දෑතකට හිමිකම් කියන්න පුළුවන්.

කාන්තාවන් රූපලාවණ්‍යාගාරයකින් බලාපොරොත්තු වෙන්නේ මුහුණ සකසා ගැනීම පමණක් නෙවෙයි. ඒ නිසයි ඔබ මේ විෂය පිළිබඳත් මනා දැනුමකින් සිටිය යුත්තේ.

එහෙම නම් අපි අද ඒ ගැන ඉගෙන ගනිමු.

“මැනික්‍යූ” යන්න ලතින් භාෂාවෙන් දෑත අලංකාරව තබා ගැනීම සඳහා යෙදුණු නාමයකි. මෙහිදී දෑත සහ දෑතේ ඇඟිලි මනාව රැක බලා ගැනීම, පවත්වාගෙන යාම සහ ඒවා සඳහා විශේෂ සැලකිල්ලක් ලබා දීමෙන් ආරක්ෂා කරගැනීම සිදු වේ. එමඟින් දෑතේ පෙනුම වර්ධනය වේ.

රූපලාවණ්‍යාගාරයකට වැඩි ආදායමක් ලැබෙන විශේෂ සේවයක් ලෙස ද මෙය හැඳින්විය හැකියි. ලංකාවේ මැනික්‍යූ සඳහා පමණක් වෙනම රූපලාවණ්‍යාගාර එතරම් ම නොවූවත් වෙනත් රටවල එම සේවය සැපයීම සඳහා පමණක් පවත්වාගෙන යන රූපලාවණ්‍යාගාර පවතින අතර මේවා උදේ සිට සවස් කාලය දක්වාම සමහර විට මධ්‍යම රාත්‍රිය දක්වාම සේවාදායකයන්ගෙන් පිරී පවතී. ඒ තරමට ම දෑතේ අලංකාරය ගැන ගැහැනු පිරිමි භේදයකින් තොරව ඔවුන් උනන්දු වේ.

මැනික්‍යූ සේවාව සපයන්නකු තුළ දෑතේ සම, නිය, නිය ව්‍යූහය ගැන මනා අවබෝධයක් තිබිය යුතුය. එමෙන්ම මැනික්‍යූ සේවාව සඳහා අවශ්‍ය උපකරණ මෙවලම් සහ විවිධ නිෂ්පාදිත සහ ආලේපන ද්‍රව්‍ය ගැන ද හසල දැනුමක් ඇති අයකු විය යුතු වේ.

ක්‍රමානුකූලව මැනික්‍යූ සේවාවක් සැපයීමේ විධිමත් අධ්‍යාපනයක් තිබීම සහ කාර්යක්ෂමව සේවාව සැපයීමට හැකියාවක් තිබීමත් මැනික්‍යූ සේවාව සපයන කෙනකු තුළ තිබිය යුතු උසස් තත්ත්වයකි.

දෑතේ සමේ හෝ නියපොතුවල ඇති රෝගී තත්ත්වයන් හොඳින් හඳුනාගෙන මැනික්‍යූ සේවාවට සුදුසු නම් පමණක් තෝරා බේරාගෙන එය කිරීමේ හැකියාව ද මෙම සේවයට සම්බන්ධ වන අයට තිබිය යුතු ගුණාංගයකි.

මැනික්‍යූ කිරීමේ දී කුඩා උපකරණ, ආම්පන්න භාවිතයේ දී සුළුවෙන් හෝ සමට හානි වීමට ඇති හැකියාවක් තිබෙන නිසා වඩා පරෙස්සමින් එය කළ යුතුය. නිය හා සම්බන්ධව ද මෙහිදී සේවය සලසන නිසා බැක්ටීරියා රෝග බීජ ගැන හසල දැනුමක්ද රූපලාවණ්‍ය ශිල්පියා තුළ තිබිය යුතුය. එමෙන්ම අප මුල් පාඩම්වල දී හඳුන්වා දුන් ජීවාණුහරණය සහ විසබීජ පාලනය යන කරුණු කාරණා නිසි ලෙස භාවිතකර මැනික්‍යූ සඳහා භාවිත කරනු ලබන උපකරණ ආම්පන්න මනාව පිරිසුදු කිරීම ද අත්‍යවශ්‍යය.

ක්‍රමානුකූලව මැනික්‍යූ සේවාවක් සපයනවා නම් ඔබේ රූපලාවණ්‍යාගාරය තුළ ඒ සඳහා වෙනම ඉඩකඩක් වෙන් කරගෙන එම කොටස මනාව සකස්කර ගන්න. මැනික්‍යූ කිරීමට අවශ්‍ය මේසය අඩි තුනක් දිග සහ අඩි 1 1/2 ක් පළල විය යුතු අතර සේවාදායකයාට සහ සේවය සපයන්නාට පහසුවෙන් අසුන් ගැනීමට හැකි ආකාරයේ ආසන දෙකක් අවශ්‍ය වේ.

මැනික්‍යූ සේවාවට අවශ්‍ය සියලුම බඩු භාණ්ඩ පහසුවෙන් ලබා ගත හැකි ලෙස අසුරා තැබීමට සුදුසු රාක්ක, කබඩ් වර්ග ද ක්‍රමානුකූලව නිමවා තැබීම වඩා සුදුසු වේ. මේ සඳහා අවශ්‍ය ජලය ලබා ගැනීමට පහසුවන ලෙස ඒ අසලින් ම සින්ක් එකක් ද සවිකර තිබීම ප්‍රයෝජනවත් වන දෙයකි.

මීළඟ පාඩමෙන් මැනික්‍යූ කිරීමට අවශ්‍ය උපකරණ සහ ක්‍රමානුකූලව එය කරන අයුරු ඉගෙන ගනිමු.

4308 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 ඔක්තෝබර් 04, අඟහරුවාදා 12:44
අදහස් එක් කිරීමට ලොග් වෙන්න